zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇමෙරිකානුවන් සඳ මත පා තැබුවා යන්න ඔවුන්ගේ මවා පෑමක් ද ? නැතිනම් සත්‍ය ක් ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


ඇමරිකානු ජාතික ගගනගාමීන් සඳ මත පා තැබුවේ, රුසියාව සහ ඇමරිකාව අතර අභ්‍යවකාශ තරඟය උච්චතම අවස්ථාවක තියෙන කාලෙ. ඉතින් ඔය කුමන්ත්‍රණ කතා සම්බන්ධයෙන් කියන අය ඉස්මතු කරන කාරණයක් තමයි, ඇත්තටම ඇමරිකානුවෝ හඳට ගියේ නැහැ, හඳට ගියා කියලා පෙන්නන හැම දෙයක්ම චිත්‍රාගාර වල රූගත කරපු දේවල් කියලා. ඒක ඔප්පු කරන්නත් විවිධ සාක්ෂි සාධක යැයි ඉදිරිපත් කරනවා. එතනින් ප්‍රබලම කාරණයක් තමයි, දැන් කාලේ ස්මාට්ෆෝන් එකක තරම් වත් ප්‍රබලත්වයක් තිබුණු පරිගණක නොතිබුණු, තාක්ෂණය දැන් කාලෙත් එක්ක සසඳන කොට අතිශය නොදියුණු මට්ටමක තිබුණු කාලෙක මිනිස්සු හද මත පා තැබුවා නම්, ඇයි දැන් කාලේ බොහොම පහසුවෙන් එහෙම දෙයක් කරන්න බැරි කියන එක. හැබැයි කුමන්ත්‍රණ න්‍යායවාදීන් කොහොම කිව්වත්, මිනිස්සු හද මත පා තැබුවා කියන එක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් කියලා කියන්නත් ඕන තරම් සාක්ෂි සාධක තියෙනවා. ඒ නිසා අපි කරුණු ඉදිරිපත් කරන්න සූදානම්, මිනිසා සඳ මත පා තැබුවා කියන්නේ ඇත්තටම වුණු දෙයක් කියලා කියන්නේ ඇයි කියන්න.


01. වෑන් ඇලන් විකිරණ පටියෙන් බේරුණේ කොහොමද?

Evidence that the moon landing was not fake

මිනිස්සු හඳට ගියපු කතාව බොරුවක් කියන්න, කුමන්ත්‍රණ කතා සම්බන්ධයෙන් විශ්වාස කරන අය ඉදිරිපත් කරන එක තර්කයක් තමයි, පෘථිවිය වටා තියෙන විකිරණශීලී ක්ෂේත්‍රයක් වන “වෑන් ඇලන් විකිරණ පටිය” තුළින් යනකොට, මේ අභ්‍යවකාශගාමින් පිච්චිලා යන්න ඕන නැද්ද කියන එක. ඒක හරි. හැබැයි ඇත්ත කතාව තමයි, ඇපලෝ 11 යානය මේ විකිරණ වලින් ආරක්ෂා කරන්න ගන්න පුළුවන් පූර්ව උපක්‍රම හැම දෙයක්ම, විද්‍යාඥයෝ හිතලා බැලුවා. ඒකට පියවර ගත්තා. උදාහරණයක් විදියට කිව්වොත්, මුළු යානාව ම ඇලුමිනියම් කවරයකින් පරිවරණය කරන්නට විද්‍යාඥයෝ පියවර ගත්තා. හැබැයි එහෙම වෙලත්, සඳ මතට ගිය අභ්‍යවකාශගාමින් ඔය එක්ස්‍ රේ මැෂින්, රේඩියෝ තෙරපි මැෂින් වගේ දේවල් එක්ක වැඩ කරන කෙනෙක් නිරාවරණය වෙන විකිරණ ප්‍රමාණය වගේ දහ ගුණයක විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වෙලා තිබ්බා. ඒක එක සාක්ෂියක් හඳට ගියපු ගමන ඇත්ත කියන්න.

02. හඳට බැස්ස වෙලාවේ ගත්තා කියන ඡායාරූප වල ඇයි තරු නැත්තෙ?

Evidence that the moon landing was not fake

හඳට ඇමරිකානුවෝ පය තැබුවා කියන කතාව බොරුවක් කියලා කියන ගොඩක් කුමන්ත්‍රණ කතන්දර කාරයෝ අහපු දෙයක් තමයි, හඳට බැස්ස වෙලාවේ ගත්තා කියල පෙන්නපු ඡායාරූප වල, ඇයි තරු පේන්නෙ නැත්තෙ කියලා? හඳේ වායුගෝලයකුත් නැහැ, වළාකුළුත් නැහැ. එහෙමනම් හඳේ ගත්ත ඡායාරූප වල, පසුබිමේ තරු එහෙම බොහොම පැහැදිලිව පේන්න ඕනේනේ? හැබැයි ඒකට පිළිතුරකුත් තියෙනවා. පසුබිමේ අහස කලුවට පේන්න තිබුනට, අභ්‍යවකාශගාමීන් ටික හඳට ගියේ මහ රැයක නෙවෙයි. දහවල් කාලයේ. ඉතින් එතකොට රෑ වගේ පෙනුනට, ඔය ඉර හොඳට පායලා තියෙන චන්ද්‍ර දහවල. එතකොට ඉර එළියත් එක්ක ෆොටෝ වල පසුබිමේ තියෙන තරු වගේ කරුණු සටහන් වෙන්න විදියක් නැහැනේ.

