zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විද්‍යාත්මකව ඔප්පු වූ ඇස්වහ කටවහ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



මොකක් හරි වැදගත් වැඩක් කරන්න කලින් ඒක කාටවත් කියන්න එපා, කිව්වොත් ඇස්වහ කටවහ වදිනවා කියලා ගොඩදෙනෙක්ට අම්මලා තාත්තලා හරි ආච්චිලා සීයලා හරි කියලා ඇති.ඒ විතරක් නෙවෙයි එහෙම කට්ටියට කියලා පටන් ගත්තු වැඩ හරියට කරගන්නත් බැරි වෙලා ඔයාට අත්දැකීම් එහෙමත් ඇති.

ඔන්න මේ කතාවේ ඇත්තක් තියෙනවා කියලා නිව් යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ Peter Gollwitzer සිදු කරපු සමීක්ෂනයකින් හෙළි වෙලා තියෙනවා.ඔහුගේ මේ සමීක්ෂනයට අනුව යම්කිසි දෙයක් කරන්න කලින් ඒක කරනවා කියලා අනිත් අයට පැවසීමෙන් ඒ දේ සාර්තක වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා.

ඒකට හේතුව විදියට හෙළි වෙලා තියෙන්නේ අපි දෙයක් කරන්න කළින් ඒ දේ කාටහරි කිව්වම අපි නොදැනුවත්වම ඒ කරන්න යන දේ කෙරෙහි යම් ආඩම්භරයක් අපේ හිතේ ඇතිවීම නිසා ඒ වැඩේ කරන්න තියෙන motivation එක අඩුවීම.ඒ ආඩම්බරේ නිසා අපිට ඒ වැඩේ කරන්න ලොකු උනන්දුවක් ඇති වෙන්නේ නෑ.

ඔහු අවසාන වශයෙන් පවසන්නේ තමන් සිදු කරන දෙය ඒ දෙය සිදු කර අවසන් වන තෙක්ම රහසක්ව තබාගන්නා ලෙසයි.එමඟින් තමන් කරන දෙය සාර්තක වීමේ සම්භාවිතාව ඉතාමත් වැඩි බව ඔහු පවසයි.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!