zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලේ වෑස්සෙන අපූරු බිම්මල: Bleeding tooth

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


https://assets.roar.media/assets/8fUKo7nivsk1S9sp_PK8QY59.jpg

පසෙහි, පිදුරු ගොඩවල් තුළ සහ දිරා ගිය ශාක කොටස් මත නිරායාසයෙන් හට ගන්නා විවිධ වර්ගයේ බිම්මල් දැක නැති කෙනෙක් නොමැති තරම් ය. හැඩයෙන්, වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් බිම්මල් විශේෂ අතරින් සමහර ඒවා ආහාරයට ගැනීමට ද හැකි අතර සමහර ඒවා විස සහිත ඒවා වීම නිසා ආහාරයට ගැනීමට ද සුදුසු නැත.

සමහර බිම්මල්වල හැඩය, පෙනුම සහ වර්ණය නිසා ඒවා ද විශාල ලෙස කතාබහට ලක් වේ. එවැනි ආහාරයට නොගන්නා, නමුත් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය 'Bleeding Tooth` නම් බිම්මල් විශේෂය පිළිබඳයි මෙම ලිපිය.

'Bleeding tooth' බිම්මල - www.mediamatic.net

මේ බිම්මල් විශේෂයේ විද්‍යාත්මක නාමය 'Hydnellum peckii' වේ. ඒවා මත දත්වලට සමාන හැඩයකින් යුතු මැලියම් වැනි උකු දියරයක කොටස් දැකිය හැකි අතර ඒවා දීප්තිමත් රතු පැහැයකින් යුක්ත වේ. ප්‍රධාන වශයෙන් උතුරු අමෙරිකා සහ යුරෝපා මහද්වීපවල මේවා දැකිය හැකි ය. ඊට අමතර ව, මේ බිම්මල් ඉතාමත් මෑතකදී, එනම්, 2008 වසරේ දී ඉරානයෙන් සහ 2010 වසරේ දී කොරියාවෙන් ද සොයාගෙන තිබේ.

බිම්මල්වල පෙනුම

'Bleesing tooth' බිම්මල්වල ඉහළ කොටස බොහෝ විට පුනීලයක හැඩය ගන්නා අතර ඊට හාත්පසින් ම වෙනස් හැඩයක් ගන්නා ඒවා ද තිබේ. සුදු පැහැයක් ගන්නා බිම්මලේ ඉහළ කොටසේ ඉතා සිහින් කෙඳි විශේෂයක් ද දැකිය හැක. හොඳින් වැඩුණු මේ වර්ගයේ බිම්මලක ඉහළ කොටසේ වට ප්‍රමාණය උපරිම සෙන්ටිමීටර් 20 දක්වා වර්ධනය වේ. මුල් අවධියේ දී එය සුදු පැහැයෙන් යුක්ත වන අතර ක්‍රම ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරේ. මුල් අවධියේ දී බිම්මල මෘදු මතුපිටකින් යුතු වුවත් ටිකෙන් ටික එය රළු ස්වභාවයක් ගනී.

බිම්මලේ යට කොටස - www.wikiwand.com

හඳුන්වන වෙනත් නම්

මෙම බිම්මල්වල ඉහළ කොටස මත තැන තැන විසිරී තිබෙන රතු පැහැති, මැලියම් බිඳු වැනි යමක් දැකිය හැකි ය. ඒ නිසා මේවා 'ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් (strawberries and cream), රුධිරය ගලන දත් සහිත බිම්මල් (mushroom with bleeding teeth), රතු යුෂ පිරි බිම්මල් (mushroom with red juice) සහ යකාගේ දත (devil's tooth) යන් නම්වලින් හඳුන්වයි. එම මැලියම් දැකිය හැක්කේ මෙම බිම්මල නැවුම් ව පවතින කාල සීමාවේ දී පමණි. බිම්මල් විශේෂය විනාශ වීම සමඟ ඒවා මත ඇති රතු පැහැති උකු දියර බිඳු ද වියළි යයි.

බිම්මල්වල නටුව ඉතා ශක්තිමත් එකකි. එය සෙන්ටිමීටර් කිහිපයක් පොළොව තුළට කිඳාබැස තිබෙන අයුරු ද දැකිය හැකි ය. මෙම බිම්මල්වල කඳ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් පහක පමණ උසකින් යුක්ත වුවත් ඉන් පොළොව මතුපිට දැකිය හැක්කේ සෙන්ටිමීටර් එකක් වැනි කොටසක් පමණි.

ඉතිහාසය සහ අධ්‍යයන

'Bleeding tooth' ප්‍රභේදය පිළිබඳ මුල් වරට විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර ඇත්තේ අමෙරිකානු ජාතික දිලීර විද්‍යාඥයකු වූ හෝවර්ඩ් ජේම්ස් ය. ඔහු 1913 වසරේ සිට සිදු කළ අධ්‍යයනවල දී අනාවරණය කරගත් කරුණු ඇතුළත් කර මෙම බිම්මල් විශේෂය පිළිබඳ පර්යේෂණ වාර්තා කිහිපයක් ද සකස් කර තිබේ. ඊට අමතර ව ඉතාලි ජාතික විද්‍යාඥවරියක වන පියර් ඇන්ඩ්‍රියා සකාර්ඩෝ ද 1925 දී සකස් කළ පර්යේෂණ වාර්තාවක මෙම බිම්මල් පිළිබඳ තොරතුරු සඳහන් කර තිබේ. වෝල්ටර් හෙන්රි ස්නෙල් සහ එස්ටර් ඇමිලියා ඩික් වැනි දිලීර විද්‍යාඥයන් ගණනාවක් ද මේ පිළිබඳ පර්යේෂණ සිදු කර තිබේ.

