zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Google කෘත්‍රිම බුද්ධි යෙදවුමක් ජාන විකෘතීන්ගේ හානිය තක්සේරු කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.




Google DeepMindහි කටයුතු කරන විද්‍යාඥයන් සිරුරක ඇති විය හැකි ජානමය විකෘතීන් මිලියන ගණනකින් හානියක් සිදු වේ ද නැති ද යන්න පුරෝකථනය කළ හැකි කෘත්‍රිම බුද්ධිමය වැඩසටහනක් ගොඩඟන්නට සමත් ව සිටිනවා. ඉන් දුර්ලභ ගණයේ රෝගාබාධ හඳුනාගැනීමේ ක්‍රියාවලිය සහ ඒවා පිළිබඳ සිදු කෙරෙන පර්ය‌ේෂණ කටයුතු වේගවත් වනු ඇතැ යි අනුමාන කෙරෙනවා.

වැඩසටහන මඟින් පුරෝකථනය සඳහා යොදාගැනෙන්නේ අර්ථ විරහිත විකෘතීන් ලෙස හැඳින්වෙන DNA අණුවේ නො ගැළපෙන ලෙස සැසඳී ඇති කොටස්. එවැනි විකෘතීන් බොහෝ විට හානි දායක නො වන බව සොයාගෙන ඇති නමුත් ඒවා පසු කාලීනව ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වයට වෙනස් කරමින් මොළයේ වර්ධනයට බාධා ඇති කරන අතර ඇතැම් විට පිළිකා පවා ඇති කරනවා.

විද්‍යාඥයන් AlphaMissense ලෙස නම් කර ඇති මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන උපයෝගී කරගනිමින් මිනිසුන්ගේ ප්‍රෝටීනවලට බලපෑම් කළ හැකි විකෘතීන් මිලියන 71ක ගම්‍යතාව තක්සේරු කර බැලුවා. මෙහි දී වැඩසටහනේ නිරවද්‍යතාව 90%ක් ලෙස සලකනු ලැබූ අතර තක්සේරුවට භාජනය කරනු ලැබූ විකෘතීන් අතුරෙන් 57%ක් හානිකර නො වීමට වැඩි ඉඩක් ඇති බවත්, 32%ක් හානිකර විය හැකි බවත් පුරෝකථනය කෙරුණා. ඉතිරි විකෘතීන්ගේ බලපෑම කෙසේ වනු ඇත් දැ යි නිශ්චිත පුරෝකථනයක් කිරීමට එය සමත් වූයේ නැහැ.

‘මෙය වෛද්‍යවරුන්ට සහ මානව ජාන විද්‍යාඥයන්ට අතිශය ප්‍රයෝජනවත් වේ වි කියලා අපි විශ්වාස කරනවා. මෙයින් එක් එක් ජානමය රෝගවලට හේතුව නිශ්චිත වශයෙන් ම හැඳින ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තුවෙන් පසු වනවා.’ Google DeepMindහි කටයුතු කරන Jun Cheng සඳහන් කරනවා.

මින් හෙළි කරගත් සොයාගැනීම් ඇතුළත් කළ ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ විය හැකි දත්ත සුචියක් දැනටමත් අන්තර්ජාලය වෙත මුදා හැරීමට පර්යේෂකයන් කටයුතු කර තිබෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!