zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කාලතරණය පිලිබඳව ලෝකයෙ සිදුවූ සත්‍ය සිදුවීම්…

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


මුලින්ම කියන්න ඕන මේ කාරනා ඔප්පු කිරීමක් හෝ ඒව ඔප්පු කරන්න 100% නිවැරැදි සාක්ෂි නම් නැහැ. ඒත් මේ කාරනා ලෝකයේ ගොඩක් ජනප්‍රිය සිදුවීම්. ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරගන්න..

#1. Victor Goddard ගේ ගුවන් ගමන [ 1935 ]

Victor Goddard කියන්නෙ රාජකීය ගුවන්හමුදාවෙ අණදෙන නිලදාරියෙක්.මොහු 1935 දී එඩින්බරෝ සිට එන්ගලන්තය වෙත ගුවනින් ගමන් කර තිබෙනවා. මේ අතර තුර හමුවන Drem නම් ගුවන් තොටුපලේහි තත්වයද පරික්ශාකරන ලෙස අණ ලැබී ඇත.මෙය ස්කොට්ලන්තයට ආසන්නයේ පිහිටා තිබෙ.
ඉතින් ඉහලින් ගමන්කර victor ට drem ගුවන්තොටුපළ තවදුරටත් භාවිතයේ නොමැති බව පෙනීගොස් තිබෙනවා එහි තනකොල කමින් සිටි ගවයන් මෙන්ම තැන තැන විසිරී තිබූ යකට හා කසල කොටස්ද ඔහු පැහැදිලිවම දැක තිබෙනවා.
ඔහු තමන්ගේ ගමනාන්තයට ගොස් රාජකාරිය නිම කර නැවතත් ඔහු පැමිනි ගුවන් මාර්ගයේම එන්ගලන්තය කරා පියාසර කර තිබෙනවා. එහිදී drem ගුවන්තොටුපළ ආසන්නයේදි ඔහුව කුණාටුවකට හසුවී ඇති අතර අපහසුවෙන් ගුවන්යානය පාලනය කරමින් ඉදිරියට ගොස් තිබෙනව. එක්වරම කුනාටුව අතුරුදහන් වි ඇති අතර ඔහු නැවත drem ගුවන්තොටුපළ දැක තිබෙනවා. එහිදී ඔහු පුදුමයට පත් කරමින් ගුවන්තොටුපළ තවදුරටත් භාවිතයේ නොමැති ගුවන්තොටුපළක් නොවන බවත් එහි කහ පැහැති ගුවන්යානා සහ නිල් පැහැ ඇදුමින් සැරසුන සේවකයන්ද දැක තිබෙනවා. ඉන් පසු නැවතත් ඔහුව කුනාටු තත්වයට හසු වී තිබෙනව. කෙසේවෙතත් තමන් දුටු දේ සිතේ තබාගෙන සිටි ඔහුට නැවතත් වසර 4කට පසු 1939 දී drem ගුවන්තොටුපළට යෑමට සිදු වී ඇති අතර එහිදී ඔහු දුටු දෙයින් ඔහු පුදුමයට පත්වෙලා තියෙනව. එහිදී ඔහු වසර 4කට පෙර දුටු කහපාට ගුවන්යානා සහ නිල්පැහැති ඇදුමින් සැරසුන සේවයකයන් දැක තිබෙනවා. ඇත්තටම ඔහු 1935දී වසර 4ක් අනාගතයට ගියාද? ඒක අදටත් අබිරහසක.මොහු 1987 මියගොස් තිබෙනවා.