දිලීර විද්‍යාඥ හෝවර්ඩ් ජේම්ස් - www.cybertruffle.org.uk

සමාන බිම්මල් විශේෂයක්

මේ 'Bleeding Tooth` බිම්මල් විශේෂයට සමාන පෙනුමකින් යුතු තවත් බිම්මල් වර්ගයක් ලෙස 'Hydnellum diabolus' හැඳින්විය හැකි ය. සමහරුන්ට මෙම බිම්මල් වර්ග දෙක වෙන් වෙන් ව හඳුනා ගැනීම පවා අපහසු වන තරම් ඒවා එක සමාන පෙනුමකින් යුතු වේ. කෙසේ වෙතත් 'Bleeding Tooth`බිම්මල්වලින් වහනය වන අමිහිරි සුවඳ මෙන් නොව 'Hydnellum diabolus' බිම්මල්වලින් මිහිරි සුවඳක් වහනය වන බව විශේෂඥයන් සොයාගෙන තිබේ.

ඊට අමතරව 'Hydnellum diabolus' විශේෂයට අයත් බිම්මල්වල කඳ අසාමාන්‍ය දැඩි බවකින් යුතු බව ද සොයාගෙන තිබේ. මෙම බිම්මල්වල ඉහළ කොටස මතුපිට දැකිය හැකි මැලියම් වැනි උකු දියර බිඳු රෝස හෝ ළා කහ පැහැයක් ගනී.

'Bleeding tooth' වලට සමාන බිම්මල් වර්ගයක් - www.shroomery.com

ව්‍යාප්තිය

මේ බිම්මල් වඩාත් බහුල ප්‍රදේශය ලෙස උතුරු අමෙරිකා මහද්වීපයට අයත් රටවල් හැඳින්විය හැකි ය. ඇලස්කාවේ සිට උතුරු කැරොලිනාව දක්වා ව්‍යාප්ත වී ඇති ඒවා වොෂින්ටන් ප්‍රදේශයේ ද බහුල ව හට ගනී. උතුරු අමෙරිකාවට අමතර ව ඉතාලිය, ජර්මනිය සහ ස්කොට්ලන්තය වැනි යුරෝපා රටවල ද 'Bleeding Tooth` හටගනී.

කෙසේ වෙතත් තවත් යුරෝපා රටවල් කිහිපයකින් මෙම බිම්මල් විශේෂය මේ වන විට වඳ වෙමින් පවතින බව අනාවරණය වී තිබේ. ඒ ආකාරයෙන් මෙම බිම්මල් විශේෂය ක්‍රම ක්‍රමයෙන් වඳ වී යන රටවල් ලෙස නෝර්වේ, නෙදර්ලන්තය සහ චෙක් ජනරජය වැනි රටවල් හැඳින්විය හැකි ය. යුරෝපා රටවල දිනෙන් දින ඉහළ යන පරිසර දූෂණය නිසා මෙම බිම්මල් වඳ වෙමින් පවතින බව විද්‍යාඥයන් පවසා තිබේ. යුරෝපා සහ අමෙරිකානු රටවලට අමතර ව ඉරානයේ සහ කොරියාවේ ද මෙම බිම්මල් විශේෂය හට ගන්නා බව මෑතකාලීන ව සොයාගෙන තිබේ.

ප්‍රයෝජන

මේ බිම්මල් විශේෂය ඉතාමත් ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වුවත් ඒවා වෙනත් බිම්මල් මෙන් ආහාරයට එකතු කරගත නොහැක. 'Bleeding Tooth`පිළිබඳ ව පර්යේෂණ සිදු කළ විශේෂඥයන් පවසා ඇත්තේ මේ බිම්මල් විස සහිත ඒවා නොවුවත් ඒවායේ ඇති උග්‍ර තිත්ත රසය නිසා ආහාරයක් ලෙස භාවිත කළ නොහැකි බවයි. කෙසේ වෙතත් බිම්මල් මත ඇති රතු පැහැති දියරයකට සමාන දේ යොදා ගෙන විවිධ පිරිස් සායම් වර්ග නිෂ්පාදනය කරති.

'Bleeding tooth' බිම්මලක් වියළීමට පෙර හා පසු - www.wikiwand.com

සංරක්ෂණය

යුරෝපා රටවල හට ගන්නා මේ බිම්මල් විශේෂය හමුවන විවිධ රටවල් ඒවා හට ගැනීමට බලපාන දිලීරය සංරක්ෂණය කිරීම සඳහා විවිධ පියවර ගෙන තිබෙන බව ද වාර්තා වේ. ඊට හේතුව එම දිලීර ව්‍යාප්තිය ස්වාභාවික වශයෙන් සෑම වසරක ම එක හා සමාන ව සිදු නොවීමයි. ඊට පිළියමක් ලෙස විවිධ නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් එම දිලීර විශේෂය ව්‍යාප්ත වීම තහවුරු කිරීම සඳහා දිලීර විද්‍යාඥයන් බොහෝ දෙනෙක් කටයුතු කරති. ඊට අමතර ව බොහෝ රටවල් මෙම බිම්මල් විශේෂයට හානි වන ආකාරයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ. 

'Bleeding tooth' බිම්මලේ සමීප ඡායාරූපයක් - www.wikipedia.org


Join Our Group


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!