Loading..

විවිධාකාරයේ කූඹි ගැන අහලා තිබ්බට පැණි හඳන කූඹි ගැන අහලා තියෙද?


 

මේ ඉන්නේ Honey pot ants කියන කුහුඹුවන් විශේෂය.මොවුන් අප්‍රිකාවේ ශුෂ්ක ප්‍රදේශය,ඇමෙරිකානු හා ඕස්ට්‍රේලියානු මහද්වීපයේ දක්නට ලැබෙනවා.මොවුන් ආහාර හිඟ කාලවලදී ඔවුන්ගේ සාමාජිකයින් පෝෂණය කිරීම සඳහා තම ශරීරය තුළ ආහාර ගබඩා කරනවා.

ඒ කොහොමද?

මේ කූඹි ආහාර අරන් ඒවා පැණි බවට හරවා උදරයේ ඉතිරි කර ගන්නවා.මේ නිසා ඔවුන්ගේ පසුපස ඉදිමුණු හෝ බහාලුමක් මෙන් දිස්වෙනවා.මෙහිදී කම්කරු කූඹින් පැණි කුහුඹුවන්ට සීනි සහිත දියර සහ අනෙකුත් පෝෂක සපයන අතර පැණි කූඹින් ඒවා ශරීරයේ ගබඩා කරගන්නවා.Honey Pot Ants හට චලනය වීමට නොහැකි වන තරමට විශාල විය හැකි අතර,ඔවුන් ජනපදයේ විශේෂ කුටියක සිටිනවා.

ආහාර හිඟ කාලවලදී අනෙක් කූඹීන් මොවුන්ගේ සිරුරට මෘදු ලෙස තට්ටු කිරීමෙන් තැන්පත් කර ඇති ආහාර ලබාගැනීම සිදුවනවා.

එමෙන්ම සමහර ආදිවාසීන්ද මොවුන් ආහාරයක් ලෙස භාවිතා කරනවා.


Previous Next

Top Post Ad


නවතම ලිපි...