zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉන්දීය සූර්ය ගවේෂක යානය හෙට අභ්‍යවකාශයට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.






ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් දියත් කෙරෙන පළමු වැනි සූර්ය ගවේෂණ යානය වන ආදිත්‍යා L1 හෙට පෙරවරු 11:50ට අභ්‍යවකාශගත වීමට නියමිතයි. ඒ ශ්‍රීහරිකෝටා හි පිහිටි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට PSLV-C57 රොකට්ටුවක ආධාරයෙන්.

ආදිත්‍යා L1 යානයේ අභිප්‍රාය වන්නේ සූර්ය කොරෝනාව අධ්‍යයනය කිරීමයි. එසේ ම සූර්යයාගේ වර්ණගෝලය, ප්‍රකාශගෝලය සහ සූර්ය සුළඟ ද අධ්‍යයනය කළ හැකි විද්‍යාත්මක උපකරණ ද එය සතුයි.
දියත් කිරීමෙන් අනතුරුව එය පෘථිවියේ සිට කිලෝමීටර 1.5ක් දුරින් ඇති ලාග්‍රාන්ජ් ලක්ෂ්‍යයක් වෙත පිවිසීමට නියමිතයි.

ලාග්‍රාන්ජ් ලක්ෂ්‍යයක් යනු අභ්‍යවකාශ වස්තූන් දෙකක් අතර පවතින ගුරුත්වාකර්ෂණය තුලිත වන ස්ථානයක්. එවැනි ස්ථානයක යම් කිසි යානයක් දීර්ඝ කාලීන ව රඳවා තැබිය හැකියි. L1 ලක්ෂ්‍යය ලාග්‍රාන්ජ් ලක්ෂ්‍ය අතුරින් සූර්ය ගවේෂණය සඳහා අතිශය වැදගත් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙනවා.

මෙම මෙහෙයුමෙන් රැස් කෙරෙන දත්ත අධ්‍යයනය කිරීම මඟින් හිරුගේ අතීතය, වත්මන සහ අනාගතය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණ කරගත හැකි බවට ඉන්දීය විද්‍යාඥයන් බලාපොරොත්තුවෙන් පසු වනවා.

NDTV ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!