zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මුහුදේ විසූ ‘චීන මකරා’

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම ෆොසිලයට ‘චීන මකරා’ ලෙස සුරතල් නාමයක් පටබැඳී තිබෙනවා. මෙම උරගයා මධ්‍ය ත්‍රියාසික යුගයේ, වර්තමානයේ චීනය සහ යුරෝපය අවට ඇති සාගර කලාපවල වාසය කර ඇති බවට සැලකෙනවා.

මෙසේ ‘මකර’ නාමයක් ආරෝපණය වන්නට හේතුව වී තිබෙන්නේ එය සතු දිගු සර්පයෙකුගේ වන් පෙනුමයි. එසේ ම එය සොයාගෙන තිබෙන්නේ ද චීනයෙන්.

උරගයා වක ගැසුණු ඉරියව්වකින් ෆොසිලගත වී සිටියත් සිදු කළ මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇති පරිදි ඉදිරි අන්තයේ සිට වල්ගාන්තය දක්වා මීටර පහක දිගකින් යුක්ත බව සොයාගෙන තිබෙනවා. ෆොසිලයේ උදරයට ආසන්නව උරගයා විසින් ගොදුර කරගන්නට ඇතැ යි සැලකෙන මතස්‍යයෙකුගේ සංරක්ෂණය වී තිබූ ඇටකටු කිහිපයක් ද සොයාගැනීමට හැකි වීම විශේෂත්වයක්. ඉන් මෙම උරගයා ජලජ විලෝපිකයෙකු බව උපකල්පනය කළ හැකියි.

විද්‍යාත්මක ව Dinocephalosaurus orientalis ලෙස හැඳින්වෙන මේ උරගයාගේ ෆොසිලයේ, දිගු ගෙලෙහි තිබී විද්‍යාඥයන් ගණනය කර ඇති කොඳු ඇට පුරුක් ගණන 32ක්. ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ භාරකාර නික් ‌ෆ්‍රේසර් (Nick Fraser) BBC පුවත් වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ මේ නිදර්ශකය ‘අතිශයෙන් අමුතු සතෙකු’ගේ බවයි.

සසඳා බැලීිමක දී බොහෝ ක්ෂිරපායී සතුන් සතු ව පවතින්නේ කොඳු ඇට පුරුක් 7 කින් යුතු අස්ථි පස්ධතියක්. brachiosaurus ලෙස හැඳින්වෙන දිගු ගෙල නිසා ම ජනප්‍රියත්වයට පත් ඩයිනෝසෝරයාට පවා තිබී ඇත්තේ කොඳු ඇට පුරුක් 13ක් පමණයි.

Dinocephalosaurus orientalis තවත් එවැනි ම ආකාරයේ සාගර වාසී උරගයෙකු වූ Tanystropheus hydroidesට සමානකම් දක්වන බව පෙනී යන බව විද්‍යාඥයන් සඳහන් කරනවා. කෙසේ නමුත් සුවිශේෂ වූ කොඳු ඇට පෙළක් සහිත වීම සහ සර්පයෙකුගේ පෙනුමට ඇති සමාන බව නිසා ම D.orientalis අද්විතීය ජීවියෙකු බවයි විද්‍යාඥයන් පවසන්නේ.

Daily Mail ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!