පෘථිවියේ සිට පියවි ඇසින් දැක ගත හැකි එකම චක්‍රාවාටයයි.මෙය සැප්තැම්බර් මාසයේ රාත්‍රී 8.00ට පමණ උතුරු දිග අහසේ කැසෝපියා පෙගසැස් හා අජානේය අශ්වයාගේ හතරැස් කොටුව යන රාශිවලට මැදිව දුම්වලාවක් ලෙස පෙනේ.
පුරාණ ග්‍රීක කතන්දර වල සඳහන් වන ඇන්ඩ්‍රොමීඩා කුමරිය නමින් හඳුන්වා අති මෙම චක්‍රාවාටය නම් කර අත්තේ අහසේ අපහට පෙනීයන පෙදෙස එනම් ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශියට අනුවයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය, ක්ෂීරපථය හා Triangulum අතුළු තවත් කුඩා මන්දාකිණි 30කින් පමන සමන්විත ස්තානීය කන්ඩායමට (Local group) හි විශාලතම මන්දාකිණියද වේ. මෙය විශාල වුවත් මෑතකාලීන සොයාගෑනීම් වලට අනුව අඳුරු පදාර්ථ (Dark Matter) ප්‍රමාණය ක්ෂීරපථයට සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් ගන්නා බැවින් ක්ෂීරපථයස්කන්ධයෙන් වැඩි බව ප්‍රකාශ වේ.
මෙහි තාරකා කෝටි 20000 ක් වත් ඇතැයි විශ්වාස කෙරේ. M31 යනුවෙන් හදුන්වන මෙය නාමකරණයට අනුව N.G.C. 224 ලෙස නම් කර ඇත.
දෘශ්‍ය විශාලත්වය (apparent magnitude) 3.4 ක් වන M31 දීප්තිමත්ම Messier ආකාශ වස්තු වලින් එකක් වන බවින්, සඳ නැති රාත්‍රියකදී වූවත් අලෝකය දූෂණයට ලක්වූ ප්‍රදේශයන්හී දී පවා පියවි ඇසට දක්නට හැක. සඳ මෙන් හය ගුණයක් පමන විශාලත්වයකින් යුතුව දුරේක්ශ ගත කල හකි මෙහි පියවි අසට හා දෙනෙතියට හසුවන්නේ දීප්ති තීව්රතාවයෙන් වැඩි මධ්‍ය ප්‍රදේශය පමණි.
The author's YouTube channel : https://www.youtube.lk/@sl_astronaut
The author's Website : https://findersl.tiiny.site
from Science Lab https://ift.tt/wp0ElhJ
via IFTTT
Post a Comment