zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අඩසියවසකට පසු සඳ මත නැවතත් ලෝක බලවතා සිට ගනී...

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Intuitive Machines සමාගම IM-1 මෙහෙයුම ඔස්සේ දියත් කළ Odysseus (ඔඩීසියස්) චන්ද්‍ර ලෑන්ඩරය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 04.54ට පමණ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කිරීමට සමත් වුණා. ඒ පෞද්ගලික වාණිජ්‍යමය සමාගමක් මඟින් සැලසුම් කරන ලදු ව සඳ මතට සාර්ථකව ගොඩබැසීමට සමත් වූ පළමු වැනි යානාව බවට වාර්තාවක් ද තබමින්. ඇමරිකානු යානයක් මෙසේ සඳ මතට ගොඩබස්වනු ලැබුණේ අඩසියවසක කාලයකට පසු ව වීම ද සුවිශේෂත්වයක්. ඔඩීසියස්ගේ ගොඩබැසුම් ස්ථානය වන්නේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයෙන් ඇති Malapert A නමින් හැඳින්වෙන උල්කා ඝට්ටනයකින් නිර්මාණය වී ඇති ආවාටයක් මායිම් කරගත් ප්‍රෙද්ශයක්.

චන්ද්‍ර කක්ෂයේ සිට පහළට ගමන ඇරඹීමට මත්තෙන් Intuitive Machines සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔඩීසියස් චන්ද්‍ර ලෑන්ඩරයේ ගොඩබැසීමේ ක්‍රියාවලිය සඳහා අතිශය වැදගත් වන යාත්‍රණ උපකරණයක් යථා පරිදි ක්‍රියා නො කරන බවයි. වාසනාවකට මෙන් එහි වූ අයබර සමඟ ක්‍රියා නො කරන පද්ධතියට විකල්පයක් ලෙස භාවිත කළ හැකි, NASA ආයතනයේ අත්හදා බැලෙන උපාංගයක් වන Navigation Doppler Lidar යන්ත්‍රයක් ද තිබූයෙන් එහි උපකාරය ලබා ගැනීමට හැකි වී තිබුණා.

මඳ නිහැඬියාවකට පසු ගොඩබැසීම තහවුරු කරමින්, Intuitive Machines සමාගම නිවේදනය කළේ සිය චන්ද්‍ර ලෑන්ඩරය ‘හරි සිරසට ගොඩබා ඇති බව’ සහ ‘දත්ත පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කිරීමට සූදානමින් සිටින’ බවයි. මෙවැනි හරි කෙළින් සිදු වූ ගොඩබැසීමක් ඕනෑ ම මෙහෙයුමක දී අතිශය වැදගත් වන අතර නිසැක වශයෙන් ම, සූර්ය පැනල නියමිත දිශාවට එල්ල නො වන පරිදි ආනත ව ගොඩබැසීමක් සිදු කළ ජපානයේ SLIM ලෑන්ඩරයට වඩා හොඳ තත්ත්වයකින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

Intuitive Machines නිල X (පෙර Twitter) පිටුවේ සඳහන් කර ඇති පරිදි මේ වන විට ඔවුන් කටයුතු කරමින් සිටින්නේ ඔඩීසියස් චන්ද්‍ර පෘශ්ඨයේ සිට එවන මුල් ම ඡායාරූප කිහිපය ලබා ගැනීමටයි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!