Ads Click
#2 L C's රියදුරා අදිවේගී මාර්ගයේ දුට පැරනි කාරය [ 1969 ]

1988දී strange magazine 2නම් මැගසීනයේ "time traver" නම් ලිපියේ අමුතු සිදුවීමක් වාර්තා කර තිබෙනවා.
Lc's නම් පුද්ගලයෙක් හා ඔහුගේ ව්‍යාපාරික මිතුරෙක් සමග ලුසියානා නගරයේ සිට 167 අදිවේගී මාර්ගය ඔස්සේ ලෆයෙට් දෙසට ගමන් කර තිබෙනවා. එදා 1969 ඔක්තෝම්බර් 20.දහවල් 1.30 පමණ ඔවුන් එක් වරම පැරනි ගනයේ වාහයක් තමන්ට ඉදිරියෙන් යනු දැක ඇත. ඇත්තටම මෙයාල මේ වාහන වර්ගෙ ගැන දැනගෙන ඉදල නැහැ. කැස්බෑවෙක්ගෙ පිටුපසක් වැනි පිටුපසක් ඇති වාහනයක් කියලයි සදහන් කරල තියෙනෙ.
කොහොම හරි මේ වාහනෙ එන්න එන්නම මංදගාමී වන බව මොවුන්ට තේරිලා.මොවුන් මේ ගැන වැඩි අවදානයක් යොමු කරල තියෙන්නෙ පැරනි වාහන මෙම මාර්ගයේ දාවනයට අවසර නොදෙන නිසාය. මොවුන් එම වාහනය අසලට කිට්ටු වූ පසු තමන්ගෙ රතයේ වේගය අඩු කර අර පැරනි මෝටරිය දෙස බල ඇත. එහෙදී තැබිලි පැහැති බලපත්‍ර තහඩුවක් සහ එහි 1940 ලෙස පැහැදිලිවම සටහන් කර ඇති ආකාරය දැක ඇත. ඒ වගේම එහි රියදුරා ලෙස ලොකු තොප්පියක් සහ කබායක් හැදගත් කාන්තාවක් සහ ඝන කබායක් හැදකත් පොඩි ලමයෙකු යාබද අසුනේ සිටිනු දැක ඇත. මේවා 40 දශකයේ ඇදුම්පැලදුම් වලට සමාන බව මොවුන් ප්‍රකාශ කරල තියෙනව.කොහොම උනත් එම පැරනි රතයෙ වේගය අඩුවන නිසා ඔවුන්ට උදව් අවශ්‍යයයි සිතා lc's සහ ඔහුගෙ රතය අර පැරනි රතය අසලින් ගමන් කරවූ අතර පැරනි රතයේ ස්ත්‍රිය කලබලයට පත්ව ඇති බවත් ඇට නිතම පිටුපස බැලමින් වාහනය දාවනය කරන බවත් පෙනීගොස් තිබෙනවා.කොහොම උනත් ඇය තමන්ගේ වාහනය දෙස නොබැලූ බව lc's ප්‍රකාශ කරල තියෙනව. ඒ නිසා මේ දෙදෙනා පැරනි වාහනය පසුකරගෙන ඉස්සරහට ගිහින් තියෙනව ඉදිරියට ගිහින් පිටිපස බැලූ විට අර පැරනි වාහනය අතුරුදහන් වී ඇති බව ඔවුන් පවසනව. පුදුමයට පත් මේ දෙදෙනා ඉස්සරහට වාහනය පදවගෙන යද්දි අර පැරනි වාහනය ඉස්සරහින් යනව දැක ඇති අතර තවත් නවීන වාහනයක් ඒක පහුකරගෙන යනකොටම ආපහු අර වාහනය අතුරුදහන් වී තිබෙනව. මෙවර අර අනෙක් නවීන වාහනයේ රියදුරාද කලබලයට පත්වී තිබුනු අතර මොවුන් වාහන නවත්වා ඒ ගැන කතා කර ඇති අතර පොලීසිය ප්‍රකාශ කල නොහැකි ගනයේ සිදුවීමක් නිසා ඔවුන් පොලීසිය දැනුවත් නොකර ඉන්න තීරණය කරල. කොහොම උනත් මේක කියවපු අයගෙ මතය වෙලා තියෙන්නෙ අර කාන්තාව සහ ලමයා වාහනය සමග කාලයේ යම් සීමාවක් ඉක්මවා ගිහින් කියල සහ ඒ නිසා ඔවුන් කාලයේ හිරවෙලා කියලයි.

