zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කේම්බ්‍රියානු යුගයේ ජලජ විලෝපික යෝධ පණු විශේෂයකගේ ෆොසිල සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

උතුරු ග්‍රීන්ලන්තයේ පිහිටි මුල් කාලීන කේම්බ්‍රියානු යුගයට අයත් ෆොසිල නිධියක් ලෙස ප්‍රසිද්ධියට පත් Sirius Passet ෆොසිල ආකරයෙන් මෙතෙක් හමු නො වූ විලෝපික සත්ත්ව විශේෂයකට අයත් ෆොසිල කිහිපයක් හමු වී තිබෙනවා. විශාල පණු විශේෂයක් වන ඔවුන් අදින් වසර මිලියන 518කට පෙර ඒ ආශ්‍රිත ජලජ පරිසරය තුළ ජීවත් වී ඇති බවට සැලකෙන අතර ලොව පහළ වූ මුල් ම මාංශභක්ෂක සත්ත්ව විශේෂයක් ලෙස ද සැක කෙරෙනවා. මේ සොයාගැනීමත් සමගින්, ජීවත් වූ බවට මෙතෙක් විද්‍යාඥයන් දැන නො සිටි විලෝපික රාජධානියක පැවැත්ම හෙළි වනවා.

මෙසේ සොයාගැනුණු නව ෆොසිලගත සත්ත්ව විශේෂය නම් කර ඇත්තේ Timorebestia ලෙසයි. ලතින් බසින් එහි තේරුම වන්නේ ‘terror beasts’ හෙවත් ‘බියජනක මෘගයන්’ යන්නයි. දිගු සිරුරේ දෙපසින් ඉදිරියේ සිට පසුපසට දිවෙන ඇඟට ම සවි වූ වරලින් සහ ඉදිරියට නෙරා ඇති හිසකින් සමන්විත වූ මොවුන්ගේ මුව තුළ විශාල හකු ව්‍යුහයක් පැවැති බව හඳුනාගෙන තිබෙනවා. හිසට සවි වූ දිගු සංවේදක දෙකක් ද ඔවුන් සතු ව තබූ බව හෙළි ව තිබෙනවා. කැම්බ්‍රියානු යුගයන්හි දී පිහිනා ගිය විශාලතම සතුන් අතරට වැටෙන මොවුන් සෙන්ටිමීටර 30කට වඩා දිගින් වැඩනේනට ඇතැ යි සැලකෙනවා.

‘Timorebestia ඔවුන්ගේ කාලයේ යෝධයන් වූ අතර ආහාර දාමයේ මුදුනට ආසන්නයෙන් සිටින්නට ඇති. එය මෝරුන් සහ සීල් සතුන් වැනි නවීන සාගරවල සමහර ප්‍රමුඛ මාංශ භක්ෂකයන්ට සමාන වැදගත් භූමිකාවක්.’ සොයාගැනීමට සමගාමී අධ්‍යයනයේ කර්තෘ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥ ආචාර්ය Jakob Vinther සඳහන් කරනවා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!