zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නෙප්චූන් සතු ව ඇති නව උපග්‍රහයන් දෙදෙනෙකු සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

නෙප්චූන් වටා කක්ෂගත ව පවතින, මෙතෙක් හඳුනා ගෙන නො සිටි චන්ද්‍රයන් දෙදනෙකු සහ යුරේනස් වටා කක්ෂගත නව චන්ද්‍රෙයකු සොයා ගැනීමට ග්‍රහ විද්‍යාඥයන් සමත් ව සිිටිනවා. පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර බිලියන තුනක දුරකින් ඇති මෙම උපග්‍රහයන් දෙදෙනා නිරීක්ෂණය කර තිබෙන්නේ චිලීහි සහ හවායිහි ස්ථානගත කර ඇති බලසම්පන්න දුරේක්ෂවල ආධාරයෙන් බව ජාත්‍යන්තර තාරකා විද්‍යා සංසදයේ උපග්‍රහයන් පිළිබඳ මධ්‍යස්ථානය (International Astronomical Union’s Minor Planet Center) නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම නව සොයා ගැනීමත් සමගින් නෙප්චූන් සතු මුළු චන්ද්‍රයන් සංඛ්‍යාව 16 දක්වාත්, යුරේනස් සතු මුළු චන්ද්‍රයන් සංඛ්‍යාව 28 දක්වාත් ඉහළ යනවා.

වොශිංටනයේ Carnegie Institution for Scienceහි තාරකා විද්‍යාඥ ස්කොට් ශෙපර්ඩ් (Scott Sheppard) සඳහන් කරන පරිදි මෙලෙස සොයාගත් නෙප්චූන්ගේ චන්ද්‍රයකු මෙතෙක් හඳුනාගෙන ඇති චන්ද්‍රයන් අතුරින් සිය මව් ග්‍රහයා වටා පරිභ්‍රමණය වීමට වසර 27ක කාලයක් ගත කරන බව ගණනය කර තිබෙනවා. එය මුළු සෞරග්‍රහ මණ්ඩලය තුළ ම උපග්‍රහයෙකු සිය මව් ග්‍රහයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට ගත කරන වැඩි ම කාලයයි.

එසේ ම යුරේනස් වටා පරිභ්‍රමණය වන බවට සොයාගත් නව උපග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලය තුළින් මෙතෙක් සොයා ගෙන ඇති කුඩා ම චන්ද්‍රයා ද වන්නට ඉඩ තිබෙන බව උපකල්පනය කෙරෙනවා. එය සතු විශ්කම්භය කිලෝමීටර 8ක්. නො එසේ නම් සැතපුම් 5ක්.

“තවමත් සොයාගෙන නොමැති කුඩා චන්ද්‍රයන් බොහෝ තිබෙන්නට ඉඩ තිබෙන බවට අපි සැක කරනවා.” ශෙපර්ඩ් සඳහන් කරනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!