zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සෙක්ස් සම්බන්ධයෙන් ලෝකේ ගොඩක් අය විශ්වාස කරගෙන ඉන්න බොරු කතන්දර

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


දැන් ඔය සෙක්ස් කිව්වහම ගොඩක් දෙනෙක් සගිස්කුරුතිය, සදාචාරය මතක් වෙලා ඇඹරෙන්න ගත්තට, අපේ ගොඩක් අයියලා හිතාගෙන ඉන්නේ තමන් සෙක්ස් සබ්ජෙක්ට් එකෙං කප් ගහපු උන්දැලා කියලා තමයි. එහෙම හිතාගෙන ඉන්න උන්දැලාගේ වැඩි දෙනෙක්ගේ ලිංගික අධ්‍යාපනේ ලැබිලා තියෙන්නේ නිල් කෑලි වලින් වීම වෙනම කතන්දරයක්. ඒ විතරක් නෙවෙයි, අක්කිලා නංගිලත් ඉන්නවා මොකුත් නොදන්නවා වගේ ඇට් කළාට සෙක්ස් ගැන පරතෙරටම දන්නවා කියලා හිතාගෙන ඉන්න. හරි, මිනිස්සු වුනහම සෙක්ස් ගැන අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. හැබැයි සෙක්ස් ගැන ඇත්තට ඉගෙන ගන්න එකයි, තමන් සෙක්ස් ගැන දන්නවාය කියලා හිතාගෙන ඉන්න එකයි දෙකක්.

 

දැන් ඔය සෙක්ස් සම්බන්ධයෙන් විවිධ මිත්‍යා මත තියෙනවනේ. මංගල යහනේ මුලින්ම වැඩේට සෙට් වුණහම කෙල්ල කන්‍යාවක් නං අනිවා ලේ ගලන්න ඕන කියන එකත් ආන්න ඒ වගේ කාලෙකට කලින් ගොඩක් දෙනෙක් විශ්වාස කරපු මිත්‍යාවක්. මේ සෙක්ස් සම්බන්ධ මිත්‍යා විශ්වාස වල තියෙන සීන් එක තමයි, ලෝකේ මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණයක් ඒවා විශ්වාස කරන එක. අර උඩින් කියපු සෙක්ස් ගැන දන්නවාය කියලා හිතාගෙන ඉන්න අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා වුනත් ඔය මිත්‍යා මත ඔලුවේ තියාගෙන ඉන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ මේ සෙක්ස් මිත්‍යාවන් ගැන පොඩ්ඩක් විවෘතව කතා කරලා, සෙක්ස් ගැන ඇත්ත දේවල් කියලා දෙන්න ඕනැය කියලා!

 

1. ලොකු එව්වා නැත්තං සෙක්ස් වානා!

මේක අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. දැන් ඔය පත්තරයක් ගත්තොත් හංගලා දාන ජනප්‍රියම ඇඩ් වර්ගයක් තමයි පුරුෂ ලිංගය ලොකු කරගන්න තියෙන බෙහෙත්. ඔව්වා වැඩිහරියක් පච. හැබැයි ඇයි ගොඩක් අය ඕවලට ඇදෙන්නේ? හේතුව සරලයි. ගොඩක් පිරිමි හිතාගෙන ඉන්නවා ගෑණියෙක්ට ඕන කරන්නේ ලොකු පුරුෂ ලිංගයක් කියලා. අන්න ඒක වැරදියි. තමන්ට ස්වභාවික විදියට සෙක්ස් කරන්න බැරි තරමට, ඒ කියන්නේ අසාමාන්‍ය තරමට ලිංගය පොඩියි නම් හරි ලොකුයි නම් හරි ඒක ඩොක්ටර් කෙනෙක් හම්බුවෙන්න ඕන ප්‍රශ්නයක්. එහෙම නැතිනම් පුරුෂ ලිංගයේ ප්‍රමාණය ලිංගික සතුටට වැදගත් වෙන්නෙ නෑ. බැට් එක නෙවෙයි වැදගත් වෙන්නෙ පුතා, බැට්ස්මන්ට බැට් කරන්න තියෙන හැකියාව!

