zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර මිලියන 6 ක් පැරණි භූගත ෆොසිල ජලාශයක් සිසිලියේ කඳු යටින් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉතාලියට අයත් සිසිලි දූපතේ දකුණු පෙදෙසේ පිහිටි හයිබ්ලියන් කඳු වැටියට යටින් මීටර් 700 සිට 2,500 ක් ගැඹුරින් භූගත ජලය පිරුණු ෆොසිල ජලාශයක් අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස 22 වෙනි දින Communications Earth & Environment ජර්නලයේ පළ කර තිබෙන වාර්තාවකට අනුව මේ භූගත ෆොසිල ජලාශය වසර මිලියන 6 ක් තරම් පැරණි එකක් වනවා.
එම වාර්තාව ඉදිරිපත් කළ පර්යේෂකයන් විසින් නිර්මාණය කරන ලද ත්‍රිමාන ආකෘති ආධාරයෙන් මේ ජලාශයේ ජල ප්‍රමාණය ඝන කිලෝ මීටර් 17.5 ක් තරම් වන බවත් එය ස්කොට්ලන්තයේ පිහිටි ලෝක් නෙස් විලේ ඇති ජලය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් සොයාගනු ලැබුවා. ඔවුන් පෙන්වා දෙන අන්දමට මේ භූගත ජලාශයේ බිහි වීම සිදු වී තිබෙන්නේ වසර හත් ලක්ෂයක් තරම් කාලයක් පුරා පැවති මෙසිනියන් ලවණතා අර්බුදය නම් භූ විද්‍යාත්මක සංසිද්ධිය අතරවාරයේ දී යි.
අදින් වසර මිලියන 7.2 කට ඉහත සිට වසර මිලියන 5.3 කට ඉහත දක්වා පැවති මෙසිනියන් ලවණතා අර්බුදයේ දී මධ්‍යධරණී මුහුද සම්පූර්ණයෙන් ම වියලී ගිය අතර එය අවට සාගරයෙන් වෙන් කරමින් ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය අවට මුහුදු පතුල එසවීමකට ලක් වූවා.
එවිට නිරාවරණය වුණු පෘථිවි කබොල මතට ඇද වැදුණු වර්ෂා ජලය ක්‍රමයෙන් කබොල තුළට කාන්දු වී සිර වීමෙන් මේ භූගත ෆොසිල ජලාශය සම්භවය වන්නට ඇතැයි පර්යේෂකයන් සඳහන් කරනවා.

ඉහත අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර ඉතාලියේ භූ භෞතික විද්‍යාව සහ යමහල් විද්‍යාව පිළිබඳ ජාතික ආයතනයේ සහ මෝල්ටාවේ Roma Tre සරසවියේ භූ විද්‍යාඥයෙකු වන ලොරෙන්සෝ ලිපරිනි පෙන්වා දෙන්නේ මේ භූගත ජලාශය නිර්මාණය වීම සඳහා කාබනේට් පාෂාණ ස්ථරයක සවිවර බව හේතුවෙන් ජලය ඇතුළට කාන්දු වීම බලපා ඇති බවයි.

Live Science සහ Communications Earth & Environment ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!