zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

එක්වරම පෘථිවිය භ්‍රමණය වීම නැවතුනොත් කුමක් සිදු වේවීද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



 සියළුම වස්තූන් තමන්ගේ ගම්‍යතාව යටතේ වේගයෙන් නැගෙනහිර දෙසට විසිවී යයි. පෘථිවිය සමකය මත පැයට කිලෝමීටර් 1609 ක තරම් වේගයකින් භ්‍රමණය වේ. පෘථිවිය භ්‍රමණය නැවතුනොත් ශ්‍රී ලංකාව මතුපිට භූමියේ ඇති සියල්ලට එක්වරම පැයට කිලෝමීටර් 1609 ක තරම් වේගයක් ලැබෙන අතර ක්ෂණයකින් සියල්ල සුනුවිසුණු වී යන අතර උස ගොඩනැගිලි සියල්ල සුන්බුන් බවට පත්වේ ඔබ තත්පරයක් ඇතුලත මීටර් 460 ක් දුරකට විසිවී යයි.සිතා බලන්න එවිට ඔබව යම්කිසි වස්තුවක ගැටුණු විට කුමක්නම් සිදුවිය හැකිද? අප සිතමු පුද්ග⁣ලයෙක් පොළවේ සිදුරක් සාදා එතුල ට වී සිටිවී කියා.එවිට ඔහුට සිදුවන්නේ කුමක්ද ? ඔහු මත ඔහුගේ බර මෙන් 50 ගුණයක පමණ බලයක් ක්‍රියාත්මක වන අතර ඔහුව පොඩිවී මිරිකී ගොස් ක්ෂණිකව මියයි.

 විශාල උදම් රළ ඇති වේ. ඔබ ලංකාව ඇතුලත කුමන ප්‍රදේශයක සිටියත් ගැලවීමක් නැත.පළමු ගැටලුවෙන් ඔබ කෙසේ හෝ දිවි ගලවා ගත්තේ නම් ඊළග ක්ෂණයේ ලග ලගම ඔබ වෙත එන අහස වසා ගත් මුහුදුරළ ඔබට දැකගත හැකි වේවී.ඒවා කෙතරම් ප්‍රබලද යත් පිදුරැතලාගල කන්ද මුදුනේ ඔබ සිටි


යේ නම් ඔබවද එම රළ මඟින් ගසාගෙන යනු ඇත.

 වායු ගෝලය භ්‍රමණය වීමට පටන් ගනී සිතාගත නොහැකි තරම් වේගයකින් සුළං හමායයි. පැයට සැතපුම් 1,100 ට වඩා වේගයකින් හමායන සුළගින් ගැලවීමට කිසිම දෙයකට අවස්ථාවක් නොලැබී යයි.සමහර විට පෘථිවි වායුගෝලයෙන් කොටසක් සම්පූර්ණයෙන්ම පෘථිවිය හැරගොස් අවභ්‍යවකාෂයට මුසුවිය හැකිය.

 ගිනි කඳු පිපිරීම්, සුළි කුණාටු සහ භූමිකම්පා ආරම්භ වනු ඇත. පෘථිවියේ දැවැන්ත චාලක බලය සහ එහි ගම්‍යතාවය පෘථිවියේ ද්‍රව ලාවා අභ්‍යයන්තරය කලත්තනු ඇත.

 එක් අර්ධගෝලයක් කාන්තාරයක් මෙන් උණුසුම් වන අතර අනෙක ඇන්ටාක්ටික් මෙන් සීතල වනු ඇත. පෘථිවිය දිගින් දිගටම එක් අර්ධයක් සූර්යයාට මුහුණලා පවතින අතර එම අර්ධය ගිනියම් වන අතර ජලය සම්පූර්ණයෙන්ම සිදී යයි.එම අර්ධයෙහි තවදුරටත් ජීවයක් පැවතිය නොහැකිය.පෘථිවියේ අනෙක් අර්ධය සදාකාලීක අඳුරේ පවතින අතර සඳ එලිය පමණක් ලැබෙන අතර සදාකාලිකවම අහස වසාගත් තාරකා දැකගත හැකිය.නමුත් එම අර්ධයේද ජීවය වියැකී යයි.මන්ද යත් උෂ්ණත්ව අවම වන අතර දැනට පෘථිවියේ ධ්‍රැව මෙන් අයිස් පමණක්ම එහි පවතිනු ඇත.ධරාගත නොහැකි තරම් ඉතා අධික ශීතලක් පවතිනු ඇත.මෙම අර්ධයන් මාස 6කට සැරයක් මාරු වන්නේ පෘථිවිය තවදුරටත් පරිභ්‍රමණය වෙමින් තිබෙන නිසාය.මාස 6ක් දිගු රාත්‍රීයක් හා මාස 6ක් දීර්ඝ දහවලක් ඇතිවේ.ජීවය පවත්වා ගැනීමටනම් දිවා රාත්‍රී දෙකම මිශ්‍රවන පටුපරාසයට යාමට සිදුවෙවී.

 භයානක කොස්මික් විකිරණවලින් පෘථිවිය ආරක්ෂා කරන චුම්බක ක්ෂේත්‍රය අතුරුදහන් වනු ඇත. චුම්බක ක්ෂේත්‍රය මූලික වශයෙන් සෑදී ඇත්තේ පිටත හරය (වැඩි වශයෙන් යකඩ වලින් සාදා ඇති) ක්‍රියාවලීන් සහ ග්‍රහලෝකයේ භ්‍රමණ චලිතය හේතුවෙනි.පෘථිවිය නතරවූ විට චුම්භක ක්ශේත්‍රද අතුරුදහන් වන අතර තවදුරටත් මාලිමා ක්‍රියා නොකරයි.පෘථිවිය මතට කොස්මික් කිරණ කදම්භ පතිත වන අතර අධික විකිරණ පෘථිවිය වසා ගනු ඇත.

 චන්ද්‍රයා අවසානයේදී පෘථිවියට වැටෙනු ඇත, නමුත් එය ඉක්මණින් සිදු නොවේ. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෝගන් ප්‍රට් පවසන්නේ සඳ ද ක්‍රමයෙන් මන්දගාමී වන බවත් පෘථිවියෙන් එහි දුර අඩු වන බවත් ය. කාලයාගේ ඇවෑමෙන් එය අපේ පෘථිවියට කඩා වැටෙනු ඇත.


දෙවියො බුදුන් සිහි වෙනෝ නේ..........🥵


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!