#3 පත්තර වාර්තාකරු ජේ බර්නාඩ් සහ චායාරූප ශිල්පි ජෝකීම්ගෙ සිදුවීම [1932]

බර්නාඩ් සහ ජෝකීම් ජමනියේ හැම්බර්ග් නැව් අංගනයේ විශේෂ කතාවක් ආවරණය කිරීමට 1932 දී ගොස් ඇත. එහිදී එම කාර්ය අවසන් කර එලියට පැමිනිනෙ විට එක්වරම ඔවුන් දුටුවේ ගුවන් යානා නාශක අවි වලින් බිම හෙලූ ගවන්යානා සහ විනාශවී ගිය ගොඩනැගිලිය එම ප්‍රදේශය යුදබිමක් වී තිබූ අතර එහි සිටි ආරක්ශක නිලදාරියෙක් මොවුන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
ඉතින් මේ විදානය නිසා මොවුන් හැම්බර්ග් නගරය දෙසට ගමන් කර ඇති අතර නගරය දෙස බැලූ ඔවුන්ට දක්නට ලැබී ඇත්තෙ පැහැදිලි අහසක් සහ සාමකාමී පරිසරයකි. නැවතත් ඔවුන් හැම්බර්ග් නැව් අංගනය දෙසට ගොස් බැලූ මොවුන්ට එහි කිසිදු දෙයක් සිදුව නොමැති බව දක්නට ලැබී ඇත. සිදු වූ දෙය සිතාගත නොහැකිව තම කාර්යාලට ගිය පසු එහි සිටි අයට මෙම කාරය කියූ අතර ඔවුන් එයට සිනහ වී ඇත. ඉන්පසු බර්නාඩ් දෙවන ලෝක යුද්දය ආරම්භ වීමට පෙර එන්ගලන්තයට සංක්‍රමණය විය. 1943 දී පුවත්පතක් බලමින් සිට් ඔහු පුදුමයට පත්වන පුවතක් දුටුවේය. ඒ රෝයි ගුවන් අලඇණිය හැම්බර්ග් නැව් අංගනයට සාර්තක ලෙස පහර දී ඇති බවයි. එහි චායාරූප දුටු බර්නාඩ් කම්පනයට පත් විය එයට හේතුව වසර 11 කට පෙර තමා මුහුනදුන් සිද්දියට සමාන චායාරූප එහි පලවී තිබීමයි. ඔහු අනාගතය දැක්කද? ඒත් ඒ කොහොමද? ඔප්පු කරන්න බැරිඋන සිදුවීමක් මෙය.

#4 Andrew Carlssin(2003)

Andrew නම් මෙම පුද්ගලයා 2003 January 28 වන දින අත්අඩංගුවට ගන්නා ලදි ඒ ඔහු Wall Street එකෙහි අභ්‍යන්තර කොටස් වෙලදපොලෙහි අසාමාන්‍ය ලෙස ලැබූ අදික ලාබය නිසාය. ඇත්තටම ඔහු විසින් ඩොලර් 800ක් මුලින් ආයෝජනය කර සති දෙකක් ඇතුලත එය ඩොලර් මිලියන 350ක් දක්වා වර්දනය කරගෙන ඇත. ඔහු විසින් ආයෝජනය කල සියල්ලගෙන්ම ඔහු ලාබ ලැබූ අතර ඒ ආයෝජන රටාව ආසාමාන්‍ය නිසා ඔහුට අභ්‍යන්තර වෙලදපොල සම්බන්ද සියලු කරුනු කවුරුන්හෝ හෙලි කර වන්චනිකව මෙය සිදු කරන්නට ඇතැයි සිතා අත් අඩංගුවට ගෙන ඇත.මෙහිදි ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙදී ඔහු අසාමාන්‍ය උත්තරයක් ලබා දී ඇත.
ඒ ඔහු 2256 වර්ශයේ සිට පැමිනි පුද්ගලයෙක් බවත් ඔහු වෙලදපොලෙහි තොරතුරු දාන්නා නිසා ලාබ ලැබියහැකි කොටස් ආයෝජනය කල බව පවසා ඇත. පොලීසිය එය විස්වාස නොකලත් මොහු වංචාවක් සිදුකර බවට සාක්ෂි නොමැති නිසා මොහුව ඇප මත නිදහස් කර ඇත. පුදුමයට කරුනනම් ඔහු නැවත කිසිදා සොයාගැනීමට නොහැකි වීමයි. ඔහු අතුරුදහන් වී ඇත. ඇතැමුන් පවසන්නෙ ඔහු නැවත තමන්ගේ කාලයට ගිය බවයි. ඇතැමුන් ප්‍රකාශ කරන්නෙ ඔහු ලැබූ ලාබය නිසා කවුරුන් හෝ ඔහුව ගාතනය කර ඇති බවයි. තවත් අය ඔහු තවම සිටින බවට් රහසිගත සංවිදානයක් ඔහුව රදවාගෙන අනාගතය පිලිබඳව ප්‍රශ්න කරන බවද පවසයි...

