zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විශ්වය තුළ අප හැර ජීවයක් පවතිනවා ද? | Is there life in the universe apart from us?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


අප විසින් විශ්වයට නිකුත් කරන ලද විද්‍යුත් චුම්භක රේඩියෝ තරංග මේ වන විට අවම වශයෙන් වත් ආලෝක වර්ශ 50කට වඩා විහිද ගොස් ඇත. නමුත් අපට කිසිදා ඒවා හට පිළිතුරක් ලැබි නොමැති අතර පෘථිවියට පිටින් නිර්මාණය වූ  අර්ථවත් රේඩියෝ තරංගයක් ද අප වෙත ලැබී නොමැත. මෙම තරංග ආලෝකයේ වේගයෙන් ගමන් කලත්, විශ්වයේ විශාලත්වය හා සෑසදීමේදී ඒවාහී වේගය ඉතා කුඩා අඟයක් වේ. 

දශක ගණනාවක් තිස්සේ කෙතරම් දියුණු අකාරයේ තාක්ශණයන් භාවිත කලද අපට අවම තරමින් බුද්ධිමත් හෝ බුද්ධිමත් නොවන, ප්‍රාථමික හෝ පෘථිවියෙන් පිටතදී නිර්මාණය වූ අන්වීක්ෂීය බැක්ටීරියාවක්වත් හා ඔවුන් පිළිබදව කිසිදු සාක්ශියක්වත් හමුවී නොමැත.....

එතකොට කොහෙද මේ අනිත් අය ඉන්නේ?

එගොල්ලො අපෙන් හැංගෙන්න හදනවාද ?

අපිට කලින් නිර්මාණය වුනු සියළුම ජිවීන් විවිධ හේතූන් නිසා න්‍යශ්ඨ වී ගොස් ද?

නැත්තම් විශ්වයේ ජීවයකට සිටිනුයේ අප පමණද?

නැත්තම් පිටසක්වල ජීවය අප සිතා සිටින පෘථිවියේ ජීවය මෙන් නොව සම්පූර්ණයෙන්ම වෙනස් ශක්තීන්, මානයන්, භෞතික සහ රසායනික ලක්ෂණ වලින් සමන්විත ද?

නැතිනම් බුද්ධිමත් ජිවීන් දෙවර්ගයක් අතර විශ්වය හරහා සන්නිවේදනය ස්භාවධර්මය මඟින් වලක්වා ඇතිද? 

උපකල්පනය කරන ආකාරයට අදින් වසර බිලියන 13.8 කට පෙර විශ්වයේ උපත සිදු විය, එයින් වසර බිලියන 10කට පමණ (~ 3.7BYA) පසුව පෘථිවියේ ජීවය බිහි විය. නමුත් විශ්වයේ පවතින x නම් ග්‍රහලෝවක ජීවය අදින් වසර බිලියන 6කට පමණ පෙර බිහිවුයේ නම් එම ග්‍රහලොවෙහි ජීවීන් අප හා සමාන පරිණාමික වේගයක් හිමි අය නම් හා විවිධ බාධක හමුවේ න්‍යශ්ඨ නොවී පැවතියේ නම්, ඔවුන් අපට වඩා අවුරුදු බිලියන ගණනක තාක්ශණික දියුණුවක් හිමි ජීවීන් ය. ඔවුන් සමහර විට Kardashev පරිමාණයේ Type III Civilization හෝ එය අතික්‍රමණය කරන ලද ජීවීන් විය හැකිය.

විශ්වයේ ඇති y නම් ග්‍රහලෝවක ජීවය පෘථිවියේ ජීවයට සමකාලීනව ඇති වුයේ නම් එහි ජීවත් වන ජීවීන් අපට තාක්ෂණිකව සමාන, වැඩි හෝ අඩු විය හැකිය. එය සාධක ගණනාවක් මත තීරණය වන අතර නිවැරැදිව ප්‍රකාශ කල නොහැකිය.

සමහරවිටෙක විශ්වයේ ජීවය බිහිවිය හැකි තවමත් ජීවය බිහි නොවුනු ග්‍රහලෝක පැවතිය හැකිය. විශ්වයේ වයස තවමත් අවුරුදු බිලියන 13.8ක් පමණි, විශ්වයේ අවසාන තාරකාව මිය ගොස් Age of Starlight යුගය අවසන් වීමට තවත් වසර ට්‍රිලියන 100ක් පමණ ගත වේ යැයි උපකල්පනය කරයි. විශ්වය තවමත් කුඩා අත දරුවෙකුගේ වියෙහි පසු වෙන්නෙකි. එබැවින් විශ්වයේ ග්‍රහලෝක රාශියක ජීවය බිහි වීමට තවත් කල් තිබේ, තවත් සෞරග්‍රහ මණ්ඩල, තාරකා බිහි වීමටද කාලය තිබේ. සමහරවිටෙක විශ්වයේ මුලින්ම ජීවය බිහි වු ග්‍රහලෝකය පෘථිවිය විය හැකිය.