03. ඇමෙරිකානු ධජය කොහොමද හුළඟට දිග ඇරෙන්නේ?

Evidence that the moon landing was not fake

ඇපොලෝ 11 මෙහෙයුමේ කාටත් මතක හිටින ඡායාරූපයක් තමයි, ඇමෙරිකානු ධජය හඳ මතුපිට ලෙළ දෙමින් තිබෙන විට, බස් ඕල්ඩ්‍රින් ඒ ධජයට සෙලියුට් කිරීම. හැබැයි, ඇමෙරිකානුවෝ ඇත්තටම හඳට ගියේ නෑ කියලා විශ්වාස කරන අය අහන දෙයක් තමයි, හුලං හමන්න වායුගෝලයක් නැති හඳේ කොහොමද මේ ඇමෙරිකානු ධජය ලෙළ දෙන්නේ කියලා.

ඒකට උත්තරේ මෙහෙමයි. හඳේ සවිකරපු ඇමෙරිකානු ධජය අදටත් ඒ විදියටම ළෙල දෙන විදියට තමයි තියෙන්නේ. ඒකට හේතුව ඒ ධජය හුලඟට ලෙලදෙන නිසා නෙවෙයි. හුළඟට ලෙල දෙනවා වගේ, හිටින්න, ඒ ඇමරිකානු ධජය ඉහළ කෙළවරේ රිටක් සවි කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

04. 1969 දී ඇත්තටම මිනිස්සු හඳට ගියානම්, ඊට පස්සේ කවුරුත් ගියේ නැත්තේ ඇයි?

Evidence that the moon landing was not fake

මේකට උත්තර දෙන්න නම්, මුලින්ම ගොඩක් අයගේ හිතේ තියෙන වැරදි මතයක් නිවැරදි කරන්නට ඕන. ගොඩක් අය හිතාගෙන ඉන්නේ, නීල් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු පිරිස තමයි හඳට ගියපු එකම අභ්‍යවකාශගාමීන් කියලා. ඇත්තම කියනවනම් මේ වෙනකොට, ගගනගාමීන් දොළොස් දෙනෙක් හඳ මතුපිට ඇවිදලා තියෙනවා. නීල් ආම්ස්ට්‍රෝන්ග් තමයි පළවෙනියා. අන්තිමට මිනිසුන් හඳට ගියපු ඇපොලෝ 17 මෙහෙයුම 1972 තමයි දියත් වුනේ.

එතකොට ඇයි අද දවසේ මිනිස්සු හඳට නොයන්නේ? හේතුව සරලයි. මේ වෙනකොට මිනිසාගේ ප්‍රමුඛතාවයන් වෙනස් වෙලා තියෙන්නෙ. අපි හඳ ජය අරගෙන ඉවරයි. දැන් ඊළඟ අභියෝගය වෙන්නේ අඟහරු. ඒ නිසා තමයි හැමෝම, අඟහරු දිනන මෙහෙයුමේ සිටින්නේ. ඒකයි අද දවසේ හඳට යන්න කාටවත් උනන්දුවක් නැත්තේ.

05. සඳ මත තැන්පත් කරපු විද්‍යා උපකරණය

Evidence that the moon landing was not fake

1970 දශකය වෙනකල් සඳ මතට ගියපු අභ්‍යවකාශගාමින්, සඳ මත විවිධ විද්‍යාත්මක උපකාරණ ස්ථාපනය කරලා තියෙනවා. උදාහරණ විදිහට කියනවනම්, භූ කම්පන මානයන්, සඳ මත සුළං සංයුතිය මනින උපකරණ, සඳේ චුම්භක ක්ෂේත්‍රය මනින උපකරණ, සඳ මත දුහුවිලි සංයුතිය මනින උපකරණ වගේ විද්‍යාත්මක උපකරණ තවමත් හඳ මත තියෙනවා. ඒවායින් බොහොමයක් තවමත් පොළවට දත්ත එවනවා. උදාහරණයක් විදියට කිව්වොත්, ඇපොලෝ 11 යානයේ අභ්‍යවකාශගාමින් සඳ මත ස්ථාපනය කළ laser ranging retroreflector array එකෙන් අදටත් දත්ත ලැබෙනවා. ඉතින් මිනිස්සු හඳට ගියේ නැත්නම්, ඔය උපකරණ හඳ මත ඒ විදිහට ස්ථාපනය වෙන්න විදියක් නැහැනේ.

