zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

චිනයේ රහසිගත ‘දිව්‍යමය මකරා’ උඩුගුවනේ දී ‘පැටවුන්’ මුදාහරී

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද රහසිගත ව්‍යාපෘතියකට අයත් අභ්‍යවකාශ ශටලයකට පෙනුමින් සමාන ‘අභ්‍යවකාශ ගුවන් යානය’ ඉකුත් දින කහිපය තුළ වැඩි වශයෙන් කතාබහ වන මාතෘකාවක් වී තිබුණා. ඒ ඉන් සංඥා නිකුත් කරන කුඩා වස්තූන් 6ක් පෘථිවි කක්ෂයක් වෙත මුදා හැර ඇති බව නිරීක්ෂණය වීමත් සමගයි.

Shenlong හෙවත් ‘දිව්‍යමය මකරා’ යන නමින් හැඳින්වෙන එම නො නියමු ‘අභ්‍යවකාශ ගුවන් යානය’ පසුගිය දෙසැම්බර් 14 දා චීනය සතු Long March 2F රොකට්ටුවක ආධාරයෙන් උඩුගුවනට නැඟුණේ සිය තුන් වැනි වාර්තාගත මෙහෙයුම සඳහායි. චීනයේ නිල පුවත් සපයන්නා වන ශින්හුවා පුවත් සේවය සඳහන් කළ පරිදි අභ්‍යවකාශගත කිරීම සිදු වූයේ ගොබි කාන්තාරයේ පිහිටා ඇති Jiuquan Satellite Launch Center අංගණයේ සිටයි. රහසිගත මෙහෙයුමක් වන එහි අරමුණු හෝ ඉලක්ක මහජනතාව වෙත නිදහස් කර නැහැ.

Shenlong මඟින් නිදහස් කරන ලද ‘වස්තූන්’ හය මුලින් ම හඳුනාගෙන තිබුණේ කැනඩාවේ පදිංචි ආධුනික තාරකා විද්‍යාඥයකු වන Scott Tilley විසින්. ඔහු ‘satellite tracking’ හෙවත් කෘත්‍රිම චන්ද්‍රිකා සංඥා ලුහුබැඳීම ද සිදු කරන්නෙක්. මෙලෙස ඔහු විසින් සංඥා ග්‍රහණය කර ගැනුණු වස්තූන් හය A,B,C,D,E සහ F ලෙස නම් කර තිබෙනවා.

Tilley සඳහන් කරන පරිදි A ලෙස හැඳින්වෙන වස්තුවෙන් නිකුත් වන සංඥා මින් පෙර සිදු වූ Shenlong මෙහෙයුම් අතරතුර දී ග්‍රහණය කර ගැනුණු සංඥාවලට සමානකම් දක්වනවා. මේ පිළිබඳ අදහස් විමසමින් යොමු කළ ලිඛිත ඉල්ලීමකට පිළිතුරු ලබා දීමට චීනයේ ‘නාසා’ ලෙස හඳුනාගත හැකි China National Space Administration පියවර ගෙන තිබුණේ නැහැ.

මෙම වස්තූන්ගෙන් නිකුත් වන සංඥා ලොව වටා සිටින තවත් ‘චන්ද්‍රිකා ලුහුබඳින්නන්’ හට ඒ ගැන අවධානයෙන් පසු වීමට පහසුවක් වී තිබෙනවා.

Shenlong සංවර්ධනය කරනු ලැබුණේ චීනයේ අභ්‍යවකාශ පාලනාධිකාරිය වන China National Space Administration සහ චීනයේ මහජන විමුක්ති හමුදාව විසින්. එය ඇමරිකාවේ Space Force විසින් භාවිතයට ගැනෙන  X-37B නම් බෝයිං සමාගමේ නිෂ්පාදිත, අත්හදා බැලෙමින් පවතින යානයට පෙනුමෙන් සමානකම් දක්වනවා. X-37B යානය ද ලබන දෙසැම්බර් 28 දා SpaceX සමාගමේ Falcon Heavy රොකට්ටුවක ආධාරයෙන් මීළඟ මෙහෙයුම සඳහා ඉහළ නැඟීමට නියමිතයි.

Space.com සහ Newsweek ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!