මා පෙර පල කරන ලද ලිපියෙහි පරිදි විශ්වයේ ජීවය පැවතිය හැකි යැයි උපකල්පනය කල හැකි ග්‍රහලෝක සංඛ්‍යාව අප පෘථිවියේ සියළුම මුහුදු තීරයන් වල ඇති වැලි කැට ගණනටත් වඩා වැඩිය. තවද නිරීක්ෂණය කලහැකි විශ්වයේ පරිමාවටත් පිටතින් මන්දාකිණි සහ ග්‍රහලෝක ඉතා විශාල සංඛ්‍යාවක් පවතින බව නොඅනුමානය.

අනෙක් විශේෂ කරුණ නම් අප, පෘථිවියට පිට ජීවයන් පිළිබදව සොයා යෑමේදී භාවිතා කරන සුවිශේෂී මත ද්විත්වයයි. එනම් Life as we know it සහ Life as we don't know it යන්නයි. පෘථිවියේ ජීවය දෙස බලා විශ්වයේ අනෙකුත් ග්‍රහලෝක වලත් පෘථිවියේ ජීවය පරිදි ජීවයක් සිටිනව යන්න නිගමනය කිරීම ඉතා වැරදිසහගතය. අපට හුස්ම ගැනීමට ඔක්සිජන්, පානයට ජලය, නියමිත උශ්ණත්වය, වායුගෝලීය සංයුතිය සහ පීඩනය, ප්‍රධාන මුලද්‍රවය සහ සංයෝග වල සංයුතිය සහ තවත් කරුණු දහස් ගණනක් අවශ්‍ය ය. නමුත් විශ්වයේ කොතනැක හෝ ග්‍රහලොවක ජීවය පවති නම් එහි ජීවය එම ග්‍රහලෝකයේ සාධක වලට අනුව හැඩගැසී තිබිය හැකිය. සමහරවිටෙක ඔවුන් අපට ග්‍රහණය කර ගත නොහැකි සම්පූර්ණයෙන් වෙනස් ශක්තීන් සහ මානයන් වල ජීවත් වන්නන් විය හැකිය. අප සන්නිවේදනය සඳහා විද්‍යුත් චුම්භක තරංඟ භාවිතා කරද වඩා දියුණු ජීවීන් සන්නිවේදනය සදහා මෙයට වඩා දියුණු ක්‍රමවේද භාවිතා කරනවා විය හැකිය. මේවා පිළිබදව වැඩි විස්තර කිරීම් ඉදිරියේදී පදාර්ථ පිටුව තුළින් පලකරන්නෙමු.

ඇයි මිනිස්සූ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පෘථිවියට පිට ග්‍රහලෝක සහ ජීවයක් පිළිබදව පරීක්ෂණ කරන්නේ? ඇයි අපිට බැරි අපි ඉන්න ග්‍රහලෝකය ආරක්ෂා කරගන්න? එතකොට ඔක්කොම හරිනේ..... (ඔයා මෙහෙම හිතනවා නම් ඔයා සම්පූර්ණයෙන්ම වැරදියි)

ගල් යුගයේ මානවයා වර්තමානය දක්වා මහා බාධක රාශියක් බිඳදමමින් රැගෙන එන ලද්දේ ප්‍රධාන වශයෙන් කරුණු ද්විත්වයක් මඟිනි. ඒ බලාපොරොත්තු සහ කුතුහලය යි. අද පමණක් නොව හෙටත් එම කරුණු ද්විත්වය මානව අනාගතය සුරක්ෂිත කරලීමට මහඟු වූ දායකත්වයක් දක්වන බව නොඅනුමානය. කුතුහලය යනු දියුණු ජිවීන් සතුව ඇති ස්භාවධර්මය මඟින් දායාද කරන ලද අග්‍රගණ්‍ය දායාදයකි. විශ්වයේ දැනට අප සොයා ගෙන ඇති සංකිර්ණතම දෙය වන මානව මොළය ස්භාවධර්මය විසින් දායාද කරන ලද එම දායාදය නොනවත්වා ඉදිරියට රැගෙන යාම දියුණු ජීවී විශේෂයක් න්‍යශ්ඨ නොවී පැවතීම සඳහා ඉතා වැදගත්‍ ය.

