zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇමසන් වනාන්තරය ගැන විශ්මිත කරුණු කිහිපයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය පෘතුවියේ පෙනහළු දෙක විදිහට හඳුන්වනවා. 2011 දී ඇමසන් වැසි වනාන්තරය ලොව නව ස්වභාවික අරුමපුදුම හතෙන් එකක් ලෙස ප්‍රකාශයට පත්කරා. මෙය වර්ග කිලෝමීටර් 7,000,000 ක භූමි ප්‍රමාණයකින් පුරාවටම පැතිරිලා තියෙනවා. බ්‍රසීලිය, බොලීවියාව, කොළොම්බියාව, පේරු, එක්වදෝර්, වෙනිසියුලාවට, ගයානා, ප්‍රංශ ගයානා වැනි රටවලට මායිම්වයි පිහිටලා තියෙන්නේ. ලෝකයේ විශාලම ගංගාව තියෙන්නෙත් ඇමසන් වල. ඉතින් ඇමසන් වනාන්තරය තුල රවුමක් යන්න AmazingLK  එක්ක එන්න.


01. උණු දිය ගංගාව

ලෝකයේ තියෙන උණු දිය පොකුණු, උණුදිය උල්පත්, විල් ගැන අපි අහලා තියෙනවා. අපේ රටේ යාපනෙත් උණුදිය පොකුණු තියෙනවා. ඒත් ලෝකයේ උණුදිය ගංගාවක් තියෙන එකම තැන ඇමසන් වනාන්තරය. ලා බොම්බා ලෙසද හැඳින්වෙන ෂැනේ-ටිම්පිෂ්කා ඇමසන් ගඟේ අතු ගංගාවක්. කිලෝමීටර් 6.4 ක් දිග මේ ගංගාවේ විවිධ ස්ථාන වල ජලය විවිධ උෂ්ණත්වයන්ගෙන් යුක්තයි.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සිට 100 දක්වා පරාසයක තියෙනවා. මේක ගොඩක් ගැඹුරු නෑ. ඒත් සමහර ස්ථාන මීටර් 6ක් විතර ගැඹුරක් තියෙනවා. මෙහි ගොත්‍රිකයන් විශ්වාස කරන්නේ ජලයට අධිපති දෙවියන් මේ ගංගාවේ සිටින බවයි. මේ නිසා මෙය ශුද්ධ ස්ථානයක් ලෙස සලකනවා.

02. ආදි මානව ජනාවාස

ඇමසන් වල වර්ථමනායේ සිටින ගෝත්‍රිකයන්ට පෙර ආදි මානවයන් ජිවත් වී ඇති බවට සාක්ෂි රැසක් ආනරවණය වෙලා තියෙනවා. ගවේශකයන් අධ්‍යයනය කර ඇති කරුණු අනුව මේ ජනාවාස වර්ෂ 1250 – 1500 අතර නිර්මාණය වී තියෙනවා. 2018 වර්ෂයේ මාර්තු මාසයේදී නිකුත් වූ වොෂින්ටන් පුවත් පතක මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ඇති අතර ඔවුන් පවසන්නේ ඇමසන් වනාන්තරය යුරෝපීයන් දකුණු ඇමරිකාවට පැමිණීමට පෙර ආදිවාසීන් මිලියයකට පමන වාසභූමිය වී තිබෙන්නට ඇතියි කියලා.

මේ වෙද්දී මෙවැනි වාස භූමි පැවති ස්ථාන 80 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත් ඔවුන් වාර්තා කරලා තියෙනවා.

03. විෂ සහිත ගෙම්බන්

ඇමසන් වනාන්තරයේ ජීවත් වන තවත් විශේෂ සතෙක් තමයි විෂ සහිත ගෙම්බන්. “හේයි! මෙන්න මම, මම විෂ සහිතයි, ඒ නිසා මාව කන්න හිතන්නවත් එපා! ” කියනවා වගේ පෙනුමක් මොවුන්ගේ තියෙනවා. රතු සහ කළු, කහ සහ කොළ, තැඹිලි සහ රිදී, නිල් සහ කහ, කොළ සහ කළු, රෝස සහ රිදී වගේ විචිත්‍ර පාට වලින් යුත්තයි. මොවුන් වනාන්තරයේ කොළ රොඩු වල ජීවත් වෙනවා.

නමුත් සමහරක් වනාන්තර වියනෙහි ඉහළ ජීවත් වෙනවා. ඒ වගේම කිසි වෙලාවක පහතට එන්නේ නෑ. ගෙම්බන්ගේ විෂ තියෙන්නේ සමෙහි. ඒවා අල්ලන්න බැරි තරමටම විෂ සහිත‍යි. මේ විෂ නිසා බරපතල ඉදිමීම, ඔක්කාරය, සහ මාංශ පේශි අංශභාගය ඇතිවෙන්නත් පුලුවන්.

04. ඇවිදින ගස්

ඇවිදින ගස් ගැන අපට හම්බ වෙන්නේ චිත්‍රපටවල නැතිනම් කතානදර පොත්වල. ඒත් ඔයා කලින් අහලා තිබුනද ඇමසන් වනාන්තරයේ මේ වගේ ඇවිදින ගස් ඇත්තටම තියෙනවා කියලා. මේ ගස් ඇවිදින්නේ වේගයන් නෙමෙයි. හැබැයි මේවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථාන වලට සෙමින් ඇදෙනවා. එහෙම කරන්නේ ඉර එලිය හොයාගෙන. මේවා Socratea exorrhiza එහෙමත් නැතිනම් “කැෂාපෝනා” ලෙස තමයි හඳුන්වන්නේ. මීටර් 10 සිට 25 දක්වා උසකින් යුතුයි. ඒවා තරමක් විශාල වැඩෙන ගස් වර්ගයක්. බොහෝ කාලයක් තුල මේ ගස පැලවූ තැනින් මීටරයක් හෝ කීපයක් වෙනත් ස්තානයකට ගමන් කරනවා.


