Loading..

තාරකාවක උපත සිදු වෙන්නෙ කොහොමද?




ඔබ දන්නවාද මිනිසාට මෙන්ම තාරකාවකට ද ඉපදීම, යොවුන් වයසට එළඹීම හා මහලු වී මිය යන සෑම අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වන බව. කෙසේ වුව ද තාරකාවල ජීවිත කාලය අවුරුදු මිලියන හා බිලියන ගණනකි.

තාරකාවක් සිය ජීවිතය ආරම්භ කරන්නේ ශීතනය වූ අණුවක වලාවක් කැටි වීමෙනි. අණුක වලාවක් යනු විශ්වය පවතින දැවැන්ත දූවිලි හා වායු අඩංගු වලාවකි. මෙහි හයිඩ්‍රජන් හා හීලියම් ද අඩංගු වේ. මෙවැනි වලාවක් ආලෝක වර්ෂ කිහිපයක දිගින් හා පළලින් යුක්ත වේ. ගුරුත්වාකර්ෂණය හේතුවෙන් මෙම දුහුවිලි සහ වායු අඩංගු වලාව ක්‍රමයෙන් හැකිළෙන විට එය වේගෙන් භ්‍රමණයට ලක්වන අතර විශාල තාප ප්‍රමාණයක් ද පීඩනයක් ද ඇතිවේ. උෂ්ණත්වය කෙල්වින් 150,000ක් තරම් අගයකට ළඟා වූ විට දූවිලි වලා වේ මැද කොටස දීපු දීප්තිමත්ව පෙනෙන්නට පටන් ගනී. මෙවැනි ස්ථානයක් හඳුන්වන්නේ ප්‍රාග් තාරකාවක් (Protostar) යනුවෙනි.

ප්‍රාග් තාරකාවේ ඇති ද්‍රව්‍ය තව තවත් හැකිළෙන විට එහි උෂ්ණත්වය ද පීඩනයද තව තවත් වැඩි වන අතර භ්‍රමණය වේගවත් වේ. මෙහිදී ප්‍රාග් තාරකාවේ ඇතුළත හා පිටත ප්‍රදේශ දෙකක් හඳුනාගත හැකි අතර ඇතුල ප්‍රදේශයෙන් සැබෑ තාරකාව ද පිටත ප්‍රදේශයෙන් ග්‍රහලෝක ද නිර්මාණය වන බව තාරකා විද්‍යාඥයින්ගේ මතය යි. මෙම ග්‍රහලෝක අදාල තරු වටා පරිභ්‍රමණය වේ. කෙල්වින් 15000,000 ක් පමණ උෂ්ණත්වයක් ඇති වූ විට මෙහි “න්‍යෂ්ටික වියලන” (Nuclear Fusion)ඇරඹේ. එනම් කුඩා පරමාණු එක් වී වඩා විශාල පරමාණු සෑදීමයි. ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ හයිඩ්‍රජන් පරමාණු එක් වී හීලියම් පරමාණු බවට පත්වීමයි.

මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවේ දී ඉතා අධික ශක්ති ප්‍රමාණයක් නිකුත් වන අතර ඉහල පීඩනයක් ඇතිවේ. න්‍යෂ්ටික විලයනයක දී ජනනය වන අධික ශක්තිය හේතුවෙන් තාරකාව දර්ශනීයව බබළන්නට පටන් ගනී. මෙම අවස්ථාවේ දී සැබෑ තරුවක් නිර්මාණය වී ඇත අප සූර්යයා ද වේගා සිරියස් නැමැති තාරකාව ද මෙම අවධියේ පවතින තාරකා වේ. තරුව හටගැනීමට හේතු වූ දූවිලි වලාවේ ඉතිරි කොටස් වලින් ග්‍රහලෝක නිර්මාණය වන බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි. එම ග්‍රහලෝක අදාල තරු වටා පරිභ්‍රමණය වේ.

විශ්වයේ මෙලෙස තරු උපදින ස්ථානය නිහාරිකාවක් (Nebula) නමින් හැඳින්වේ. සුප්‍රසිද්ධ ඔරායන් හෙවත් දඩයක්කාරයා තරු රටාව දඩයක්කාරයාගේ “කඩුවෙහි” එහි පියවි ඇසින් දැකිය හැකි නිහාරිකාවක් ඇත. මෙය මහා ඔරායන් නිහාරිකාව නම් වේ.


Previous Next

Top Post Ad


නවතම ලිපි...