zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අතුරුදන් MH370 යානය සොයා තවත් සෝදිසි මෙහෙයුමක් ඉල්ලති

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



2014 වසරේ අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් Malaysia Airlines Flight MH370 යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් යළිත් එහි සුන්බුන් සොයා සෙවුම් මෙහෙයුමක් දියත් කරන ලෙස හඬ නඟමින් සිටිනවා. ඒ ප්‍රංශ ජාතික ගුවන් විශේෂඥයන් දෙදෙනෙක් ගුවන් යානයේ සුන් බුන් ‘දින කිහිපයක ඇවෑමෙන්’ සොයාගත හැකි බව ප්‍රකාශ කිරීමත් සමගයි.

2014 මාර්තු 08 වැනි දා මගීන් 239 දෙනෙකු සමගින් මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළේ සිට චීනයේ බීජිං දක්වා පියාසර කළ Boeing 777-200ER මාදිලියට අයත් MH370 යානය ගුවනට නැඟීමෙන් විනාඩි 38ක් ගත වූ තැන රේඩාර් තිර මතින් අතුරුදන් වනවා. එහි සුන්බුන් සොයමින් රටවල් ගණනාවක සහභාගිත්වයෙන් දකුණුදිග ඉන්දීයානු සාගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුම ගුවන් පියාසැරි ඉතිහාසයේ වැඩි ම පරිශ්‍රමයක් දැරූ සෝදිසි මෙහෙයුම ලෙස ඉතිහාසයට එක් වූයේ කිසිඳු හෝඩුවාවක් හෙළි නො කරමින්.

ඉකුත් සතියේ ගුවන් විශේෂඥයන් වන Jean-Luc Marchand සහ ගුවන් නියමු Patrick Blelly සඳහන් කළේ සිය පර්යේෂණයන්ට අනුව නව තාක්ෂණික උපාංගයන්ගේ භාවිතයෙන් සිදු කරන සෙවුම් මෙහෙයුමක් මඟින් අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ අබිරහස විසඳාගත හැකි බවයි.

ගුවන් යානය සිය අනුයුක්ත පියාසැරි ගමන් මාර්ගයෙන් වියුක්ත ව සිදු කරන ලද U හැඩයේ හැරවුම යානයේ ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කිරීමෙන් පසු ස්වයං නියමු ක්‍රියාවලියක් මඟින් (autopilot) සිදු වන්නට ඇති බවත් ඔවුන් සඳහන් කර තිබුණා. ඔවුන් පවසන්නේ දින 10ක් පුරා දිවෙන සෙවුම් මෙහෙයුමකින් වැඩිමනක් තොරතුරු නැති මේ අතුරුදන් යානයේ සිදු වන්නට ඇත්තේ කුමක් දැ යි වැටහීම වැඩිකර ගත හැකි වනු ඇති බවයි.

“ඒක ඉතාම ඉක්මනින් කළ හැකි දෙයක් වේ වි. MH370 සුන්බුන් හමු වන තුරු කවුරුත් දන්නෙ නැහැ මොකක් ද වුණේ කියලා. නමුත් මේක නම් (සෙවුම් මෙහෙයුමකට) සාධනීය ගමන් මාර්ගයක්.” ඔස්ට්‍රේලියානු මාධ්‍යවලට අනුව Royal Aeronautical Societyහි දේශනයක් අතරතුර දී Marchand පවසා තිබෙනවා.

විශේෂඥයන් දෙදෙන ඔස්ට්‍රේලියානු ප්‍රවාහන සුරක්ෂණ අධිකාරිය (Transport Safety Authority), මලයාසියානු රජය සහ සාගර ගවේෂණ සමාගමක් වන Ocean Infinity වෙතින් ඉල්ලා සිටින්නේ දින දහයක සෙවුම් මෙහෙයුමක් අරඹන ලෙසයි. නව්‍ය තාක්ෂණය මඟින් එය සුමට ලෙස විසඳාගත හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ඔවුන් මේ බව පවසන්නේ තවත් සෙවුම් මෙහෙයුමක් දියත් කළ යුතු බවට යෝජනා කෙරෙන වාර්තාවක් ප්‍රකාශයට පත් වීමෙන් අනතුරු ව වීම වි‌ශේෂත්වයක්.

පිටු 229කින් යුත් එම වාර්තාව මඟින් අනුමානනය කරන්නේ අතුරුදන් යානයේ සුන්බුන් පර්ත්හි බටහිර මුහුදේ කිලෝමීටර 1560ක් පමණ දුරින් සොයාගත හැකි වනු ඇති බවයි. මෙම වාර්තාව පිටුපස සිටින පර්යේෂකයන් වන Richard Godfrey, ආචාර්ය Hannes Coetzee සහ මහාචාර්ය Simon Maskell මේ සඳහා weak signal propagation reporter හෙවත් WSPR (විස්පර්) තාක්ෂණය යොදාගෙන තිබෙනවා. “පසුගිය අවුරුදු තුන පුරා මේ තාක්ෂණය දියුණු වෙමින් පැවතියා. මේ ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ විශ්වාසය තැබිය හැකි අලුත් සාධකයි” පර්යේෂකයන් සඳහන් කරනවා.

මේ අතර ගුවන් යානයත් සමග අතුරුදන් වූ චීන ජාතික මඟීන්ගේ ඥාතීන් ද සංවිධානය වෙමින් යානයේ සුන්බුන් සොයා අලුත් මෙහෙයුමක් අරඹන මෙන් චීන රජයට බල කරමින් සිටිනවා.

ලබන මාර්තු 08 වැනි දා MH370 යානය අතුරුදන් වීමේ සිදු වීමට වසර 10ක් සපිරෙනවා.

South China Morning Post සහ WION ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!