05. රෝස ඩොල්ෆින් මතස්‍යයන් (Inia Geoffrensis)

ලෝකයේ ඩොල්ෆින් මත්‍යයින් බහුලව හමුවන එකම ගංගාව ඇමසන් ගංගාව.

ඇමසන් වනය හරයා ගලා බහින ලෝකයේ විශාලතම ගංගාව වුනු ඇමසන් ගංගාවේ ඩොල්ෆින් විශේෂ කීපයක් හමුවෙනවා. ඒ අතර ප්‍රධානම දුර්ලබම ඩොල්ෆින් විශේෂය ඇමේසන් ගංගා ඩොල්ෆින් (Inia Geoffrensis), boto, Bufeo හෝ පින්ක් ඩොල්ෆින්. එහෙම නැතිනම් රෝස ඩොල්ෆින් කියන විශේෂය. මේ ඩොල්ෆින් මසුන් රෝස පැහැයක් ගන්නවා. සාමාන්‍යයෙන් අඩි 8 විතර දිගින් වැඩියි මොවුන්. සීර්‍ගයෙන් වඳවී යන මේ රෝස ඩොල්ෆින් මත්‍යසයන් දැනට ලෝකයේ ඉතිරි වී ඇත්තේ 2000 ක් පමණ සුළු සංඛ්‍යාවක විතරයි. මේ සතුන්, සතුන් මරන්නන්ගේද ගෝත්‍රිකයන්ගේද ගොදුරු බවට පත්වනවා. ඇත්තටම මේ ඩොල්ෆින් විශේෂය වෙනස්ම වර්ගයේ මතස්‍ය විශේෂයක්.

06. ඇමේසන් ජල තැටිය

Victoria amazonica, පොදුවේ Amazon water lily, royal water lily, giant water lily හෝ Amazon water-platter ලෙස හඳුන්වනු ලබන ඒ වගෙම වික්ටෝරියා මානෙල් නමින් හැඳින්වෙන මෙය මානෙල් විශේෂයක්. මෙය ඇමසන් නදියේ විවිධ ස්ථාන වල අපට දකින්නට පුළුවන්. ඒවායේ පත්‍ර විශාලයි වගේම ශක්තිමත්. මීටර් 3ක් තරම් විශාල මේවා ජලය තුල පාවෙමින් තිබියදී සාමාන්‍ය බරකින් හෝ කුඩා දරුවෙක් හෝ පුද්ගලයෙක් දරාගෙන ඉන්න පුළුවන් ශක්තිමත් බවකින් යුක්තයි. සමහර මානෙල් පත්‍ර රාත්තල් 65 ක් පමණ බරක් දරන්න පුලුවන් බව සොයා ගෙන තියෙනවා. සුදු පැහැති හෝ ලා දම් පැහැති හරිම සුන්දර මානෙල් මලක් මෙහි පිපෙනවා.

1801 වකවානුවේ සොයා ගත් මේ මානෙල් විශේෂය අද ලෝකයේ වෙනස් ස්ථාන කිහිපයකම සාර්ථකව හදන්නත් හැකියාව ලැබිලා තියෙනවා.

07. බුලට් කුහුඹුවා (Bullet ants)

Bullet ants නමින් හඳුවන්වන හරිම විශේෂ ඒ වගේම හරිම භායනක කූහුඹුවන් විශේෂයක් මේ ඇමසන් වනාන්තරය තුළ ජීවත් වෙනවා. මේ කුහුඹුවන් විශේෂය 1992 වර්ෂයේදී තමයි මුලින්ම සත්ව විද්‍යාවේදීන් ලෝකයට අනාවරණය කරලා තියෙන්නේ. දිගින් අඟල් 1.5ක් පමණ අතර ප්‍රමාණයක් ගන්නා මේ කුහුඹුවන් පිළිබඳ හොඳිනම දන්නේ ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයන්. ඔවුන් මේ කුහුඹුවාගේ ප්‍රහාරයට නිර්න්තරයෙන්ම ලක් වනවා. බුලට් ඈන්ට් කියන නම ලැබෙන්නේ මොවුන් සපාකෑ විට ඇඟට වෙඩිල්ලක් වැදෙන තරම් වේදනාවක් ඇතිවෙන නිසා. දෂ්ට කළ පසු, වේදනාව පැය පහක් සහ 24ක් අතර තියෙනවා.

මේ නිසා මොවුන් හරිම භයානක කුහුඹුවන් විශේෂයක්. ඇමසන් වනාන්තරයේ ජීවත් වන ආදිවාසී ගෝත්‍රිකයන් වන සටේරේ-මාව්, ගෝත්‍රිකයන් විසින් ඔවුන්ගේ නායකයන්ගේ ශක්තිය උරගා බැලීම සඳහා මේ කුහුඹුවන් පිරුණු ගොටු සාදා ඒවාට අත දමාගෙන සිටීම සිදු කරන බවත් වාර්තා වෙනවා. ඒ වගේම මොවුන් අතීතයේදී වෙනත් ග්‍රෝත්‍ර වල තමන්ගේ සතුරන් විනාශ කරන්නත් මේ කුහුමුවන් යොදා ගෙන තිබෙනවා.



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!