 

2. හැමදාම සෙක්ස් කළොත්, ලොකූ වෙනවා!

මෙන්න තවත් ජනප්‍රිය වැරදි මතයක්. වැජයිනා එක නැතිනම් ස්ත්‍රී යෝනිය නිතර නිතර සෙක්ස් කළොත් ලොකු වෙනවා කියලා ගොඩක් පිරිමි විතරක් නෙවෙයි, ගොඩක් ගැහැණු අය පවා හිතාගෙන ඉන්නවා. මෙහෙමයි. සෙක්ස් නොකරපු කෙනෙක් හරි, කාලයක් තිස්සේ සෙක්ස් නොකරපු කෙනෙක් හරි සෙක්ස් කරනකොට පොඩ්ඩක් යෝනිය තදයි කියලා දැනෙන්න පුළුවන්. හැබැයි ඒකට හේතුව යෝනි මාංශ පේෂි වලට ඒකට හුරු වෙන්න වීම. ඒක ඉතින් වලං කඩේට පැන්න ගොනා වගේ සෙක්ස් නොකර, ප්‍රවේසමෙන්, සීරුවෙන්, ලිහිසිකාරක එහෙම පාවිච්චි කරලා සරලව විසඳගන්න පුළුවන්. හැබැයි නිතර සෙක්ස් කළා කියලා යෝනිය ලොකු වෙනවා කියන එක නම් මිත්‍යාවක්.

 

හැබැයි මෙහෙම එකක් තියෙනවා. යෝනියක් තියා ලිංගයක්වත් හැමදාම එකම විදියට තියෙන්නේ නෑ. දරුවෝ වැදීමත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙනවා. වයසත් එක්කත් වෙනස් වෙනවා. හැබැයි විශේෂයෙන්ම දරුවෝ වැදීමකින් පස්සේ එහෙම යෝනිය ආයෙමත් පරණ තත්ත්වෙට ගේන්නත් ක්‍රම තියෙනවා.

 

3. පස්සට කරදර කරන්නේ සමරිසි ඇත්තෝ!

මේ පස්සට කරදර කිරීම කියලා කියන්නේ ඇත්තටම ඇනල් සෙක්ස් නැතිනම් ගුද සංසර්ගයට. හරි, අපි දන්නවා සමරිසි පුරුෂ පක්ෂයේ අය තමන් කැමති නම් සංසර්ග ක්‍රමයක් විදියට ගුද සංසර්ගය තෝරගන්නවා කියලා. හැබැයි විසමරිසි, ඒ කියන්නේ ගෑණු කෙනෙක් එක්ක සෙක්ස් කරන්න කැමති පිරිමියෙක් ගුද සංසර්ගයට ආස වෙන්න පුළුවන්ද? ඒක නිකං විකාර කතාවක් වගේ නේද? මොකද ඇනල් සෙක්ස් කියන්නේ ගුදයට ලිංගයක් ඇතුළු කිරීම කියලා හිතුවොත්, ගැහැණු කෙනෙක් එක්ක සෙක්ස් කරන පිරිමියෙක්ට ගැහැණු කෙනාගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බැහැ නේද?

 

ඇත්තටම මෙතනදී අපි ගුද සංසර්ගය කියන්නේ වෙනත් පුරුෂ ලිංගයක් ඇතුළු කිරීම කියන අදහසින් නෙවෙයි. ඇත්තටම ඒක ගුද සංසර්ගය වෙන්න ඕනැත් නෑ. ගැහැණු කෙනා පිරිමියාගේ ගුදයට ඇඟිල්ලක් ඇතුළු කිරීම වුනත්, සෙක්ස් ටෝයි එකක් ඇතුළු කිරීම වුනත් පිරිමියාට තෘප්තියක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තෘප්තියක් ලබන්න පිරිමියා සම රිසි හෝ උභය ලිංගික වෙන්න ඕන නෑ. 

 

4. යන්න කලින් ගත්තොත් හරි!