06. සඳ මත පිය සටහන්

Evidence that the moon landing was not fake

සාමාන්‍යයෙන් පෘථිවිය මත පියසටහන් ගොඩක් කල් තියෙන්නෙ නෑ. ඒකට විවිධ හේතු තියෙනවා. අපේ පෘථිවියේ වායුගෝලයක් තිබීම, ඒකත් එක්ක කාලගුණය වෙනස් වීම, අපගේ පෘථිවියේ මතුපිට ජලය තිබීම, පෘථිවිය මත සතුන් ජීවත් වීම වගේ හැම කාරණාවක්ම මේකට බලපානවා. නිකමට හිතන්න, අපි කාන්තාරයක ඇවිදගෙන යනවා, ඒ ක්ෂණයකින් අපේ පිය සටහන් වැලිත් එක්ක එන සුළඟින් මැකිලා යන්නේ නැද්ද? අපි පෘථිවිය මත ඇවිදගෙන ගිහින් තියෙන පියසටහන් මිනිත්තු කීපයක්, දවස් කීපයක්, නැත්නම් වැඩිම උනොත් සති කීපයක් ගත වෙනකොට මැකිලා යනවා. හැබැයි හඳ මත එහෙම වෙන්නේ නෑ. හඳ මත වායුගෝලයක් හරි, කාලගුණික තත්ත්ව හරි නැති නිසා මුලින්ම හඳට ගියපු මිනිස්සුන්ගේ අඩි පාරවල් වල ඉඳන් කාලයක් තිස්සේ දකින්න තියෙනවා. ඒවා නැතිවෙන්න පුලුවන් එකම විදිය, ඔය උල්කාෂ්මයක් එහෙම කඩාගෙන වැටීම විතරයි. ඉතින් ඒ නිසාම නිසාම පස්සේ කාලෙකදී ගත්තු, හඳේ ඡායාරූප වල පවා හඳේ මිනිස් පියසටහන් පැහැදිලිව දකින්නට ලැබෙනවා.


07. මිනිස්සු හඳට ගිය බවට විද්‍යාත්මක සාක්ෂි තියෙනවා

Evidence that the moon landing was not fake

දැන්, හඳට මුලින්ම ගොඩබැස්ස අභ්‍යවකාශගාමියෝ වගේම, ඊට පස්සේ හඳට ගිහින් ආපු අයත් හඳෙන් පාෂාණ වගේ දේවල් ගෙනාවා. ඒ විතරක් නෙවෙයි, ඇපලෝ මෙහෙයුම් වලින් විතරක් ගත්තු ඡායාරූප තියෙනවා, ඒවායින් 8400 ක් විතර මහජනතාවට දකින්න පුළුවන්. එතකොට පැය දහස් ගාණක් වෙන වීඩියෝ සාක්ෂි තියෙනවා. විද්‍යාත්මක දත්ත ටොන් ගාණට තියෙනවා. මේ හැම දෙයක්ම ස්වාධීනව පරික්ෂා කරලා, ඒ කිසිම දෙයක් බොරු නෙවෙයි කියලා ඔප්පු කරලා තියෙනවා. හඳෙන් ගෙනාපු පාෂාණ වුණත්, ලෝකය පුරා පර්යේෂණාගාර වලින් ස්වාධීනව පරික්ෂා කරල තහවුරු කරලා තියෙනවා, ඒවා ඇත්තටම හඳෙන් ගෙනාපු පාෂාණ තමයි කියලා. දැන් එතකොට, ඔය ඔක්කොම ඇමරිකාවේ කුමන්ත්‍රණයක් වෙන්නට බැහැ නේ. ඒ විතරක් නෙවෙයි, අද වුණත් පහළ කක්ෂයක ඉදන් හඳේ ඡායාරූප ගන්නකොට, හඳට ගොඩ බැහැපු ස්ථානය, හඳේ අතෑරල දාල ඇවිත් තියන රෝවර්, මොඩියුල් එහෙම දකින්නත් පුළුවන්.

දැන් මේ විදියට විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ මිනිසුන් හදට ගියාමයි කියලා තහවුරු කරලා පෙන්නුවත්, නෑ එහෙම උනේ නැහැ, මිනිස්සු හඳට ගිය කතාව නාට්‍යයක් කියලා කියන කොන්ස්පිරසි තියරිස්ට්ලා ඕනෑ තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ හතර ගිය කතාව බොරුවක් කියලා මෑතකදී කියන්නේ, පොළොව කියන්නේ තැටියක්, අපි ඉන්නේ ඒ තැටියා උඩ තියෙන dome එකක් ඇතුලේ කියලා කියන Flat earth කට්ටිය තමයි. ඒ වගේම, අමෙරිකාවට කැමති නැති කොටසකුත් මේ ඇමරිකන් කාරයෝ මුලින්ම හඳට ගිය කියන කතාව බොරුවක් කියලා කියනවා. හැබැයි ඉතින් මේ මිනිසා හඳට ගියා කියන එක එක රටකට විතරක් අයිති ජයග්‍රහණයක් නෙවෙයි. ඒක මුළු මහත් මානව ඉතිහාසයේම ජය සළකුණක්!


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!