#5 ගුවන්තොටුපළට ආ අමුත්තා (1954)

1954 ජූලි මස ටෝකියෝහි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වන හනේඩා ගුවන්තොටුපළට අමුතු ගුවන්මගියෙක් පැමිනියේය. ඔහු ප්‍රංශ ජාතිකයෙකුගෙ පෙනුමක් තිබූ අතර ඔහු ජපන් හා ඉංග්‍රීසි ද ඉතා හොදින් කතා කර ඇත. මොහු ගුවන්තොටුපළට පැමින එහි නිලදාරීන්ට ඔහුගෙ විදේශ ගමන් බලපත්‍රය පෙන්වා ඇත. එය පරික්ශාකරන ලද නිලදාරීන් පුදුමයට පත්ව ඇත. සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලෙස පෙනුන මෙය නිකුත් කල රට "Taured" ලෙස සටහන් කර තිබි ඇත. මෙවැනි රටක් ගැන එම නිලදාරීන් කිසිදා අසා නොමැති නිසා මගියාගෙන් එම රට පිහිටි ස්තානය විමසා ඇත.එවිට ඔහු තම රට ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර පිහිටා ඇති බව ප්‍රකාශ කර ඇත. එවිට නිලදාරීන් ලෝක සිතියමක් දී එහි තම රට පෙන්වන ලෙස ඉල්ලා ඇති අතර එවිට ඔහු andorra නම් යුරෝපීය රට පෙන්විය. ඔහු ප්‍රකාශ කර ඇත්තෙ තම රට අවුරුදු 1000ක් පුරා පැවතගෙන බවයි. කෙසේ නමුත් ඔහු සිදුවන දෙවල් වලින් කැලබීමකට පත්ව ඇති බවද පෙනී ගොස් ඇත. කෙසේවෙතත් ඔහු වංචනිකයෙක් යැයි සැකකර ඇති නිලදාරීන් මේ ගැන වැඩිදුර සොයාබැලීමට ඔහුව අත අඩංගුවට ගෙන හෝටල් කාමරයක රැදවිය. ඔහු පලායාවියැයි සිතා එම කාමරයේ දොර අසල පොලිස් නිලදාරීන් 2න් යෙදවීය. කෙසේ හෝ ඊට පසු දින ඔහු කාමරයෙන් අතුරුදහන් වී තිබිනි. කාමරයෙන් එලියට යෑමට තිබී ඇති එකම මාර්ගය කාමරයෙ දොර පමනි. කෙසෙ හෝ ඊට පසු ඔහුගෙ ලියකියවිලි පරික්ශාකිරීමට ඒවා තබා තිබු සුරක්ශිතාගාරය පරික්ශාකරන විට නිලදාරීන් පුදුමයට පත් වෙමින් ඒවාද අතුරුදහන් වී තිබි ඇත. ඇත්තටම ඔහු කාලය හරහා පැමිනිලාද නැත්නම් වංචනිකයෙක් ද මෙකත් නොවිසඳුණු අබිරහසක්...

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!