zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සාගර පත්ලේ නවතම යමහල් විවරයකට මඟ පෙන්වූ කකුළුවෝ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ගැලපේගොස් දූපත් අවට පැසිෆික් සාගර පත්ලෙන් නවතම ද්‍රව තාපන යමහල් විවරයක් සොයාගෙන තිබෙනවා. මේ අනාවරණය සඳහා Munidoposis ගණයට අයත් කකුළුවන් විශේෂයක ගහනයකගේ ආධාරය ලබා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා.

මේ යමහල් විවර ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ගැලපේගොස් දූපත්වලට කිලෝ මීටර් 400 ක් උතුරින් කොකොස් සහ නැස්කා භූ තැටි දෙක අතර පිහිටා ඇති Galapagos Spreading Center (GSC) නම් අපසරණ මායිම් කලාපයේ යි. ගැඹුරු මුහුදු පත්ලේ එක්‍ රැස් ව සිටින ඉහත කකුළුවන් වෙසෙන මේ අලුතෙන් සොයාගත් ප්‍රදේශය වර්ග මීටර් 9,178 ක් එනම් වර්ග අඩි 98,800 ක් තරම් විශාල වනවා.
මේ පර්යේෂණය මෙහෙයවූ Schmidt සමුද්‍ර ආයතනය 1977 වසරේ දී නැ‍ඟෙනහිර GSC කලාපයේ පළමු ද්‍රව තාපන යමහල් විවර ප්‍රදේශය සොයාගත් අතර මේ නවතම සොයාගැනීම සිදු කර තිබෙන්නේ බටහිර GSC කලාපයේ යි.

දැනට ලොව පුරා හඳුනාගෙන තිබෙන ද්‍රව තාපන යමහල් විවර සංඛ්‍යාව 550 ක් පමණ වනවා.
ඉන් අඩක් පමණ කෙළින් ම නිරීක්ෂණය කර තිබෙන අතර අනෙක්වා සොයාගෙන තිබෙන්නේ ඒවා අවට ඇති ජලයේ පවතින රසායනික සහ උෂ්ණත්ව සලකුණු පදනම් කරගෙනයි.

මේ නවතම සොයාගැනීම සඳහා පර්යේෂණ කණ්ඩායම විසින් 2008 වසරේ දී එම ප්‍රදේශයේ හඳුනාගෙන තිබූ රසායනික විෂමතාවක් පරීක්ෂා කර තිබෙනවා. පර්යේෂණයේ සහාය ප්‍රධානි එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ Leigh සරසවියේ රසායන සමුද්‍ර විද්‍යඥයකු වන Jill McDermott සඳහන් කරන පරිදි එවැනි එක් රසායනික විෂමතාවක් වන්නේ එහි ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතා අඩු වීමයි.

“මුහුදු පත්ලේ සංසරණවලින් ඔක්සිජන් සම්පූර්ණයෙන් ම ඉවත් ව තිබුණා. එනිසා මුහුදු පත්ලේ ජලය ඔක්සිජන්වලින් තොර ව තිබුණා.” ඔහු පවසනවා. පර්යේෂකයන් අනුමාන කළේ ඔක්සිජන් විරල හා රසායනිකව පොහොසත් ජලය ඇත්තේ යමහල් විවරයකට ආසන්න ව බවයි.

ඒ අනුව ඔවුන් දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන යාත්‍රාවක් මඟින් මුහුදු පත්ල පරීක්ෂා කර යමහල් විවරය වෙතට යන කකුළුවන් ගහනයක් හඳුනා ගත්තා. තව ද යෝධ නාල පණුවන්, විශාල බෙල්ලන් සහ මට්ටියන් හඳුනාගත් බව මේ පර්යේෂණයට දායක වුණු රෝඩ් අයිලන්ඩ් සරසවියේ ජෛව සමුද්‍ර විද්‍යාඥ Roxanne Beinart පවසනවා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!