zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අභිරහස් ගොන්නක සැගවුනු රැවැත්තිය.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

Monalisa

ලියනාඩෝ ඩා වින්චිගේ විශිෂ්ටතම කලා නිර්මාණයක් ලෙස මොනා ලිසා ක්‍රි.ව. 1503ත් 1506ත් අතර, කාලයේ දී තමයි නිර්මාණය කිරීම ඇරඹුණේ එහෙත් ඩා වින්චි විසින් මොනා ලිසා සිත්තම් කිරීම අවසන් කරනුයේ 1517 වසරේදී ය. මේ ලෝක ප්‍රකට කලා නිර්මාණය 1804 වසරේ සිට අද දක්වා ම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

ලූවර් කෞතුකාගාරය

මොනා ලිසා සුවිශේෂ වීමට හේතුව එහි දිස්වන ගුප්ත බවයි. ඒ ගුප්ත බව මොනා ලිසාගේ දෑස්වලත්, සිනහවේත්, දෑත්වලත් සැඟව පවතින බව බොහෝ දෙනාගේ මතයයි.

සැබැවින්ම එහි ඇයගේ ඇහි බැමි අපැහැදිලි ලෙස නිරූපණය කර පැවතීමත්, ඇසිපිය දක්වා නොතිබීමත් බොහෝ පර්යේෂකයන් ගේ කුතුහලයට හේතු වී තිබෙනවා. අධිසංවේදී කැමරා උපයෝගී කරගෙන ලබා ගත් සමීප රූප රාමු ඇසුරෙන් කළ පර්යේෂණවලට අනුව ඇතැම් පර්යේෂකයෝ ඩා වින්චි විසින් මොනා ලිසා නිර්මාණය කිරීමේ දී ඇසිපිය හා ඇහි බැම පැහැදිලිව ඇඳ තිබී ඇති බවත් කුමක් හෝ හේතුවක් නිසා ඒවා පසුව ඉවත්කර ඇති බවත් පවසනවා.

ඒ වගේම මොනා ලිසාගේ සිනහව ලෝකයේ වඩාත් ආන්දෝලනයට ලක් වූ කරුණක්. කෙනකුට සතුටත්, තවත් කෙනකුට දුකත් එකවිට නිරූපණය කිරීමට ඇයගේ සිනහව සමත්වීම ඊට හේතුවයි. ඇයගේ මුහුණෙන් පිළිකුල් සහගත බවක්, බියගුලු බවක්, තරහවක්, උපේක්ෂා සහගත බවක් සුළු වශයෙන් හෝ පිළිබිඹු කෙරෙන බවට තවත් මත පළවෙනවා.

මොනා ලිසා තරුණ කාන්තාවක බව ඇතැම් විට පිළිගැනුණ ද ඇය තම උදරය මත දෑත් තබා සිටින ආකාරය ගැබිනි කාන්තාවක නිරූපණය කරන බව ඇතැමකුගේ මතයයි.

අධෝරක්ත කැමරා උපයෝගී කරගෙන සිදු කළ ඇතැම් පර්යේෂණවලදී ඩා වින්චි විසින් පළමුව මොනා ලිසා හිස්වැස්මක් පැලඳ සිටින බවත්, ඇය පසුව එය වෙනස් කිරීමකට ලක් කර තිබෙන බවත් සොයා ගෙන තිබෙනවා.

ලියනාඩෝ ඩාවින්චි

මොනා ලිසා සිතුවම පමණක් නොව ඇත්තෙන්ම මොනා ලිසා යනු කවරෙක් ද යන්නත් තවත් නොවිසඳුණු ගැටලුවකි. මොනා ලිසා යනු ලීසා ඩෙල් රියෝකොන්ඩා නම් කාන්තාවගේ උඩුකය නිරූපණයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඉතාලියේ ෆ්ලෝරන්ස්හි පාලකයකු වූ මෙඩිසිගේ ආරාධනයෙන් ඇඳි සිතුවමක් ලෙසත් මෙය පිළිගැනෙනවා. එසේම ඇතැමුන්ගේ මතය වී ඇත්තේ මොනා ලිසා යනු චීන ජාතික දාසියක වූ ලියනාඩෝ ඩා වින්චිගේ මව බවයි. කෙසේ නමුත් වඩාත්ම ආන්දෝලනයට තුඩු දෙන මතය වන්නේ මෙය ලියනාඩෝ ඩාවින්චි තම රුවම ගනිමින් නිර්මාණය කළ සිතුවමක්ය යන්නයි.

මොනාලිසාට වසර පන්සියයක පමණ ඉතිහාසයක් ඇතත් අදටත් ඇය නොවිසඳුණු අබිරහස් ගොන්නක සැඟව පැවතීමට එකම හේතුව ඒ චිත්‍ර ශිල්පියා සතු දක්ෂතාවයි. ඒ නිසා මොනා ලිසා වගේම ලියනාඩෝ ඩාවින්චි නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාත් අදටත් ජීවමානයි.


ඔයාලගෙ යාලුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා,



JOIN OUR GROUP

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!