zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ෆෝන් එකේ ඉන්න එක පොඩ්ඩක් අඩු කරලා වැඩියෙන් පාඩම් කරන්න ටිප්ස් හතක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



දැන් මේ ඔන්ලයින් උගන්නන ක්‍රමවේදයත් එක්ක අපි හැමෝම වගේ මේ ෆෝන් එක කියන දේට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා කිව්වොත් වැරදි නෑ. ඒ තරම් අපි ෆෝන් එකට ඇබ්බැහි වෙලා.


1. උදේ පාන්දරින්ම ෆෝන් එකට මුල් තැන දෙන්න එපා

සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ මුලින්ම නැගිට්ට ගමන්ම ඇඳට වෙලා ආපු මැසේජ් , නොටිෆිකේශන් ඔහේ බලබල ඉන්න එකනේ. ඉතින් ෆෝන් එකට ඇබ්බැහිය අඩු කරන්න පුළුවන් පළවෙනි පියවරත් ඕක නැවැත්වීම තමයි. පුළුවන් තරම් ෆෝන් එක උදේට බලන එක සීමා කරගන්න. ඒ වෙලාවට වැදගත් දෙයක් නැත්නම්, පුළුවන් නම් ෆෝන් එක ඕෆ් කරන් ඉන්න. එතකොට ඔයාට පුළුවන් මේ ෆෝන් එකට තියෙන ඇබ්බැහිය පොඩ්ඩක් හරි අඩුකරගන්න. 

 

2. මහ රෑ චාර්ජ් නොකර ඉන්න

ඔයාට පහුවෙනිදා උදේට ඔන්ලයින් ලෙසන්ස්, මීටින් මුකුත්ම නැත්නම් ඔයා පුරුදුවෙන්න රෑට ෆෝන් එක චාර්ජ් නොකර ඉන්න. ෆුල් චාර්ජ් වෙච්චි ෆෝන් එකකට අපි හැමෝම මාර පෙරේතයිනේ. ඉතින් ඒ පෙරේතකම පුළුවන් තරමක් අඩු කරගන්න. නැත්නම් අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ බැට්‍රි ලෝ වෙච්චි ෆෝන් එකක් වගේ මුකුත් නොපිරුණු ජීවිතයක් වෙන්න පුළුවන්.

3. අනවශ්‍ය සමාජ ජලා අයින් කරමු

ඇත්තටම වර්තමානය වෙද්දී ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් වගේ මෙකී නොකී සමාජ ජලා රැසක් තියෙනවා. ඒ හැම එකටම වගේ ඔයාට පුළුවන් Chrome එකෙන් ලොග් වෙන්න. ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ ඇප්ස් අයින් කරන්න. එතකොට ඔයාට ඒ හැම ඇප් එකකටම Chrome එකෙන් තමයි ලොග් වෙන්න වෙන්නේ. එතකොට ඒක ඔයාට ටිකක් විතර කරදරයක් වෙයි ඇත්තටම. ඒත් ඔයා කොයිම මොහොතකමවත් ආයේ ඒ ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න නම් එපා… 

 

4. තමන්ටම සීමා දාගන්න

 

තමන්ටම සීමා දාගන්න කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේකයි. දැන් මෙහෙම හිතන්න… “මම ගණිතය ප්‍රශ්න පත්තරයක්ම ඉවර කළොත්, ඉතිහාසය පාඩමක් පාඩම් කළොත් මම ෆෝන් එක පැයක් බලනවා, නැත්නම් ටීවී සීරීස් එකක් බලනවා.” මෙන්න මේ වගේ ඔයාට පුළුවන් ඔයාට සීමාවන් තියාගන්න. එතකොට ඔයා පාඩම් කරන්නත් ෆෝන් එකට වගේම ඇබ්බැහි වෙනවා. මොකද ෆෝන් එක ඔයාට ලැබෙන්නේ පාඩම් කළොත් විතරයි නේ… 

