zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

චන්ද්‍රයාන් 3 යළි සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තු වියැකෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



දින 14ක කාලයක් පැවැති චන්ද්‍ර රාත්‍රියෙන් අනතුරුව චන්ද්‍රයාන් 3 සමග සබඳතා යළි පිහිටුවාගැනීමේ ප්‍රයත්නයක ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) නිරත වී සිටිනවා. නමුත් මෙතෙක් චන්ද්‍රයාන් 3 න් ප්‍රතිචාරයක් ලබා ගන්නට ඔවුන් සමත් වී නැහැ. විශේෂඥයන් සැක පළ කරන්නේ ගත වූ චන්ද්‍ර රාත්‍රියේ පැවැති අතිශය සිසිල් පාරිසරික තත්ත්වය නිසා වික්‍රම් ලෑන්ඩරය සහ ප්‍රාග්යාන් රෝවරය නැවත පණ ගැන්වීමට නොහැකි වනු ඇති බවයි.

ඉන්දියාව විසින් චන්ද්‍රයා මතුපිටට කළ පළමු සුමට ගොඩබැස්ම සනිටුහන් කරමින් ඉකුත් අගෝස්තු 23 දා චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්න ප්‍රදේශයකට ගොඩබට චන්ද්‍රයාන් 3 මෙහෙයුම එතැන් පටන් සිය විද්‍යාත්මක ගවේෂණයන්ගේ නියැළුණු අතර මෙහෙයුමේ සාර්ථක බව සනාථ කරන්නට සමත් වුණා.

ගොඩබැස්මෙන් සති දෙකකට පසු උදා වූ දින 14කට ආසන්න කාලයක් පුරා පවතින චන්ද්‍ර රාත්‍රිය සඳහා සූදානම් වීම සඳහා වික්‍රම් ලෑන්ඩරය සහ ප්‍රාග්යාන් රෝවරය ‘නිද්‍රාශීලී තත්ත්වයකට’ පත් කරනු ලැබුණා. චන්ද්‍ර රාත්‍රියේ දී රජයන සෙල්සියස් අංශක -238ක තරම් සීතල සහ හානිකර පරිසර තත්ත්වයක් තුළ ඒවායේ පවතින ඉලෙක්ට්‍රොනික උපාංග සුරක්ෂිත ව පවත්වා ගැනීමයි එහි අරමුණ වූයේ.

මෙම කාල පරිච්ඡේදය නිමා කරමින් පසුගිය සැප්තැම්බර් 22 දා යළිත් චන්ද්‍රයාන් 3 ගොඩබස්වනු ලැබූ ප්‍රදේශයට දිවා කල උදා වුණා. ISRO චන්ද්‍රයාන් 3 සමගින් නැවතත් සබඳතා පවත්වාගන්නට උත්සාහ දරන්නේ එදින සිටයි. හිටපු ISRO ප්‍රධානියෙකු වන ඒ. එස්. කිරන් කුමාර් BBC කළ විමසීමක දී සඳහන් කර තිබුණේ ගත වන පැයක් පාසා චන්ද්‍රයාන් යළි අවදි කර ගැනීමේ බලාපොරොත්තුව ගිලිහෙමින් තිබෙන බවයි.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!