zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පිහිනීමට ගොස් අභිරහස් ලෙස අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

ඉතිහාසය පුරාවටම රටක් පාලනය කරන නායකයාගේ ජීවිතය බොහෝ විට පවතින්නේ අනතුරේය. මේ හේතුව නිසා ලොව සෑම රටක්ම පාහේ තම නායකයා මෙවන් අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධාකර නවීන තාක්ෂණික ක්‍රම මෙන්ම බොහෝ ආරක්ෂක විධි විධානද භාවිතා කරනු ලබයි. එහෙත් කෙතරම් ආරක්ෂක ක්‍රම භාවිතා කළත් ඝාතකයින් කෙලෙස හෝ තම ඉලක්කයන් වෙත ළඟා වන බවට ඉතිහාසය අපට සාක්ෂි දරයි. ජනපති කෙනඩි ඝාතනය සහ ජනපති ලින්කන් ඝාතනය ඊට උදාහරණ ලෙස සදහන් කළ හැක.

21 වන සියවසට පෙර නායකයින්ට එල්ල වූ ලොකුම තර්ජනයක් වුයේ වෙඩි තබා ඝාතනය කිරීමයි. එහෙත් ඊට අමතරව නායකයින් අතුරුදහන් කරවීමද සිදු වී ඇති බවට ඉතිහාසය අපට පෙන්වා දී ඇත. එලෙස අභිරහස් ලෙස අතුරුදහන් වූ එක් නායකයකු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු අගමැතිවරයකු වූ හැරල්ඩ් හෝල්ට් හදුන්වා දිය හැක.

හැරල්ඩ් හෝල්ට් වයස අවුරුදු 27 දී රජයේ ඇමතිවරයෙක් වීමත් සමඟ සිය වෘත්තිය දේශපාලන දිවිය ආරම්භ කළේය. මෙම තනතුරේ සිට ඔහු වයස අවුරුදු 58 වන විට අගමැති තනතුර දක්වා ක්‍රමයෙන් ඉහළට යාමට සමත් විය. එහෙත් ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති සහ පෞද්ගලික ජීවන රටාව හේතුවෙන් හෝල්ට් රජයෙන් තමා වෙත ලබා දෙන ආරක්ෂාව ප්‍රතික්ෂේප කරන ලදී. ඒ පිළිබඳව ඔහු ඔහු පවසා සිටියේ මෙවැනි විශාල ආරක්ෂාවක් මගින් තමාට මහජනතාව අතර කැපී පෙනීමට අවශ්‍ය නොවන බවත් ඊට අමතරව එය තම පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන බවත්ය.

ප්‍රභූ දේශපාලනඥයෙකුට වඩා සාමාන්‍ය මිනිසෙකු ලෙස පෙනී සිටීමට ඔහු ගත් මෙම තීරණය හේතුවෙන් එක් අවුරුද්දක් තුළ ඝාතන උත්සාහයන් දෙකකට මුහුණ දීමට ඔහුට සිදු විය. කෙසේ හෝ ඒ දෙකෙන්ම දිවි ගලවා ගැනීමට ඔහු සමත් විය.

මේ දෙවන ඝාතන ප්‍රයත්නයෙන් පසුව ඔහු තමාට යම් ආරක්ෂාවක් පැවතිය යුතු බවට පිළි ගන්නා ලදී. ඒ අනුව ඔහු එක් ආරක්ෂකයකු තමාගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා ලදී. එහෙත් එම ආරක්ෂකයාටද හෝල්ට් තම පවුල සමඟ නිවාඩු ගත කරන විට ඔවුන් සමඟ පැමිණීම තහනම් කරන ලදී.
Ads Click

හෝල්ට් විනෝදාංශයක් ලෙස බොහෝ ලෙස ආශා කරනු ලැබුවේ "ස්පියර්ෆිශින්" (ජලය යට පිහිනමින් හෙල්ලයක් වැනි දිගු උලකින් ඇණ මත්ස්‍යයින් ඇල්ලීම) කිරීමටය. ඔහු තමාට නිවාඩුවක් ලද සැනින් මෙය සිදු කිරීම සදහා මුහුද වෙත ගිය බවට සදහන් වේ.

හෝල්ට්ගේ මේ භයානක විනෝදාංශය ඔහුගේ දිවිය කිහිප විටක්ම අනතුරේ පවා හෙළා ඇත. එනම් හෝල්ට්ගේ නොසැලකිලිමත් ස්පියර්ෆිශින් චාරිකා හේතුවෙන් අවස්ථා කිහිපයකදීම ඔහු මුහුදේ අතරමං වීම සහ දියේ ගිලී මිය යාමට ඉතා ආසන්න විය. ඊට අමතරව ඔහුගේ මේ නොසැලකිලිමත් බව ඔහු යෙදුනු එළිමහන් ක්‍රියාකාරකම් සියල්ලගේම පවා කැපී පෙනුනි. ඔහු අතුරුදහන් වූ දිනයේදීද ඔහුගේ මෙම නොසැලකිලිමත් භාවය හොදින් ඉස්මතු විය.

