zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

​බිළාලයන් මිනිස් කටහඬ වෙන් වෙන් ව හඳුනන බව හෙළි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

නිවසේ ඇති කරන පූසන් බොහෝ විට සිය ස්වාමියාට ඇති ඇල්ම ප්‍රකාශ කරන්නේ සුරතල් සුනඛයන් මෙන් නො වෙයි. එනිසා ම පූසන්ගේ පෙනුම හා හැසිරීම් රටාව අනුව ඔවුන්ගෙන් ප්‍රකට වන්නේ යම් ‘මහන්තත්ත’ බවක්. නමුත් පර්යේෂකයන් කලකට ඉහත දී සොයාගෙන තිබුණේ මිනිසුන් ගැන නිරන්තර අවධානයෙන් සිටින ඔවුන් සිය ස්වාමියාගේ කටහඬ අනෙකුත් මිනිසුන්ගෙන් වෙන් කර හඳුනාගැනීමට සමත් බවයි.

දැන් පූසන්ගේ නෑදෑයන් වන බිළාල කුලයේ විශාල සතුන්ට ද මේ හැකියාව පවතින බව පර්යේෂකයන් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අතර කොටියන්, දිවියන් සහ චීටාවුන් සිටිනවා. පර්යේෂකයන් සඳහන් කරන්නේ මිනිසුන් සමග නිරන්තරයෙන් හමු වීම් සිදු නො වන වනාන්තරවල වෙසෙන බිළාලයන් කෙසේ වෙතත්, සන්තකයේ ඇති කරන බිළාලයන් මේ හැකියාව ලබාගෙන ඇතැ යි අනුමාන කළ හැකි බවයි.

අධ්‍යයනයේ සම කර්තෘවරියක වන මිචිගන්හි Oakland විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jennifer Vonk සඳහන් කරන්නී වනාන්තරයේ වෙසෙන බිළාලයන් සතු ව ද යම් මට්ටමකින් මේ හැකියාව තිබිය යුතු බවයි. ඒ සිය පැටවුන්ගේ හඬ වෙන් කර හඳුනාගැනිමින් ඔවුන් ගැන සෙවිල්ලෙන් පසු විය යුතු හෙයින්. එසේ ම වෙනත් සත්ත්ව විශේෂ නිකුත් කරන වැදගත් හදිසි කෑගැසීම් ආදිය හඳුනා ගැනීමට ද එම කුසලතාව ඉවහල් වන බව ඇය පෙන්වා දෙනවා.

මෙහි දී පර්යේෂකයන් විසින් සත්ත්වෝද්‍යාන, අභය භූමි සහ වනෝද්‍යාන භාරයේ සිටින සිංහයන්, දිවියන්, කොටියන්, හිම දිවියන් මෙන් ම වෙනත් බිළාල විශේෂ සලකා බලනු ලැබ තිබුණා. විශේෂ 10ක් නියෝජනය වන පරිදි බිළාලයන් 24 දෙනෙකු සිය පර්යේෂණය සඳහා ඔවුන් යොදාගෙන තිබුණා. ඉන් 16 දෙනෙකු මිනිසුන් ඇසුරේත් 08 දෙනෙකු සිය මව ඇසුරේත් හැදී වැඩුණු සතුන්.

ඒ සෑම බිළාලයෙකුට ම පටිගත කරන ලද නො හඳුනන මිනිසුන් තිදෙනෙකුගේ කටහඬින් කෙරෙන ඇමතීම් ඇසෙන්නට සලස්වා තිබුණා. “සුබ උදෑසනක්, අද ඔයාට කොහොම ද?” (“Good morning, how are you doing today?”) යන්න ඉන් කියවුණා. ඉන් පසු බිළාලයන් හඳුනන පුද්ගලයකුගේ කටහඬින් පටිගත කරන ලද එම ඇමතුමකුත් අවසානයේ යළිත් නො දන්න පුද්ගලයෙකුගේ කටහඬකුත් අසන්නට සලස්වා තිබුණා. පර්යේෂක කණ්ඩායම එක් එක් කටහඬට බිළාලයන්ගේ හැසිරීම පටිගත කර නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තිබුණේ හඳුනන කටහඬට ඔවුන් බහුතරය අවධානය යොමු කරන බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!