zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ටෙස්ලා විදුලි මොටෝ රියක් හමාස් ප්‍රහාරයකින් ඊශ්‍රායල ජාතිකයෙකු බේරාගනී

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



පිටුපසින් ලුහුබැඳ එන හමාස් වෙඩික්කරුවන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙමින් වුවත් සිය ටෙස්ලා රථය ආරක්ෂාකාරී ව ධාවනය කරමින් රෝහල් ගත වීමට සමත් වූ ඊශ්‍රායල ජාතිකයෙකු පිළිබඳ සිද්ධියක් මේ වන විට X වැනි සමාජ මාධ්‍ය ජාලයන්ගේ ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා. සිද්ධිය මුලින් ම පළ කර තිබුණේ Freedom Partyහි ප්‍රධානී Gilad Alper විසින්. “මේ හමාස් වෙත මුහුණ දීමට සිදු වූ මුල් ම ඊශ්‍රායල ජාතිකයන්ගෙන් අයෙකු බේරා ගත් ටෙස්ලා රථයේ අසිරිමත් කතාන්තරයයි.” ඔහු සිය X පණිවුඩයේ සඳහන් කර තිබුණා. ටෙස්ලා නිර්මාතෘ මෙන් ම X සමාගමේ ද හිමිකරු වන ඊලොන් මස්ක් එයට ප්‍රතිචාර දක්වමින් “ඔහුට එය සිදු කිරීමට හැකි වීම ගැන ස්තුතිවන්ත වනවා” යනුවෙන් සඳහන් කර තිබුණා.

මෙම සිදු වීමට මුහුණ දුන් පුද්ගලයා වාසය කර ඇත්තේ ඊශ්‍රායලයේ දකුණට වන්නට පිහිටි Kibbutz Mefalsim නම් ප්‍රදේශයේ යි. එම ප්‍රදේශයේ හදිසි භට කණ්ඩායමට ඇතුළත් ව සිටි ඔහු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ අනපේක්ෂිත ප්‍රහාරයත් සමගින් හැකි ඉක්මනින් සේවයට වාර්තා කර තිබුණා. ඒ වන විටත් ඔහු දැක තිබූ හමාස් ත්‍රස්ථයන් සිය මෝටර් රථය විදුලියෙන් ධාවනය වන්නක් බව වටහාගැනීමට අපොහොසත් ව සාමාන්‍ය වාහනයක එන්ජිම පිහිටන ඉදිරිපස කොටස ඉලක්ක කරමින් වෙඩි තැබූ බව ඔහු සඳහන් කර සිටියා. එසේ ම ඉන්ධන ටැංකිය පුපුරුවා හැරීමේ අපේක්ෂාවෙන් ඔවුන් රථයේ පිටුපසටත් ප්‍රහාර එල්ල කර තිබුණා.

“ඔවුන් රෝදවලට වෙඩි තැබුවත්,. ඒ මොහොතේ දී පවා ටෙස්ලා රථය පවත්වාගත් ත්වරණය පුදුම සහගතයි. මම ඉක්මනට ම ඔවුන්ගෙන් ඈතට ඇවිත් තිබුණා. ඒත් මට තේරුම් ගියා පුළුවන් තරම් ඉක්මනට රෝහලකට යා යුතු බව. පැයට සැතපුම් 112ක වේගයකින් හුළං බැහැපු රෝදත් සහිතව වාහනය ධාවනය කරන්න මට සිද්ධ වුණා.” රෝහල්ගත ව ප්‍රතිකාර ලබන ඔහු සඳහන් කර තිබුණා.

ඔහුගේ පාදවලට සහ අතට වෙඩි වැදී තිබූ අතර හිස් කබලට ද උණ්ඩ කැබැල්ලක් වැදී තිබුණා. “නමුත් මගේ ඔළුව වැඩ කළා. ලොකු ධෛර්යකින් මාර්ගය මත ම රෝහල දක්වා යන්නට හැකියාව මට ලැබුණා. මෝටර් රථය දිගට ම ධාවනයේ යෙදුණා. එහි බැටරිය රත් වුණේ නැහැ. නමුත් ඒක ලොකු හානියක් අත්වින්දා. උණ්ඩයක් නොවැදිච්ච තැනක් හොයාගන්න නැති තරම්. ඒ නිසයි මම ආයෙත් ටෙස්ලා රථයක් ම අරගන්න කල්පනා කළ යුත්තේ” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ටෙස්ලා වාහනවලට ප්‍රිය කරන බොහෝ දෙනා මේ සුවි‌ශේෂ සිදු වීමෙන් ප්‍රීතියට පත් ව සිටිනු දක්නට ලැබුණා. “ටෙස්ලා කියන්නෙ විස්මිත මෝටර් රථයක්. ඒක කොච්චර සුරක්ෂිත ද කියලා බොහෝ දෙනෙක් තවමත් තේරුම් අරගෙන නැහැ. ඔහුට ආරක්ෂාකාරී තැනකට යාමට හැකි වීම ගැන සතුටුයි.” ඇතැමෙක් අදහස් දක්වා තිබුණා.

The Economic Times ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!