1967 දෙසැම්බර් 17 වෙනිදා යනු හෝල්ට් සහ තවත් ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු එළිමහන් ක්‍රියාකාරකම් රාශියක් සිදු කිරීමට සිතා ගෙන සිටි දිනයකි. මෙම කණ්ඩායමේ පළමු සැලසුම වූයේ තනිවම ලෝකය වටා සංචාරය කරමින් සිටි ඇලෙක් රෝස්ගේ යාත්‍රාව අසලට ගොස් ඔහුට සුභ පැතීමය. ඇලෙක් රෝස් යනු තනිව ලොව වටා සංචාරය කළ ඉංග්‍රීසි නාවිකයකු වූ අතර ඔහු ඒ වන විට ඕස්ට්‍රේලියාව පසු කරමින් සිට ඇත. ඉන් අනතුරුව ඔවුන්ගේ සැලැස්ම වූයේ ස්පියර්ෆිශින් කිරීමයි.

එහෙත් අවාසනාවට රොස්ගේ යාත්‍රාව ඒ වන විටත් ඔවුන් සිටි සීමාව පසුකර ගොස් අවසානය. මේ නිසා කණ්ඩායම යළි ස්පියර්ෆිශින් කිරීම සදහා යාමට තීරණය කරන ලදී. ඔවුන් ස්පියර්ෆිශින් කිරීමට බලාපොරොත්තු වූ ස්ථානයට යාත්‍රා කරමින් සිටියදී හෝල්ට් යෝජනා කළේ කෙටි වේලාවක් පිහිනීම සඳහා චෙවියට් වෙරළේ නතර කරන ලෙසටය. සැබැවින්ම මෙම ස්ථානය හෝල්ට්ට ඉතා හුරුපුරුදු ස්ථානයක් විය.

එහෙත් එම වෙලාවේ පැවති කැලඹිලි සහිත ජලය හේතුවෙන් හෝල්ට් සහ තවත් එක් අයෙකු හැර කණ්ඩායමේ බොහෝ දෙනා වෙරළේ රැඳී සිටීමට තීරණය කරන ලදී. මුහුදු රළ ඉතා ප්‍රචණ්ඩ යැයි අනෙක් අය අනතුරු අඟවද්දි ඒ කිසිත් නොතකා හෝල්ට් වෙරළෙන් තවත් ඈතට පිහිනන ලදී. ඔහු තවත් වෙරළෙන් ඈතට ගිය විට කණ්ඩායම බොහෝ ලෙස කලබල විය. නමුත් ඔවුන් උදව් ඉල්ලා ඒ මොහොතේදීම කතා කළේ නැත්තේ හෝල්ට් හොඳ පිහිනුම්කරුවෙකු වූ නිසාත් ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ නිසාය. එහෙත් කිසිවෙකු නොසිතූ ලෙස හැරල්ඩ් හෝල්ට්ව කිසිවෙකු හෝ දුටු අවසන් අවස්ථාව මෙය විය.

ඔහුගේ මේ අතුරුදහන් වීමෙන් පසු අගමැතිවරයාගේ ඉරණම සෙවීම සඳහා විවිධ සෙවීම් කණ්ඩායම් සෙවීම් මෙහෙයුම් රාශියක් ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සිදු වූ විශාලතම සෝදිසි මෙහෙයුම ඔහු සොයා ආරම්භ වූ අතර ඊට හමුදාවේ සෑම අංශයක්ම සහභාගී විය. ඔහු අතුරුදහන් වී පැය එක හමාරකට පමණ පසු කිමිදුම් කරුවන්ට චෙවියට් වෙරළ අවට ජලය ගවේෂණය කිරීමේ වගකීම පැවරුණු නමුත් ඒ වන විටත් ජලය ඉතා ප්‍රචණ්ඩ වූ බැවින් මෙය සිදු කිරීමට ඉතා අපහසු විය.

හෙලිකොප්ටර් යාත්‍රා සහ වෙරළාරක්ෂක බෝට්ටු මගින් සෙව්වත් හෝල්ට් පිළිබඳ කිසිදු සලකුණක් හමු නොවීය. එහෙත් කල් ගත වෙත්ම අගමැතිවරයා සෙවීමේ බලාපොරොත්තුව ක්‍රමයෙන් හීන වෙමින් ගිය අතර මෙහෙයුමේ වේගයද සෙමින් අඩු විය. ඒ අනුව ඊළග වසරේ ජනවාරි 5 වෙනිදා වන විට මුළු සෙවීමේ උත්සාහයම අත්හිටුවනු ලැබීය.

හෝල්ට්ට කුමක් සිදු වීද යන්න අදටත් කිසිවෙකු දන්නේ නැත. බොහෝ දෙනෙක් පවසන්නේ ඔහු මුහුදු ජලයේ ගිලී මිය ගිය බවයි. නමුත් ඔහුගේ සිරුර හමු නොවූ නිසා මෙම මතය තහවුරු කළ නොහැක. එම නිසා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය හැරල්ඩ් හෝල්ට්ගේ සැබෑ ඉරණම අදටත් අභිරහසක්ව පවතී.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!