zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

OSIRIS-REx සත් අවුරුදු මෙහෙයුම නිමා කරමින් බෙනූගේ සාම්පල ගෙන එයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



වසර හතක කාලයක් පුරා ක්‍රියාත්මක වූ OSIRIS-REx මෙහෙයුම ඊයේ (24) සාර්ථක ලෙස නිමාව දුටුවා. ඒ එහි අවසන් ඉලක්කය වූ බෙනූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල පෘථිවිය මතට ගොඩබස්වමින්.

NASA ආයතනය විසින් 2016 දී අභ්‍යවකාශගත කෙරුණු OSIRIS-REx හෙවත් ‌Origins, Spectral Interpretation, Resource Identification, Security, Regolith Explorer මෙහෙයුමේ ඉලක්කය වූයේ Bennu නමින් හැඳින්වෙන පෘථිවියට ආසන්නයේ පිහිටා ඇති ග්‍රහකය අධ්‍යයනය කිරීමයි. 2018 දී ග්‍රහකය වෙත ළඟා වූ එය ඒ වටා කක්ෂගත වෙමින් කෙමෙන් වඩ වඩාත් උන්නතාංශය අඩු කරමින් ගොඩබැසීමට සමත් වූයේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු වයි. එය සිතූ තරම් පහසු කටයුත්තක් වී නො තිබුණේ බෙනූ ග්‍රහකයේ පෘෂ්ඨය උපකල්පනය කර තිබූ පරිදි මෙහෙයුමට උචිත භූ ලක්ෂණ ප්‍රකට නො කරන බව පෙනී යාම නිසයි. කෙසේ නමුත් යානයේ ගොඩබෑමේ ක්‍රියාපටිපාටිය නැවත කේතනය කිරීමෙන් එය ග්‍රහකය මත ගොඩබැස්වීමට OSIRIS-REx කණ්ඩායම සමත් වී තිබුණා.

2020 දී ග්‍රහකයෙන් සාම්පල රැස් කිරීම සිදු වුණු අතර 2021 දී එය පෘථිවිය බලා ආපසු ගමන ඇරඹුවා. OSIRIS-REx පෘථිවියේ සිට බෙනූ දක්වාත්, එහි සිට යළි පෘථිවිය දක්වාත් පියාසර කළ මුළු දුර ප්‍රමාණය සැතපුම් බිලියන 3.86ක්.

පෘථිවියෙන් කිලෝමීටර 102,000ක් ඈතින් තිබිය දී OSIRIS-REx යානයෙන් අවුන්ස 8.8ක ග්‍රහක සාම්පල රැගත් කැප්සියුලය වෙන් වුණු අතර පැයට කිලෝමීටර 44,498ක වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වුණා. අවසන් අදියරේ දී එහි ප්‍රවේගය පැයට කිලෝමීටර 11 දක්වා මන්දනය කරමින් පැරෂුට් විහිදුම්ගත වූ අතර වායුගෝලයට ඇතුළු වීමෙන් විනාඩි 10කට පසු කැප්සියුලය සුරක්ෂිත ලෙස පොළොව ස්පර්ෂ කළා. ඒ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යුටා පරීක්ෂණ සහ පුහුණු අඩවිය (Utah Test and Training Range) මතයි.

පෘථිවියට ඉහළින් සාම්පල අඩංගු කැප්සියුලය අත්හැරි OSIRIS-REx යානය තවත් ග්‍රහකයක් අධ්‍යයනය කිරීමේ අටියෙන් දිගටම ගමනෙහි නිරත වනවා. මෙවර එහි ඉලක්කය වී ඇත්තේ Apophis නම් ග්‍රහකයයි. එම නිසා මෙහෙයුමේ නාමය OSIRIS-APEX හෙවත් Origins, Spectral Interpretation, Resource Identification, Security-APophis EXplorer ලෙස වෙනස් කෙරී තිබෙනවා.

CNN ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!