මේක අනිවාර්යයෙන්ම හැම දෙනාම දැනගෙන ඉන්න ඕන මිත්‍යාවක්. හැබැයි නරක තමයි ගොඩක් දෙනෙක් මේක වැරදි උපත් පාලන ක්‍රමයක් කියලා නොදැන ඉඳීම. ඔව්. මේ කියන්නේ, තමන්ට ශුක්‍ර පහ වෙන්නට කලින් පුරුෂ ලිංගය යෝනියෙන් එලියට ගැනීම ගැන. ගොඩක් දෙනෙක් හිතන්නේ යන්න කලින් ගත්තොත් අවදානමක් නැහැ කියලා. හැබැයි ලෝකේ තියෙන අනෙකුත් උපත් පාලන ක්‍රම එක්ක බැලුවහම මේක උපත් පාලන ක්‍රමයක් නෙවෙයි. මොකද, තමන්ට ශුක්‍ර පහවෙන්න කලින් ලිංග මුණ්ඩයෙන් පිටවෙන තරලයේ ශුක්‍රාණු නොතියෙයි කියලා තහවුරු කරන්න බෑ. තමන්ට හරියටම ශුක්‍රාණු පහවෙන්න කලින් යෝනියෙන් එලියට ලිංගය ගන්න පුළුවන් වෙයිද කියලා හරියටම කිසිම කෙනෙක්ට ෂුවර් කරන්නත් බෑ. අන්න ඒ නිසා මේක අසාර්ථක ක්‍රමයක්.

 

5. තනියෙන් වැඩ හොඳ නෑ!

මේක ගොඩක් ඔය හතේ අපේ පොත එක්ක එහෙමත් ආයෙමත් ආයෙමත් ආපු විවාදයක්. කොහොමත් ඔය ළමයි ස්වයං වින්දනයේ යෙදෙන එක පරණ තාලේ දෙමව්පියෝ ඒ තරම් ලිහිල්ව සලකන කාරණාවක් නෙවෙයි. ඔය සමාජ සංස්කෘතික ඝට්ටනත් එක්ක ස්වයං වින්දනයෙන් මානසික ව්‍යාකූලතා ඇතිවෙනවාය, ශාරීරික ප්‍රශ්න ඇතිවෙනවාය, පව් සිද්ධ වෙනවාය වගේ අදහස් සමාජගත වෙලා තියෙනවා. ඒ නිසාම ස්වයං වින්දනයේ යෙදිලා සමහරු තමන් වැරැද්දක් කළාය කියලා මනසින් වැටෙන අවස්ථාත් තියෙනවා. හැබැයි ඒක මිත්‍යාවක්. ඇබ්බැහියක් නොවෙන තාක්කල් ස්වයං වින්දනය කියන්නේ කිසිම නරකක් තියෙන දෙයක් නෙවෙයි. ඕනෑවට වඩා ස්වයං වින්දනයට ඇබ්බැහි වීම, ඒ කියන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතේට බාධා එල්ල වෙන තරමට ස්වයං වින්දනය කරන්න යෑම විතරයි නරක.  

 

6. හයියෙන්, වේගෙන් තමයි කරන්න ඕනා!

මෙන්න මේකත් ගොඩක් දෙනෙක්ගේ ඔලුවේ තියෙන මිත්‍යාවක්. ඒ තමයි, තමන්ගේ ගැහැණියට හොඳ ලිංගික තෘප්තියක් ලැබෙන්නේ හයියෙන්, වේගෙන් සංසර්ගයේ යෙදුණොත්ය කියන එක. මේක ඇත්තටම පුද්ගලානුබද්ධ දෙයක්. එක ගැහැණියක් කැමති වෙන්න පුළුවන් පොඩ්ඩක් රළු විදියට සිද්ධ වෙන ලිංගික කාර්යයකට. තවත් ගැහැණියක් ආස වෙන්නේ මෘදු විදියට සිද්ධ වෙන සංසර්ගයට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මුළු වැර යොදලා, වේගෙන් සංසර්ගයේ යෙදෙන එක ගැහැණු සංහතියටම පොදු දෙයක් කියලා හිතන එකෙන් ඇත්තටම ලිංගික ජීවිතේට අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්. හරි දේ තමයි දෙන්නාගේ කැමති අකමැති දේවල් ගැන හොඳ සන්නිවේදනයක් එක්ක ලිංගික ජීවිතය පවත්වා ගෙන යාම. 

