zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දශක හතකට පසු ‘යක්ෂ ධූමකේතුව’ යළිත්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



12P/Pons-Brooks ධූමකේතුව මින් පෙර පෘථිවියට දර්ශනය වූයේ අදින් වසර 70කට පෙරයි. එය සතු අසාමාන්‍ය අං දෙකක් වැනි ව්‍යුහය නිසා “යක්ෂ ධූමකේතුව” යන අන්වර්ථ නමින් ද හැඳින්වෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එහි අන්වර්ථ නාමය නිසා අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි. ඉන් පෘථිවියට කිසිඳු තර්ජනයක් පැන නඟින්නේ නැහැ.

යක්ෂ ධූමකේතුවේ දීප්තිය සලකා බැලීමෙන් විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ එහි න්‍යෂ්ටියේ විශ්කම්භය සැතපුම් 12.4ක් පමණ වන බවයි. එය එවරස්ට් කන්ද මෙන් දෙ ගුණයක විශාලත්වයක්. එය අසාමාන්‍ය යමක් වන්නේ සාමාන්‍යයෙන් ධූමකේතුවක පළල සැතපුම් 0.6ත් 1.8ත් අතර පවතින බැවිනුයි.
“අපි දන්නවා ඒක විශාලයි කියලා. ඒක වෙනස් යමක් බවත්, දුර්ලභ යමක් බවත් අපි දන්නවා.” ඇරිසෝනාවේ ලොවෙල් නිරීක්ෂණාගාරයේ පර්යේෂක Teddy Kareta සඳහන් කරනවා.

මින් පෙර අවසන් වතාවට එය පෘථිවියට ආසන්න වූයේ 1954 වසරේ දී යි. 2024 අප්‍රේල් 21 වැනි දා එය යළිත් පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීමට නියමිතයි. ඒ පෘථිවිය සමග නක්ෂත්‍ර ඒකක එකහමාරක පරතරයක් තබා ගනිමින්.

එහි ‘අං’ යුගලය සෑදී තිබෙන්නේ න්‍යෂ්ටියෙන් සිදු වූ කුඩා පිපිරීම් මාලාවක් හේතුවෙන්. එවායේ ද අඩංගු වන්නේ වායුව සහ දුහුවිල්ලයි. එම පිපිරීම් මාලාව ජනනය වූයේ මන් දැ යි නිසැක වශයෙන් හඳුනාගන්නට මෙතෙක් සමත් වී නැහැ. මේ වසරට ම ඉන් එවැනි විදාරණය වීම් දෙකක් වාර්තා වී තිබුණා. ඉන් එකක් ජූලි මාසයේ දීත් අනෙක ඔක්තෝම්බරයේ මුලත් හටගෙන තිබුණා.

Science News ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!