zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

උදේට පාඩම් කරන අයටයි මේ ටිප්ස් හත

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



අපි අද කියන්නේ උදේට පාඩම් කරන අයට වැදගත්වන උපදෙස් කීපයකුයි. උදේ කියලා අදහස් කළේ උදෑසන 4 – 8 වගේ වෙලාව වෙනකන් කාලයයි. නැත්නම් ඉස්කෝලේ යන්න පැය දෙකකට විතර කලිනුත් මේ ටිප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයත් උදේට පාඩම් කරන කෙනෙක් නම් මේ ටිප්ස් හත ඔයාට වැදගත් වේවි. 

රෑට පාඩම් කරන අයට ටිප්ස් හතක්

1. වොෂ් එකක් දාගන්න 

මුලින්ම උදේ නැගිට්ට ගමන්ම හොඳ වොෂ් එකක් දාගන්න. ඒක ගොඩාක් හොඳයි ෆ්‍රෙෂ් පිට එක දිගට පාඩම් කරන්න. උණු වතුරෙන් වගේ වොෂ් එකක් දාගන්නවට වඩා ටිකක් ඇල් වතුරෙන් වොෂ් එකක් දාගන්න එක වැඩිය හොඳයි. එතකොට ඔය තියෙන ඈලි මෑලි ගතියත් ඇරිල යාවි. එක දිගට කම්මැලි නැතුව හොඳ අවධානයකින් පාඩම් කරන්න පුළුවන් එතකොට…

 

2. වතුර එකක් බොන්න 

වතුර කියන්නේ අපේ ඇඟට අවශ්‍යම දෙයක්නේ. පාඩම් කරන්න පටන් ගන්න කලින් අඩුම තරමේ වතුර වීදුරුවක්වත් බොන්න. ඊට පස්සේත් පැය භාගෙකට සැරයක් හරි වතුර වීදුරුවක් බොන්න. එතකොටත් ඔයාට එක දිගට ඕනම දෙයක් පාඩම් කරන්න පුළුවන් කම්මැලි නැතුව.

3. කම්මැලි නැත්නම් ඕන එකක් 

අපි අර රෑ පාඩම් කරන්න උපදෙස් දුන්නු ලිපියෙදි කිව්වේ ලේසි විෂයක් පාඩම් කරන්න තෝරගන්න කියලයි. ඒත් උදේ ඔයාට කම්මැලි වගේ නැත්නම් ඕනම විෂයයක්, ඒ කිවුවෙ අමාරු විෂයයක් වුණත් පාඩම් කරන්න තෝරා ගන්න පුළුවන්. බ්‍රහ්මයාගේ කාලය කියලනේ කියන්නේ ඔය උදේ 4, 5 වගේ වෙලාවට. ඒ වෙලාවට පාඩම් කරන දේවල් ගොඩාක් මතක හිටිනව කියලත් මතයක් තියනවනෙ…

 

4. පැය හයක නින්දක් 

ගොඩක් අය කියන විදියට පැය 8ක පමණ නින්දක් සාමාන්‍ය මනුස්සයෙක්ට හොඳටම ඇති. ඊට වඩා නිදාගන්න නම් එපා පාඩම් කරන දවසට. එතකොට කම්මැලි ගතියකින් මිසක් ජවයකින් වැඩ පටන්ගන්න බැරිවෙයි. අඩුවෙන් නිදාගන්නත් එපා. මොකද එතකොට බොරුවට නැගිට්ටත් අකමැත්තෙන්නේ පාඩම් කරන්න වෙන්නේ. එහෙම කරලා වැඩක් වෙන්නෙත් නෑනේ…

5. බඩ පුරව ගන්න 

පාඩම් පටන්ගන්න කලින් ඔයා කරන්න ඕනම දෙයක් තමයි හොඳට බඩ පිරෙන දෙයක් කන එක. මේක හොඳ පෝෂ්‍යදායී කෑමවේලක් වෙන එකත් වැදගත්. එතකොට පාඩම් කර කර ඉද්දි බඩගිනි හැදෙන්නෙත් නෑ. එක දිගට පාඩම් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට උදේට කෝපි එකක්, කිරි එකක් වගේ බොන්නත් පුළුවන්. එතකොට නිදිමත ගතියත් තව අඩු වේවි…

 

6. කලින් දවසේ රෑ කෝපි බොන්න එපා

 

 රෑට පාඩම් කරන අයට උපදෙස් දෙන ලිපියෙදි අපි කිවුවෙ පාඩම් කරන වෙලාවට කෝපි ටිකක් බොන්න කියලායි. කෝපි බොද්දි වෙන්නේ නිදිමත ගතිය අඩුවෙන එක. ඒත් උදේට පාඩම් කරන්න හිතන් ඉන්න දවසකට කලින් දවසේ රෑ නම් කෝපි බොන එන අවදානම්. මොකද කෝපි නිසා නිදිමත ගතිය අඩුවුනොත් ඔයාට නිදාගන්න වෙන්නේ අඩු කාලයක්. එතකොට පහුවදාට නැගිටින්නත් කම්මැලි හිතේවි. හැබැයි ඉතින් උදේ නැගිටලා කෝපි එකක් බිව්වට නම් කමක් නෑ…

 

7. මැද්දේ පොඩි බ්‍රේක් එකක් 

මේක නම් ඕන වෙලාවක පාඩම් කරද්දි කරන්න ඕනම දෙයක්. පැය භාගෙකට විනාඩි දහයක විතර පොඩි බ්‍රේක් එකක් ඔයාට ගන්න පුළුවන්. ඒ වෙලාවේ එළියේ පොඩ්ඩක් ඇවිදින්න, සිංදුවක් අහන්න, පොඩි ස්නැක් එකක් ගන්න වගේ ඔයාට පුළුවන්. හැබැයි සෝෂල් මීඩියා භාවිතා කරන්න නම් යන්න එපා මේ වෙලාවෙ. එතකොට ඔයාගේ මනස එතන තියෙයි, පාඩම් කරපු ඔක්කොම අමතක වෙයි…

 

මේ ටිප්ස් හත ඔයාට ගොඩක් වැදගත් වේවි කියලා අපි හිතනවා. මේ වගේ ඔයත් දන්න ටිප්ස් ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා… 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!