zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Osiris-Rex ගෙනා බෙනූගේ සාම්පලවල ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


සත් වසරක මෙහෙයුම නිමා කරමින් Osiris-Rex මඟින් ගෙන එනු ලැබූ බෙනූ ග්‍රහකයේ සාම්පලවල ඡායාරූප පසුගිය දා NASA ආයතනය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුණා. එම සාම්පල කළු පැහැති ගල් කැබලි සහ කුඩක් ලෙස පවතින බව පෙනෙන්නට තිබුණා.

කෙසේ නමුත් රැගෙන ආ මුළු සාම්පලවල බර කොපමණ දැ යි නිවැරදි ව හඳුනාගන්නට විද්‍යාඥයන් පවා තවමත් සමත් වී නැහැ. එයට හේතුව තවමත් සාම්පල රැස් වී ඇති ප්‍රධානතම කුටීරය විවර කර නොමැති වීම බවයි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී NASA බලධාරීන් සඳහන් කළේ.

මෙලෙස ප්‍රදර්ශනය කෙරු‌ණේ අභ්‍යන්තර සාම්පල කුටීරයේ පිටත දාරය වටා විසිරී තිබූ කළු පැහැති කුඩක් බවයි මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥ Dante Lauretta සඳහන් කළේ. ඔහු සඳහන් කළේ තවමත් එතුළ ‘පිටසක්වළ අමුද්‍රව්‍යවලින් සැදුම් ලත් නිධානයක්’ අධ්‍යයනයන්ට බඳුන් වීමේ අපේක්ෂාවෙන් බලා හිඳින බවයි.

කාබන්වලට අමතර ව ජලය ද මේ සාම්පලවල අඩංගු වන බව Dante Lauretta සඳහන් කරනවා. ඒ මැටි වැනි තෙත සහිත ඛනිජ තුළයි. ඔහු පෙන්වා දුන්නේ පෘථිවියට ද ජලය පැමිණෙන්නට ඇත්තේ එලෙසින් බවයි. ‘අපි බෙනූගෙන් දකිනවා වගේ ඛනිජ අදින් වසර බිලියන 4ත් 4.5ත් අතර අතීයක දී පෘථිවියට පතිත වූ අතර අපේ ලෝකය ඉන් වාසයට සුදුසු ලොවක් බවට පරිවර්තනය වුණා.’ ඔහු සඳහන් කරනවා.

සෞරග්‍රහ මණ්ඩලය සහ පෘථිවිය පිළිබඳ මිනිසාගේ වටහාගැනීම වර්ධනය කරගැනීම ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් යටකරමින් සිදු වූ මෙ‌ම මෙහෙයුමේ ප්‍රධානතම අරමුණක් වී තිබුණා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!