අප විශ්වයේ පාවී යන බෝලයක් මත ජීවත් වන ඇටසැකිලි වලට මස් සම්බන්ධ වී තැනි ඇති ජිවීන් ය. එබැවින් මේ සියල්ලම මෙලෙස සිදු වුයේ ඇයි, මෙලෙස සිදුවුයේ කෙසේද යන ප්‍රශ්න අප සතුව සැමදා පවතිනු ඇත. මෙම හේතූන් පදනම් කරගනිමින් ජීවය සහ පරිණාමය පිළිබදවද, පෘථිවියෙන් පිටස්තර ජීවයන් සොයා යෑම දක්වාද කුතුහලය අපව රැගෙන පැමිණ ඇත. විශ්වයේ කෙතනක හෝ අපට වඩා බුද්ධිමත් ජීවයක් සිටියි නම් ඔවුනද ඔවුනගේ අතීතයේ 'විශ්වයේ අප තනිවමද' යන ප්‍රශ්නය අසන්නට ඇත, අද අපිද එම ප්‍රශ්නයට පිළිතුරු සොයා යයි. එම ප්‍රශ්නය විශ්වයේ සියළුම බුද්ධිමත් ජිවීනට කෙදිනක හෝ මුහුණ දිමට සිදු වන ප්‍රශ්නයකි.

පෘථිවියට පිට ජීවයන් සහ ජීවය පැවතිය හැකි ග්‍රහලෝක සහ අභ්‍යවකාශ විද්‍යාවන් පිළිබදව සිදු කරනු ලබන පරීක්ෂණ අනාගතයට ආයෝජනයක් වැනිය. අප පෘථිවිය ආරක්ශා කරලීමට කෙතරම් උත්සහ කලද එය කවදා හෝ අපට වාසය කරලීමට නුසුදුසු තත්වයකට පත් විය හැකිය. එය තරමක් අවිනිශ්චිත වේ, මන්ද යත් තාක්ෂණයේ දියුණුවත් සමඟ අපට පරිසර සහ පෘථිවිය ආරක්ෂා කරලීමට විවිධ වු ක්‍රියාමාර්ග ගත හැකි වනු නිසාවෙනි. නමුත් අප බලාපොරොත්තු වන පරිදි තාක්ශණික වේගයක් අත් කර ගත නොහැකි වුවහොත්, පෘථිවිය නිතැතින්ම වාසයට නුසුදුසු තත්වයට පත් වනු ඇත. එබැවින් අප වර්තමානයේදී පෙරකී ජීවයන් සහ ග්‍රහලෝක පිළිබදව පර්යේක්ශණ සිදු නොකලහොත් අපගේ අනාගත පරම්පරාවන් අපට ශාප කරනු ඇත. "මුන් කකා බීබී පෘථිවිය විනාශ කර කර ඉදලා අනාගතය වෙනුවෙන් කිසිම පර්‍යේශණයන් සහ සොයාගැනිම් කරලා නැහැ, දැන් පෘථිවිය ජීවයට අහිතකර තැනක් වේලා. අපිට මෙකේම මැරෙන්න තමා වෙන්නේ" යනුවෙන් ඔවුන් පැවසිය හැකිය.

අප අභ්‍යවකාශ විද්‍යාව සහ ඒ සම්බන්ධ කේශ්ත්‍ර පිළිබදව සැලකිය යුතු දියුණුවක් අත් කර ගෙන සිටින බව සත්‍යය. නමුත් මහා විශාල මුදලක් වියදම් කලද අපට තවමත් සමහර බාධක බිද දමාලීමට නොහැකි වී ඇත. නමුත් සැමදා මතක තබා ගත යුත්තේ, 

දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය,

කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’

ඉතින් කිසිවක් හමු නොවුනා කියා අප අපගේ කුතුහලය සහ බලාපොරොත්තු අතහැර දැමිය යුතුද ? අද අප කරනා සුළු දෙයින් වුවද මානව විශේෂයේ අනාගතය තීරණය කල හැකිය. බුද්ධිමත් ජීවය විශ්වයේ ඉතාමත් දුර්ලභ විය හැකිය, එබැවින් බුද්ධිමත් ජීවය යන ගිනි සිළුව, නිවී නොයමින් ආරක්ශා කරලීමට අප වඟබලා ගත යුතුය.

ලෝ ප්‍රකට තාර්කීක භෞතික විද්‍යාඥයෙකු වු Stephen Hawking මහතාගේ ප්‍රකාශයක් සටහන් කරලමින් ලිපිය නිමා කරන්නෙමි. 

“Remember to look up at the stars and not down at your feet. Try to make sense of what you see and wonder about what makes the universe exist. Be curious. And however difficult life may seem, there is always something you can do and succeed at.

It matters that you don't just give up.”

― Stephen Hawking 


Article writer's whatsapp group -

https://chat.whatsapp.com/JEcK4QG0c4ZEswFslKQTr7



from Science FinderX https://ift.tt/MJqam16
via IFTTT
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!