zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මෙගලඩන් සිතා සිටියාට වඩා කෙට්ටු හාදයෙකු බව විද්‍යාඥයෝ කියති

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


ඔබ මෙගලඩන් ගැන නො දැන නො දැන සිටින්නට විදියක් නැහැ. Meg නමැති නවකතා මාලාව ඇසුරෙන් නිපදවෙන එනමින් ම යුතු සිනමාපට නිසා ඒ පුරාතන යෝධ බියකරු මතස්‍යයා ජනප්‍රිය සංස්කෘතිය තුළ ද නමක් දිනා සිටිනවා.

නමුත් විද්‍යාඥ කණ්ඩායමක් පෙන්වා දෙන්නේ අප සිතා සිටිනවාට වඩා මෙගලඩන් මොරාගේ ශරීරය සිහින් වන්නට ඇති බවයි.

දැනට ප්‍රතිනිර්මාණය කර ඇති මෙගලඩන්ගේ රූපකාය දෝෂ සහගත බැව් පෙන්වා දෙන ඔවුන් පවසන්නේ එසේ වන්නට හේතුව අප එම ක්‍රියාවලියේ දී වත්මනේ ජීවත් වන විශාලතම විලෝපික මතස්‍යයා වන ග්‍රේට් වයිට් මෝරුන්ගේ ම විශාල පිටපතක් ලෙස උපකල්පනය කිරීමයි.

තවමත් අංග සම්පූර්ණ නැති මෙගලඩන් කශේරුකාවක් විශ්ලේෂණය කිරීමේ දී මතස්‍යයා දිගු සහ වඩා සිහින් සිරුරකින් හෙබි වන්නට ඇති බව පෙනී ගිය බව විද්‍යාඥයන් සඳහන් කරනවා.

“අපේ අධ්‍යයනය පෙන්වා දෙනවා, මෙගලඩන්ලා ගැන සලකා බලන විට වර්තමාන ග්‍රේට් වයිට් මෝරුන්, අවම තරමින් ජෛව විද්‍යාත්මක හා ප්‍රමාණාත්මක කරුණු යටතේ හෝ නූතන සමාකාරකයක් ලෙස සලකා බැලිය නො හැකි බව.” එසේ පවසන්නේ චිකාගෝ නුවර DePaul විශ්වවිද්‍යාලයේ පාෂාණ ජීවවිද්‍යාඥ, මහාචාර්ය Kenshu Shimada.

මේ පිළිබඳ අධ්‍යයන වාර්තාව ඉකුත් දා Palaeontologia Electronica ජර්නලයේ පළ වී තිබුණා.

කලකට ඉහත ග්‍රේට් වයිට් මෝරුන් ද අයත් වන Lamnidae කුලයට දා ව Carcharodon Megalodon ලෙස හඳුන්වනු ලැබූ මෙගලඩන් වර්තමානයේ සැලකෙන්නේ Otodontidae නම් නෂ්ට ව ගිය ඉපැරණි මෝර කුලයට අයත් මෝර විශේෂයක් ලෙසයි. යාවත්කාල කළ මෙගලඩන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Otodus megalodon.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!