zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ශෘංගාරය වෑහෙන Netflix කතා මාලා සහ චිත්‍රපටි 7ක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



මේ ලිපිය සඳහා මාතෘකාව මොන වගේ වෙන්න ඕන ද කියන එක ගැන අපි සෑහෙන්න දුරට කල්පනා කරලා තමයි මේ මාතෘකාව දැම්මෙ. හැබැයි හරිම මාතෘකාව වෙන්නේ කාමුක චිත්‍රපටිවලට සමාන Netflix කතාමාලා කියන එක. එහෙම දැම්මොත් සීමාව ඉක්මවා යයි කියලා හිතලා තමයි ඔය මාතෘකාවෙන් ෂේප් වුණේ. හරි එහෙමනං Netflix ගැනවත් කාමුක චිත්‍රපටි ගැනවත් ආපහු අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙයි කියලා අපි හිතන්නේ නැහැ. එහෙම නම් මේවා කැමතිනම් බලලා ඒවල හොඳ නරක අපිට කියන්නත් අමතක කරන්න එපා.

1.She’s Gotta Have It

1986 වර්ෂයේ දී තිරගත වූ චිත්‍රපටයක් සඳහා පාදක වූ නවකතාවක් ඇසුරෙන් මෙම මාලා නාටකය නිෂ්පාදනය කිරීමට Netflix ආයතනය තීරණය කළා. කෙසේ නමුත් කතාමාලා දෙකකින් පසුව එය නතර කර දැමීමට ඔවුන් තීරණය කළා. කාන්තාවක් තවත් පුරුෂයන් තිදෙනෙකු සහ කාන්තාවක් සමග පවත්වාගෙන යන සම්බන්ධතා වල ඇතිවන විවිධ ගැටුම්, හැලහැප්පීම් මේ කතාව සඳහා පාදක වුණා. එහිදී එක් එක් සබඳතාවය සමග නිරායාසයෙන්ම ඇති වන කායික රාගය නිරූපණය කිරීමට ගන්නා ලද උත්සාහය ඇතැම් අවස්ථාවල අසභ්‍ය චිත්‍රපටි දර්ශන වලට යම්තාක් දුරකට සමානකම් දැක්වූවා.

 

2.Easy

චිකාගෝ නගරය පසුබිම කරගෙන නිර්මාණය වුණු මෙම කතාමාලාව පුරාවටම ලිංගික දර්ශන අඩුවක් නැතුව තිබුණා. වෙනස්වන කාලයත් සමඟ ආදරය සහ රාගයෙහි සිදුවන වෙනස් වීම සියුම් ලෙස ග්‍රහණය කිරීමට මෙම කතා මාලාව සමත් වුණා. මෙහි අනෙකුත් විශේෂත්වය වූයේ මෙය හාස්යෝත්පාදක මාලා නාටකයක් වීමයි. බොහෝ රසිකයන් විශ්වාස කරන පරිදි මෙහි උණුසුම්ම දර්ශනය තිදෙනෙකු අතර සිදුවන එක්වීමක් වනවා (දැන් ඒ දර්ශනය තිබ්බේ මොන කතාංගයේ ද කියලා අපෙන් අහන්න එපා, හොයාගන්න).

3. A Perfect Ending

තම සැමියාගෙන් කිසිදු දිනක සුරාන්තය අත් නොවිඳි කාන්තාවක් සිය මිතුරියන්ගේ (ඔවුන් සමලිංගික සේවනයට ප්‍රිය කරන්නන්) උපදෙස් පරිදි කාන්තා ගණිකාවකගේ සහාය ලබා ගන්නා කතා පුවතක් මේ චිත්‍රපටය සඳහා පාදක වී තිබෙනවා. රාගයට පමණක් සීමා නොවී ඉදිරියට ගලායන එම කාන්තාවන් දෙදෙනාගේ සම්බන්ධතාවය මේ චිත්‍රපටයෙන් මැනැවින් පිළිඹිබු කෙරෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ සරාගී නිදන කාමර දර්ශන කිහිපයකින්ම මේ චිත්‍රපටය සමන්විත වෙනවා.

4. Cable Girls

ස්පාඤ්ඤය සඳහා නිර්මාණය කෙරුණු මුල්ම Netflix කතා මාලාවක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1920 මැඩ්රිඩ් නගරය පාදක කොටගෙන විකාශය වන මෙම කතා පුවත සඳහා භාවිතා කරන ලද පසුතල සහ ඇඳුම් නිර්මාණ ඉතා ඉහළ නිරවද්යතාවකින් යුක්ත වූ බවට විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක් වුණා. එසේම තිදෙනකු අතර සිදුවන විවිධාකාර ලිංගික දර්ශන නිරූපණය කර තිබූ ආකාරයත් මෙය නරඹන පිරිස් අතර නොමද පැසසුමට ලක් වුණා.

 

5. Ingobernable

මෙක්සිකෝවේ ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව කේන්ද්‍ර කර ගනිමින් දේශපාලන මාලා නාටකයක් ආකාරයට මෙම කතාව විකාශය වනවා. එම විවාහයෙන් බැහැරව රාගය සොයා යෑම සහ ඒ හා එකට බැඳුණු දේශපාලනය මේ කතා මාලාව තුළින් මනාව පිළිබිඹු වනවා.

 

6. Ibiza: Love Drunk

නිව්යෝර්ක් නගරයේ වාසය කරන ව්‍යාපාරික කාන්තාවක් තම රාජකාරි කටයුත්තක් සඳහා ස්පාඤ්ඤයේ බාසිලෝනා වෙත සංචාරයක නිරත වීමත් ඒ අතරතුර දී ඇයට මුණ ගැසෙන DJ කෙනෙකු සමග ඇති කරගන්නා සම්බන්ධතාවයත් මෙම චිත්‍රපටිය සඳහා පාදක වනවා. ඔවුන් දෙදෙනා අතර අඩ අඳුරේ සිදුවන හමුවීමක දර්ශනයට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා.

 

7. Sex/Life

මේ කතා මාලාව ලංකාවේ උදවිය නම් කොයිතරම් දුරට බලල තියෙනවද කියන එක ගැන නම් අපිට හරි දැනීමක් නැහැ. කොහොම වුණත් “sex/life” ඔබ විසින් නැරඹිය යුතුම නිර්මාණයක් විදියට නිර්දේශ කරන්න පුළුවන්. ඔබට අලුත් අලුත් දේවල් අනිවාර්යයෙන්ම ඉගෙන ගැනීමේ හැකියාවත් මේ හරහා ලැබෙන බව අපට අවධාරණය කරන්න පුළුවන් (ඒ පිළිබඳව ඉදිරියේදී ලිපියක් ඔබ වෙත ගෙන එන්නත් අපි බලාපොරොත්තු වෙනවා).

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!