zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පුදුමෙනුත් පුදුම හිතෙන පුදුමාකාර අහඹු සිදුවීම් 8ක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



   



ලෝකේ නම් හරිම පුදුම තැනක්. අපිට විද්‍යාත්මක විස්තර කරන්න අමාරු, සිද්ධ වෙනව කියල විශ්වාස කරන්නත් අමාරු, අරුම පුදුම දේවල් ගොඩක් ලෝකෙ සිද්ධ වෙනවා. සමහර විට ඔයා උදේ ඉඳන් කවුරු හරි යාලුවෙක් ගැන මතක් කරමින් ඉන්නකොට දවල් වෙනකොට අහම්බෙන් වගේ ඒ යාලුවා ඔබේ ගෙදර එන්න පුලුවන්. නැත්නම් කෝල් එකක් දෙනවා. ඔබ සිහිනෙන් දැක්ක දේවල් ඇත්ත වෙන්න ඉඩ තියෙනවා.
නමුත් මේ වගේ පුංචි පුංචි අරුම පුදුම වැඩ අතර ගොඩාක් පුදුම සහගත අමුතු සිදුවීම් ලෝකේ ගොඩක් අහන්න ලැබෙනවා. ඔබටත් ඇති තරම් පුදුම වෙන්න මේ ඒ වගේ ලෝකය පුරා වාර්තා වුණු එවැනි අහඹු සිදුවීම් 8ක්.Ads Click



1. පුනරුප්පත්ති කතාවක්ද?


ෆෙරාරි සමාගමේ නිර්මාතෲ එන්සෝ ෆෙරාරි 1988 මියගියා. ඔහුගේ මරණයට මාසයකට පසු තුර්කියේ ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක් වන මෙසුත් ඔසිල් ඉපදුණා. මේ දෙන්නා හරියට පුනරුප්පත්තියක් වගේ පෙනුමෙන් ඉතාම සමානයි.

1. කාලය තරණය කලාද?

මේ සුප්‍රකට ජෙනිෆර් ලෝරන්ස් සහ ඊජිප්තු සිනමා තරුවක් වූ සුබයිදා තර්වත්.
1. වෙනස් ශත වර්ෂ වල අසල්වැසියෝ


සුප්‍රකට සංගීතඥයෙකු වන ජෝර්ජ් හැන්ඩෙල් ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙක් වන ජිමී හෙන්ඩ්‍රික්ස් අසල්වැයනුයි. ඔවුන් අතර තිබ්බේ ශතවර්ෂ දෙකක පරතරයක්. ඔවුන් දෙදෙනාම තම තමන්ගේ සංගීත ක්ෂේත්‍ර වල ඉතාම විශාල සේවාවන් කරපු අය.
1. හූවර් වේල්ලේ ඛේදවාචකය


හූවර් වේල්ල ගොඩනැගීම් අතරතුර මියගිය පළමුවැන්නා ජෝර්ජ් ටියනි මියගියේ 1922 දෙසැම්බර් 20 වේල්ලේ මූලික වැඩ කටයුතු අතරතුරයි. වේල්ලේ ඉදිකිරීම් අතරතුර මියගිය අවසාන පුද්ගලයා පැට්‍රික් ටියනි, ජෝර්ජ්ගේ පුතා, එත් දෙසැම්බර් 20 වන දිනකයි.
1. කොහොමහරි එකම අසල්වැසියාව සොයාගත් කාර්


1895 ඔහියෝ ප්‍රාන්තයේ කාර් අනතුරක් සිදුවුණා. මේකෙ එච්චර පුදුමයක් නෑ තමයි. නමුත් ඒ වෙනකොට කාර් නිශ්පාදනය ඇරඹුනා පමණයි, ඒ වගේම මුලු ඔහියෝ ප්‍රාන්තයටම තිබුණේඒ කාර් දෙක විතරයි. නමුත් මේකාලේ වාහන අනතුරු ගැන වාර්තා කරල න්ඨ්ති නිසා මේ අනතුර ගැන වැඩිදුර තොරතුරු හොයාගන්න අමාරුයි.

1. එඩ්ගා ඇලන් පෝගේ කාල යන්ත්‍රය ගැන කතා


එඩ්ගා ඇලන් පෝගේ The Narrative of Arthur Gordon Pym of Nantucket කියන පොතේ තියෙන්නෙ නැව ගිලෙන්න ගිහිල්ලා බේරෙන නාවිකයන් හතර දෙනෙකුට තමන්ගෙ නැවේ සේවය කළ සේවක පිරිමි ළමයාව ආහාරයට ගන්න වෙන්න සිදුවීමක්. මේ ළමයාගේ නම රිචඩ් පාකර්. පෝ කිව්වෙ මේක සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු කතාවක් කියලා. ඔබට මතක නම් සමාන කතා තේමාවක් සහිත ”ලයිෆ් ඔෆ් පයි’ චිත්‍රපටයේ කොටියාගේ නමත් මේක.
ඇලන් පෝගේ කතාවෙන් වසර 46කට පස්සෙ ඇත්තටම අනතුරට ලක් වූ නැවක නාවිකයින් තමන්ගේ නැවේ සේවක පිරිමි ළමයෙක්ව ආහාරයට ගත්තා. ඔහුගේ නම: රිචඩ් පාකර්. මේ සිද්ධිය නිසා එඩ්ගා ඇලන් පෝට කාල යන්ත්‍රයක් තිබුණා කියලා නොයෙක් කටකතාත් පැතිරුණා.

1. අවාසනාවන්ත සහෝදරයෝ


1975 ජූලි මාසෙ බර්මියුඩා දූපතේ පදිංචිකරුවකු වූ වයස අවුරුදු 17ක් වයසැති එර්ස්කින් ලෝරන්ස් එබින් තම මෝටර් බයිසිකලය පදිමින් සිටියදී ටැක්සියක ගැටී අනතුරටලක් වුණා. මේ සිදුවීමට වසරකට පමණ පෙර එර්ස්කින්ගේ සහෝදරයා මියගියේත් වයස 17 දී මෝටර් සයිකලය අනතුරට ලක්වීමෙන්. එම අනතුර සිදුකර තිබුණේ එකම ටැක්සිකරු විසින්, ඔහු අවස්ථා දෙකේදීම රැගෙන යමින් සිටියේ එකම පුද්ගලයාවයි.

1. ඇන්තනි හෝප්කින් සහ දුර්ලබ පොත


වරක් ඇන්තනි හෝප්කින්ස් කියන නළුවාට තමා රඟපාන The Girl from Petrovka චිත්‍රපටය පාදක වූ කියන පොත සොයාගැනීම අවශ්‍යම වුණේ එහි තමාගේ චරිතය අධ්‍යනය කිරීමටයි. නමුත් ඔහුට මේ පොත කොහේදිවත් හොයාගන්න ලැබුණේ නැහැ. නමුත් අරුම පුදුම ලෙස උමං දුම්රියේ අමතකව ගොස් තිබූ පිටපතක් ඔහුට ලැබුණා..
කාලෙකට පස්සෙ පොතේ රචකයා වන ජෝර්ජ් ෆෙලිෆර්ව ඇන්තනි හෝප්කින්ස්ට මුණ ගැහුණාම රචකයා කිව්වෙ තමන් ගාවත් ඒ පොතේ පිටපතක් නොමැති බවයි. ඔහු කියවීම සඳහා පොත ලබාදුන් මිතුරෙකුට එය උමං දුම්රියේ අමතක වෙලා තිබුණා.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!