zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

එන්සෙලඩස් මතින් හයිඩ්‍රජන් සයනයිඩ් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පිටසක්වළ ක්ෂුද්‍ර ජීවයකට පදනම දැමිය හැකි සංයෝගයන් කිහිපයක් ම සෙනසුරුගේ උපග්‍රහයෙකු වන එන්සෙලඩස් උපග්‍රහයාගේ ජල ක්ෂේපයන් ගෙන් හමු වී තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෛවභෞතික විද්‍යාඥ Jonah Peter මේ සොයා ගැනීම නිවේදනය කළේ ඉකුත් දෙසැම්බර් 15 දා පැවැති American Geophysical Unionහි වාර්ෂික සැසියේ දී යි. පීටර් පෙන්වා දෙන්නේ මිනිසාට විෂ සහිත හයිඩ්‍රජන් සයනයිඩ් (hydrogen cyanide) ද ඒ අතර වන බවයි. කෙතරම් විෂ සහිත වුවත් එය RNA සහ DNA තනන ඇමයිනෝ අම්ල තැනීමට ද ඉවහල් වනවා.

මේ සොයා ගැනීම NASA ආයතනය විසින් ඉදිරියේ දී එන්සෙලඩස්ගේ මිඳී ගිය කබොල යටින් ඇති සාගරයේ ජීවය සෙවීම සඳහා යැවීමට නියමිත EELS හෙවත් Exobiology Extant Life Surveyor නම් සර්පයෙකුගේ හැඩයෙන් සහ ඊට සමාන හැසිරීමකින් යුතු රොබෝ යානයේ මෙහෙයුම් නිර්ණය කිරීම සඳහා වැදගත් වනු ඇතැ යි බලාපොරොත්තු වනවා.

එන්සෙලඩස්ගේ කබොලට යටින් ඇති සාගරය මෙතෙක් ඍජු ව ම අධ්‍යයනයට බඳුන් වී නැතත් එහි දක්ෂිණ ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි දී දැකගත හැකි යෝධ ජල විදාරණයන්ට මූලාශ්‍රය වන්නේ එය ම බව උපකල්පනය කෙරෙනවා. මේ යෝධ ‘වතුර මල්’වල පොස්පේට් ආකාරයෙන් සංයෝග වී ඇති පොස්පරස් ද අඩංගු බව මින් පෙර අවස්ථාවක දී විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබුණේ ජීවයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සියල්ල සපිරි මුල් ම පිටසක්වළ සාගර ග්‍රහලොව බවට එන්සෙලඩස් අභිෂේක ගන්වමින්.

සෙනසුරු සතු මේ අද්විතීය චන්ද්‍රයා මතුපිට පොස්පරස් සොයාගැනීම නිසා පිටසක්වළ ජීවයක් දැරීමේ සම්භාවිතාව අතින් ඉහළ ගිය අතර පීටර් ඇතුළු කණ්ඩායම සිදු කළ නව සොයාගැනීම මඟින් ද එම අදහස වඩාත් ස්ථිර වනවා.

Science News ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!