5. නොටිෆිකේෂන්ස් ඕෆ් කරන්න

ෆෝන් එක පැත්තකට දාල පාඩම් වැඩක් කරන් ඉන්න වෙලාවක ෆෝන් එකේ නොටිෆිකේෂන් සවුන්ඩ් එකක් ඇහෙනවා කියන්නෙ අපේ අවධානය කැඩෙන තැනක්. ගොඩක් වෙලාවට කිසි වැදගත්කමක් නැති පණිවිඩයක නොටිෆිකේෂන් එකක් තමයි ෆෝන් එකට එන්නේ. ඒත් අපිට හිතෙන්නෙම ඒක මේ මොහොතේ අතිශය වැදගත් දෙයක් වෙන්න පුළුවන් කියලයි. ඉතින් නොටිෆිකේෂන් චෙක් කරන්න කියලා ෆෝන් එක අතට ගන්න අපි අන්තිමේදි නවතින්​නේ සෑහෙන වෙලාවක් සෝෂල් මීඩියාවල වෙනත් ඕපදූප හොයන්න වැය කරලයි. එනිසා හැකි සෑම වෙලේම නොටිෆිකේෂන් ඕෆ් කරලා තියාගන්න. නැතිනම් නිතර නොටිෆිකේෂන් නොඑන විදිහට සෙටිංග්ස් හදාගන්න.

 

6. AppDetox

මේක නම් ඇප් එකක්. ඒත් මේකෙනුත් ඔයාට ෆෝන් ඇබ්බැහිය අඩු කරගන්න පුළුවන් සෑහෙන්නම. අපි මේ ඇප් හරහා Facebook ‍තෝරගත්තා කියමු. ඊට පස්සෙ මේ ඇප් එකෙන් අහනවා අපිට මොනවද කරන්න ඕන කියලා. මේකෙන් අපිට Facebook එන වෙලාව සීමා කිරීමේ ඉඳලා, Facebook ඇප් එක පාවිච්චි කරන වාර ගාණ සීමා කිරීම දක්වා වගේම ටික දවසකට අපිට ෆේස්බුක් එන්න ඉඩ නොදීමේ ඉඳලා සදහටම ෆේස්බුක් බ්ලොක් කිරීම දක්වාම විකල්පයන් ගණනාවක් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ඇප් එකට පින්සිද්ද වෙන්න ඉක්මනින් ඔයාගේ ඔය ඇබ්බැහිය අඩු කරගන්න පුළුවන්.

7. Forest: Stay focused ඇප් එක

ඒක මෙහෙම ඇප් එකක්. සරලවම අපි වැඩකට Focus වෙනකොට මේ ඇප් එක පාවිච්චි කරලා මේකේ ඩිජිටල් අවකාශයේ පැළයක් හිටවනවා. මේ පැළයට සාත්තු කරන්න සිද්ධ වෙන්නේ අපි වැඩට අවධානය යොමු කරලා ඉන්න ප්‍රමාණය අනුව. අපි වැඩ පැත්තක දාලා Facebook ගිහිල්ලා හිටියොත් ඔන්න ඉතින් පැළේ මැරෙනවා. හැබැයි අපේ ෆෝන් ඇබ්බැහිය, Social Media ඇබ්බැහිය කැඩෙන කොට, මේ පැළෙත් මහා රූස්ස ගහක් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ ඇප් එකෙනුත් ෆෝන් ඇබ්බැහිය අඩු කරගන්න.

 

එහෙනම් ඔයා දැන් දන්නවා කොහොමද ෆෝන් එකේ ඉන්න එක පොඩ්ඩක් අඩු කරලා වැඩියෙන් පාඩම් කරන්නේ කියලා. ඉතින් මේ අනුව පාඩම් වැඩ හොඳට කරලා හොඳ විභාග ප්‍රතිඵලයක් ගන්න කියලා අපි ඔයාට සුබ පතනවා…

Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    October 20, 2023 at 12:43 PM
    Thanks ruvindiyooo
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!