zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ගර්භණී මවුවරුන්ට RSV එන්නත විද ගැනීමට FDA ආයතනය අනුමැතිය ලබා දෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

පසුගිය අගෝස්තු 21 වෙනි සඳුදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) විසින් Respiratory Syncytial Virus (RSV) වයිරසයට එරෙහි ව Pfizer සමාගම මඟින් නිපදවනු ලැබූ Abrysvo නම් එන්නත ගර්භණී මවුවරුන් හට ලබා දීම සුදුසු බවට අනුමැතිය දෙනු ලැබුවා.

මේ එන්නත ලබා දීම වඩාත් සුදුසු වන්නේ ගර්භණී අවධියේ තෙවන මාස ත්‍රිත්වය තුළ දී විශේෂයෙන් ම ගැබ් කාලයේ සති 32 සහ සති 36 අතර කාල සීමාව තුළ දී බව දැක්වෙනවා.

RSV නම් වයිරසය ශ්වසන මාර්ගයට ආසාදනය වන  RNA කාණ්ඩයට අයත් වන ඉතා සුලබ,  දිගටි හැඩැති වයිරසයක්.

වයස අවුරුදු 2 වන විට 90% දෙනෙකුට මෙය ආසාදනය වෙන තරම් එය බහුල ව පවතිනවා.

නිරෝගී දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙය ආසාදනයෙන් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ රෝග ලක්ෂණ ලෙස පෙන්වූව ද, වයස අවුරුදු 1 ට අඩු බිළිඳුන්ට සහ වයස අවුරුදු 65 ට වැඩි අයට මෙය ආසාදනයෙන් පසු බරපතළ රෝග තත්ත්ව ඇති වීමේ ඉඩකඩ වැඩියි.

එවිට පෙනහැලිවල නියුමෝනියාව, පෙනහැලි තුළ තිබෙන ගර්ත නම් වායුකෝෂ වල ප්‍රදාහය, පෙනහැලි තුළ සියුම් වායු මාර්ගවල ප්‍රදාහය වැනි දරුණු ප්‍රතිවිපාක ඇති විය හැකියි.

Abrysvo එන්නත ඉහත නිර්දේශිත කාලයේ දී ගැබිණි මවුවරුන්ට ලබා දුන් විට ඔවුන් තුළ RSV වයිරසයට එරෙහි ව නිපදවෙන ප්‍රතිදේහ කලල බන්ධය තුළින් ගර්භාෂයේ වැඩෙන භෲණය වෙතට ඇතුළු වන නිසා එමඟින් පසු ව බිහිවන දරුවාට වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය ලැබෙනවා.

එපමණක් නොව මවගේ නිපදුණු ප්‍රතිදේහ මව්කිරි මෙන් ම ප්‍රසූතියෙන් පසු පළමු ව ස්‍රාවය කෙරෙන කොලෙස්ට්‍රම් නම් පෝෂණ තරලය හරහා ද දරුවාට ලැබෙනවා.

සායනික පරීක්ෂණවල දී ගර්භණී මවුවරුන් 3,500 කට Abrysvo එන්නතත්, තවත් 3,500 කට placebo ආකාරයේ පාලක එන්නතක් ද ලබා දීමෙන් අනතුරුව එන්නත ලබා දුන් මවුවරුන් බිහි කළ දරුවන් උපතින් දින 90 ක් වන විට ශ්වසන මාර්ගයේ ආසාදනවලට එරෙහි ව 81.8% ක් ප්‍රතිශක්තිය ලබාගෙන තිබුණා.

උපතින් දින 180 ක් වන විට දරුණු ශ්වසන ආසාදනවලට එරෙහි ව 69.4%ක් ප්‍රතිශක්තියක් පෙන්වනු ලැබුවා.

තව ද ගැබ් කාලයේ සති 32 සහ සති 36 අතර දී එන්නත ලබා දුන් මවුවරුන් බිහි කළ දරුවන් මීටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ප්‍රතිශක්තිය ලබා තිබුණා.

දැනටමත් මේ වසරේ මුල සිට වයස අවුරුදු 60 ට වැඩි අයට RSV වයිරසයට එරෙහි ව Abrysvo සහ Arexvy එන්නත් යුගල ලබා දීම ආරම්භ කර තිබෙනවා.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!