zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අලුත හඳුනාගත් ක්‍රිටේසීය සාගර යෝධයෙක් මුහුදු රකුසෙකුගේ නම් ලබයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



නොර්වේයානු මිථ්‍යා කතාවල එන Jörmungandr නම් මුහුදු රකුසෙකුගේ නමින් අලුත සොයාගත් ප්‍රාග් ‌ඓතිහාසික සාගරවාසී ඩයිනෝසෝරයෙකු නම් කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා.

Jǫrmungandr walhallaensis ලෙස නම් ලබා ඇති මෙම සත්ත්වයා අදින් වසර මිලියන 80කය පමණ පෙර උතුරු ඩැකෝටාව ආසන්න මුහුදේ වාසය කර තිබෙනවා.

“ඔබ යෝධ කොමෝඩෝ ඩ්‍රැගන් කෙනෙකුට කිමිදුම් සෙරෙප්පු පැළැන්දුවොත් මැවෙන විදිහේ සතෙක් තමයි ඒ.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වූ ඇමරිකානු ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ සමාපේක්ෂක ජීවවිද්‍යාව පිළිබඳ පස්චාද් උපාධි ශිෂ්‍යයාවක වන Amelia Zietlow සඳහන් කරනවා.

Zietlow සහ කණ්ඩායමට මුලින් ම මේ ක්‍රිටේසීය යුගයේ ආදි සත්ත්වයා ගැන ඉව වැටුණේ 2015 වසරේ දී උතුරු ඩැකෝටාවේ වල්හල්ලාවෙන් හමු වූ අස්ථි කොටස් කිහිපයක් හේතුවෙන්. බොහෝ දුරට පරිපූර්ණ ව සුරැකී තිබූ හිස් කබලක්, හකු, සහ කොඳුඇට පුරුක් කිහිපයක් ඔවුන්ට එහි දී හමු වී තිබුණා.

කණ්ඩායම පසුගිය ඔක්තෝම්බර් 30 දා සිය අධ්‍යයනය Bulletin of the American Museum of Natural History ජර්නලයේ පළ කළා. එහි සඳහන් ආකාරයට mosasaur කුලයට අයත් මේ ‘මුහුදු කටුස්සා’ මීටර 7ක දිගකින් යුතු ව ඇති බවයි.

J. walhallaensisගැන වැඩිදුර විශ්ලේෂණයන්ගෙන් අනාවරණය වී ඇති පරිදි ඔවුන් ද සෙසු mosasaur සාමාජිකයන්ට පොදු ලක්ෂණවලින් හෙබි ව සිට තිබෙනවා. එම කුලයට ම අයත් Clidastes හා Mosasaurusලාට වඩා විශාල සිරුරකින් හෙබි ඔවුන් හට ජලයේ පහසුවෙන් හැසිරීම සඳහා මෝරුන්ට මෙන් වල්ගයක් ද හිමි ව තිබෙනවා. J. walhallaensisගේ හිස් කබලෙන් අනාවරණය කරගත් පරිදි ඔවුන්ගේ ඇස් කෙවෙනිවලට ඉහළින් අස්ථිමය වැටියක් පිහිටා තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එනිසා ඔවුන් ‘කිපුණු ඇහිබැමක්’ සහිත සත්ත්ව වි‌ශේෂයක් ලෙස දිස් වන්නට ඇති බවයි.

J. walhallaensis වඩාත් නෑකම් කියන්නේ කටුස්සන්ට ද නැතහොත් සර්පයන්ට දැ යි එකඟතාවකට එන්නට පාෂාණධාතුවේදීන් තවමත් සමත් වී නැහැ. කෙසේ වෙතත් මේ සොයාගැනීමත් සමගින් ප්‍රාග් ඓතිහාසික සාගර ජීවීන් ගවේෂණය කෙරෙහි නව ප්‍රදීපයක් දැල්වුණු බව ඔවුන් පවසනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    November 1, 2023 at 4:49 PM
    😶
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!