 

7. ඕගැස්ම් නැත්තං බෑ!

මේක ගොඩක් වෙලාවට පුරුෂ පක්ෂය අතරේ තියෙන මිත්‍යා විශ්වාසයක්. ඒ තමයි සෙක්ස් එන්ජෝයි කරන්න නං අනිවාර්යයෙන්ම ඕගැස්ම් එකක්, එහෙම නැතිනම් සුරතාන්තයක් අවශ්‍යයි කියන එක. ඇත්තටම මේක දෙන්නගේ අවබෝධය මත සිදුවෙන්න ඕන දෙයක්. සුරතාන්තයක් ගැන නොහිතා වුනත් සෙක්ස් එන්ජෝයි කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා ඒකම අත්‍යාවශ්‍යයි කියලා හිතාගෙන, අන්තිමට සුරතාන්තයක් ආපු නැති එක ගැන අප්සට් යන්න ඕන නෑ. ඇත්‍තටම තේරුම් ගන්න ඕන දේ තමයි මිනිස්සු සුරතාන්තයන් ලැබීම අතින් ගත්තත්, එකිනෙකාගෙන් වෙනස් කියන එක. ඒ කියන්නේ සමහරුන්ට ඉක්මනටම සුරතාන්තයක් ගන්න පුළුවන් වෙනකොට තවත් කෙනෙක්ට ඒ තරම් ඉක්මනට සුරතාන්තයක් නොලැබෙන්න පුළුවන්. ඒක ඉතින් කතාබහෙන්, ප්‍රැක්ටිස් එකෙන්, උපක්‍රම වලින් ගොඩදාගන්න පුළුවන්. වැදගත් වෙන්නේ සෙක්ස් එන්ජෝයි කරන එක!

 

8. සමහර ගෑණු දෙන්න බලාගෙන ඉන්නේ, සමහර පිරිමි ගන්න බලාගෙන ඉන්නේ!

මෙන්න මේකත් අපිට කියන්න ඕන වැදගත්ම කාරණාවක්. ඔය නිල් කෑලි බලන ගොඩක් පිරිමි හිතනවා ගෑණු ඉන්නේ පුදුම අසහනේකින්ය, උන් තමන්ට පිරිමියෙක් ඇවිත් හේත්තුව දානකල් හරි ටෝක් කරනකල් හරි ඇඳට පනින්න බලාගෙන ඉන්නවාය කියලා. අන්න ඒක පරම මිත්‍යාවක්. ලිංගික ආශාවන් තියෙන පිරිමින්ට වගේම ලිංගික ආශාවන් තියෙන ගැහැණුන්ටත් සෙක්ස් ඕන. ආයෙ ඒකේ දෙකක් නෑ. හැබැයි ඇත්තටම යම් මොහොතක ලිංගික සතුටක් අවශ්‍ය වෙලා ඉන්න ගැහැණියක් වුනත්, තමන්ට මුණගැහෙන ඕනම අහඹු පිරිමියෙක් එක්ක යහන්ගත වෙන්න සූදානම් කියලා හිතන එක මිත්‍යාවක්. ඒ විතරක් නෙවෙයි, තමුන් ඒ ඔස්සේ වැඩ කරන්න ගියොත් හිරේ විලංගුවේ වැටෙන්න වුනත් පුළුවන් හිතිවිල්ලක්. ආන්න ඒ නිසා ගැහැණියකට මනුස්සයෙක් විදියට දෙන්න ඕන ගෞරවය දෙනවා මිසක්කා, ලිංගික භාණ්ඩ විදියට සලකන්න යන එක නරකයි.

  ඒ වගේම තමයි, හැම පිරිමියාම කොයි වෙලෙත් මදන විසේ ඔලුවට ගහලා, තමන්ට කරදර කරන්නම බලාගෙන ඉන්නේ කියලා හිතන එකත් ඒ වගේම මිත්‍යාවක් තමයි. හැම පිරිමියෙක්ම ගැහැණියකට ලිංගික හිරිහැර හෝ අපයෝජන හෝ කරන්න බලාගෙන ඉන්නෙ නෑ. අන්න ඒකත් හැම ගැහැණියක්ම ඔලුවේ තියාගත යුතුයි.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!