zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කාන්තාවන් 40% කගේ පමණ කන්‍යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් වන්නේ නෑ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


​​

අපේ රටේ බොහෝ පිරිමින් විවාහයේදී කුමරී බඹසර බිඳිලද කියලා බලනවා. මංගල යහනේ දී පිරිමින් හොයන කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට අදත් වටිනාකමක් දීලා තියෙනවා. එදත් අදත් කාන්තාවගේ කන්‍යාභාවය නැති නම් පවුල අවුල් වෙනවා. කොහොම නමුත් ඔය කියන කන්‍යාභාවය සමහර  කාන්තාවන්ට  ස්වභාවිකවම  පිහිටන්නේ නැති බවට වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.

කාන්තාවගේ බාහිර ලිංගේන්ද්‍රයේ යෝනි විවරය තුළ ඇති සියුම් පටලය ප්‍රශස්ථ රජ්ජුව  ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වනු ලබනවා. වෛද්‍යවරුන්ගේ සමීක්ෂණවලට අනුව පළමු ලිංගික සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවන්නේ කාන්තාවන්ගෙන් 60 කගේ පමණයි. ඉතිරි 40 කගේ කන්‍යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් නොවෙන්නේ ස්වභාවික ක්‍රියාවලියන් මතයි.

අතීතයේ දී සිංහල සමාජය තුළ කන්‍යා පටලය පරීක්ෂාවෙන් යුවතියන්ගේ පාරිශුද්ධත්වය මැන ඇයට පවුල තුළ වටිනාකමක් දීමට උත්සාහ කළ ද සිදුවන්නේ කාන්තාවට වටිනාකමක් හිමිවීම නොව ඇය සමාජය තුළ, පවුල තුළ අඩු සැලකිල්ලකට පාත්‍ර වීමයි. කන්‍යාවක් ලෙස අප හඳුන්වන්නේ විවාහයට පෙර කිසිදු පිරිමියකු සමග ලිංගික ක්‍රියාවලියක නොයෙදුනු ස්ත්‍රියකටයි. මනාලිය කන්‍යාවක්ද කියා සැකහැර දැන ගන්නේ මධු සමය දා පළමු ලිංගික එක්වීමේදී රුධිරය වහනය වීම මතයි. එසේ නම් ස්වභාවිකව කන්‍යාපටලයක් පිහිටා තිබුණේ හෝ ස්වභාවිකව එය කැඩී ගිය යුවතියක කන්‍යාවක් නොවන්නේද කියන ප්‍රශ්නය මතු වෙනවා.

ඇතැම් කාන්තාවන්ගේ කන්‍යා පටලය ඇදෙනසුලුයි. එනිසා  එය කිසි දිනක කැඩීයාමකට ලක් වෙන්නේ නැහැ. ඇතැම් කාන්තාවන්ගේ කන්‍යාපටලය සිඳී යන්නේ පළමු දරු ප්‍රසූතියේ දීයි. නමුත් ලංකාවේ ‍පොදු පිළිගැනීම වනුයේ එය පළමු ලංගික සංසර්ගයේදීම බිඳී යා යුතු බවයි. ‍
සමහර යුවතියන්ට උපතේම කන්‍යාපටලයක් පිහිටන්නේ නැහැ. බොහෝ විට ගැහැනු ළමුන් විවිධ ක්‍රීඩාවල යෙදීමේදී කන්‍යාපටලයට හානි වන අවස්ථාද තිබේනවා. ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ ලිංගික එක් වීමකින් තොරව කන්‍යාපටලය බිඳී යා හැකි බවයි.

එබැවින් අප සිතිය යුත්තේ කිසි දිනෙක ලිංගික ක්‍රියාකාරකමක යෙදී නැති “පිවිතුරු යුවතියක්ද” කියන කාරණය තීරණය කරන්නේ තවදුරටත් කන්‍යාපටලය හරහාමද කියන කරුණයි. එය යුවතියකගේ අනාගතයම නිරපරාදේ විනාශ කරන්නට පුළුවන් කාරණාවක් වන්නට තිබෙන ඉඩකඩ වැඩියි.
 


කන්‍යා පටලය සම්බන්ධ මීට පෙර ඉදිරිපත් කිරීම මෙතනින් කියවන්න >>>

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!