zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර 2,200ක් පැරැණි ළමා සපත්තුවක් ලුණු ආකරයකින් හමු වේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ඔස්ට්‍රියාවේ සහිඳ ලුණු ආකරයකින් වසර 2200ක් පැරැණි ළමා සපත්තුවක් මතුකර ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. එය ක්‍රිස්තු පූර්ව 800 පමණ සිට ලුණු ලබා ගැනීම සඳහා යොදාගත් ආකරයක් බවත්, මනා ලෙස සකස් කර ඇති සපත්තුව මේ වන තුරුත් සුරැකි ව පැවත ඇති බවත් German Mining Museum (DBM) විසින් නිකුත් කෙරුණු වාර්තාවක දැක්වෙනවා. එදවස Dürrnberg ලෙස හැඳින්වුණු පතල සහිත ගම්මානට වර්ථමානයේ Salzburg ලෙස හැඳින්වෙනවා. මෙසේ සොයාගත් තනි සපත්තුව ඇමරිකාවේ සම්මත පාවහන් මිමි අතුරින් 12 ප්‍රමාණයට ද යුරෝපයේ නම් 30 ප්‍රමාණයට ද අයත් වන බවයි වාර්තා වන්නේ.

‘සොයාගන්නා විට සපත්තුව පැවති තත්ත්වය අද්විතීයයි.’ DBM කෞතුකාගාරයේ පර්යේෂණ අංශයේ ප්‍රධානී Thomas Stöllner සඳහන් කරනවා. ‘සාමාන්‍යෙයන් කාලයත් සමඟ කාබනික ද්‍රව්‍යවලින් සැදුම් ලත් දෑ දිරාපත් වෙනවා. දරුවෙකුගේ සපත්තුවක් හමු වීමෙන් යකඩ යුගයේ පතල් කණින්නන් ගැන දැනුම අලුත් කර ගැනීමට අතිශය විරල අවස්ථාවක් ලැබී තිබෙනවා.’

සමෙන් කළ සපත්තුව මත ශේෂ වූ ලිනන් හෝ හණ කැබැල්ලක් ද සොයාගෙන තිබෙන්නේ එය ලේස් සහිත සපත්තුවක් බව පුරාවිද්‍යාඥයන් හට ඒත්තු ගන්වමින්. ඔවුන් පවසන පරිදි එය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව දෙ වැනි සියවසටයි. මේ සපත්තුව සොයා ගැනීමත් සමගින් පතල් වැඩ සඳහා යොදවනු ලැබූ දරුවන්ගේ ඉතිහාසය සහශ්‍රක දෙකක් දක්වා ඈතට ඇදී යනවා.

DBM කෞතුකාගාරය මෙම පතල ආශ්‍රිත ව පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කළේ 2001 වසරේ දී යි. සපත්තුව සොයාගනු ලැබූ ස්ථානය අසලින් ම දැවමුවා සවලක කොටස් සහ ලොම් සහිත හිස් වැස්මක යැයි සැක කළ හැකි ලොම් සහ ලේස් කොටස් ද හමු වී තිබෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!