අල්ලේ රේඛා වලින් සාස්තර කියන්න පුලුවන් කියලා සමහර අය නම් තදේටම විශ්වාස කරනවා. නමුත් සමහරු නම් තඹ සතේකට මේවා විශ්වාස කරන්නෙ නෑ.
මේ ගැන කියන්න තියෙන්නෙ ඉතින්, මිත්‍යාවෙ අනවශ්‍ය ලෙස ගැලෙනවා කියන්නෙ මුළු ජීවිතේම අඳුරේ හෙලන්න පුලුවන් වැඩක්. නමුත් ඒ වගේම මේ අපි ජීවත් වන විශ්වය කියන්නෙ අපිට දැනගන්න බැරි දේවල් වලින් පිරිලා තියෙන තැනක්. එතකොට සමහර විට අපි දන්නා විද්‍යාවන්ට එපිටින් දේවල් තියෙන්න පුලුවන්.
ඒක කොහොම වුණත්, විශ්වාස කරන අයට විශ්වාස කරන්නත් අවිශ්වාස කරන අයට අවිශ්වාස කරන්නත් සම්පූර්ණ ඉඩකඩ තියන ගමන් මේ ඔයාට කියන්න යන්නෙ හස්ත රේඛා ශාස්ත්රයේ පොඩි කියැවීම් ටිකක් ගැනයි
1. හෘද රේඛාව

ඉතාම පැහදිලිව පෙනෙන, ඒ වගේම දිග හෘද රේඛාවක් තියෙන අය ඉතාම ගුණ යහපත්, ප්‍රියමනාප අයයි. ඔයා පාර පනින්න හදන වයස කෙනෙක්ව අනිත් පැත්තට ඇරලවන්නෙ නැතුව කවදාවත් මගාරින්නෙ නෑ. මොන තරම් අමාරුකම් තිබ්බත් වයසක, ගැබිනි කෙනෙක්, අමාරුකමක් තියන කෙනෙක් දැක්කොත් අහක බලාගෙන නිදි වගේ බස් එකේ ඉඳගෙන ඉන්නෙ නෑ. සමහර විට ඔබ කරන වැඩියෙන්ම නරක දේ USB ඩ්‍රයිව් එකක් unsafely ගලවන එක වගේ එකක් තමයි.
ඔයාට තියෙන්නෙ කෙටි ඒ වගේම කැපී නොපෙනෙන හෘද රේඛාවක් නම් ඒකෙන් කියන්නෙ ඔයා හදවතක් නැති නරක ඌරෙක් කියන එක. ඔයාට කවදාවත් පාරෙ ක්‍රිකට් ගහන ළමයින්ගෙ බෝලෙ ඔයාගෙ වත්තට ආවොත් ඒක ආපහු දෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි.
2. ජීවන රේඛාව

ජීවන රේඛාව ඉතාම පැහදිලිව දිගට පිහිටලා තියනවා නම් ඔබ ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක් කොතන ගියත් ඔබව හඳුනන පිරිසක් ඉන්නවා. ඕනම සෙනඟ ගොඩක් මැද්දෙ ඔබේ නම කතා කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම මුළු සති අන්තෙම පාටි වලට එක්කන් යන ජාතියේ මිත්‍රයො රාශියකුත් ඉන්නවා.
ඔයාගේ ජීවන රේඛාව ලා පාටට කොටට පිහිටලා තියනවා නම් ඔයා ඉක්මණටම මැරෙනවා. ඒ වගෙම ඔයා හුදකලා වෙලා කාත් එක්ක වත් කතා බහ නොකර ගෙදර අස්සටම රිංගගෙන ඉන්න කෙනෙක්. ඔයාගෙ විනෝදාංශයත් ඒ වගේ ඒවා වෙන්න පුලුවන්. ෆේස් බුක් එකේ පෝස්ට් වලට කැත කමෙන්ට් දාන එකටම සැදී පැහදීගෙන ඉන්නෙ මේ අය තමයි.
3. ශීර්ෂ රේඛාව

ඔයාගෙ ශීර්ෂ රේඛාව හොඳට පැහැදිලිව තියනවා නම් ඒකෙන් කියන්නෙ ඔයා ඉතාම වාසනාවන්ත කෙනෙක් කියලා. ඒ වගේම ඔයාට බිස්නස් වලට හොඳ ඔලුවක් තියනවා. ඔයා කවදාවත් යතුර අමතක කරලා දොර වහන, කරන්ට් බිල ගෙවන්න අමතක කරන, හොද්ද ලිපේ තියලා ටී වී බලන ජාතියේ කෙනෙක් නෙවෙයි.
මේ රේඛාව ක්ෂය වෙලා වගේ තියන අය තමයි ඔය ගොඩක් වෙලාවට යන්නම් කියල ගිහින් ෆෝන් එක අමතක වුණා, යතුර අමතක උණා කියලා ආපහු එන්නෙ. මෙයාලගෙ මතකය තරමක් දුර්වලයි. දෙවියො ඔයාට මේ ලක්ෂණය දීලා තියෙන්නේ නම් හේතුවකට. මොකද ඔයා ලැජ්ජයි බයයි. අනිත් කෙනෙක් ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරල දෙනකල් බලාගෙන ඉන්නවා ඔයා. ඒ වගේම ඔයා පූසන්ට ආදරේ කෙනෙක්.
4. දෛව රේඛාව

දෛව රේඛාව හොඳට පැහැදිලිව පිහිටලා තියන අය හරියට වාසනාව විශ්වාස කරනවා. ඔයා දිනපතාම ටිකට් පහක් දහයක් ගන්න කෙනෙක්. අවුරුද්දට එහෙම නම් ඔයා කාඩ් ආශ්රයෙන් සහ කැට ආශ්රයෙන් කරන ජන ක්‍රීඩා වලට යොමු වෙන කෙනෙක් වෙන්නත් පුලුවන්. ටීවී එකේ නාට්‍ය බලල අහන ප්‍රශ්න වලට උත්තර යවන්නත් හිතෙනවා ඔයාට.
ඔයාගේ මේ රේඛාව ලාවට පිහිටලා තියනවා නම් ඔයා ලෝක කපටි ගණයට තමයි වැටෙන්නෙ. හැබැයි ඔයාට බොරු කරන්න කාටවත් බෑ. නූල් කෑල්ලටත් ඇහැ ගහගෙන ඉන්නෙ. ක්‍රීඩා වලට ඔයා කැමතිම නෑ. ඒ වගේම ඔයාට ටයිටැනික් බලලා හිනා ගියා. ඒ වගේම ඔබ පොඩිකාලේ ආසම හැංගි මුත්තං වලට හැබයි ඔයාගෙ නරියෙක් වගේ කපටිකම නිසා ඔයාව දවසම හොයාගන්න වෙන් නෑ කාටවත්.
ඔන්න මලයාලම් සාස්තරයක් කියනව වගේම කෙලින්ම කිව්වා. මේවගෙන් කොච්චරක් හරිද වැරදිද කියලා අපටත් කියන්න.
අන්තර්ජාලය මගින් උපුටා ගන්නා ලද්දකි.
Post a Comment