zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මියුනිච් සංහාරය - 1972 ඔලිම්පික් ක්‍රීඩා උළෙල දිනකට නතර කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 1972 දී ගිම්හාන ඔලිම්පික් උළෙල බටහිර ජර්මනියේ මියුනිච් හිදී අගෝස්තු 26 වන දින සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමට සැලසුම් වී තිබුණි. එහි රටවල් 100 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,173 ක් ඉසව් 195 ක් සඳහා තරඟ වැදීමට නියමිතව සිටින ලදී. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස කොටස් දෙකකට බෙදා වෙන්ව පැවතෙන ලදී. නැගෙනහිර කොටසෙහි බලය සෝවියට්වරුන් සතු වූ අතර බටහිර ජර්මනියේ බලය ඇමරිකා එක්සත් ජනපදය සතු විය. මෙම කාලය අතරතුර දෙරට අතර තිබූ සීතල යුද්ධය හේතුවෙන් ඇමරිකාවට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ශක්තිය මෙම ඔලිම්පික් උළෙල හරහා පෙන්වීමටය.


මෙහි ආරක්ෂාවද සාමාන්‍ය මට්ටමකින් පැවති අතර එහෙත් එතරම් තද ආරක්ෂාවක් නොතිබුණි. සහභාගී වූ ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට සහ මෙම උත්සවය දිරිගැන්වීමේ අපේක්ෂාවෙන් මෙම ක්‍රීඩා උළෙල “සාමයේ සහ ප්‍රීතියේ ක්‍රීඩා උළෙල" ලෙස හදුන්වන ලදී. එහෙත් අවාසනාවකට මෙන් සැප්තැම්බර් මස 5 වන දින සිදු වූ බිහිසුණු සිදු වීමක් නිසා ඔවුන් මෙයින් ලඟා කර ගැනීමට අපේක්ෂාවෙන් සිටි සාමයේ ඉලක්කය ලඟා කර ගැනීමේ සිහිනය බිඳ වැටී යන ලදී.

සැප්තැම්බර් 5 වන දින පාන්දර 4.30 ට පමණ පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔලිම්පික් ගම්මානය වටකොට තිබූ වැට තරණය කරමින් ඔලිම්පික් ගම්මානය තුළට ඇතුළු විය. ඒ වන විටත් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඒ අසල සිටියත් ඔවුන් කිසිවෙකුත් මොවුන් පිළිබඳව සැක නොසිතන ලද්දේ මෙම පුද්ගලයන් පස් දෙනාද ක්‍රීඩා ඇදුම් හැද සිටි නිසාය.

සැබැවින්ම මෙම පුද්ගලයන් පස් දෙනා පලස්තීන ත්‍රස්තවාදීන් පස් දෙනෙකු විය. ඔවුන් අත ක්‍රීඩකයන් භාවිතා කරන ආකාරයේ ගමන් මලු තිබූ අතර ඒවා තුළ ඔවුන්ගේ ආයුධ සඟවා ගෙන සිටින ලදී. ගම්මානය තුලදී සැලැස්මට අනුව ඔවුන්ට තවත් පුද්ගලයන් තිදෙනෙකු මුන ගැසුණි. 

Ads Click
අට දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඉන් පසු ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැඳී සිටින ලද මහල් නිවාසය වෙත ගමන් කරන ලදී. අලුයම 5 පමණ වන විට ඔවුන් ඊශ්‍රායල මල්ලවපොර පුහුණුකරු මෝෂේ වෙයින්බර්ග්ගේ ප්‍රමුඛ අනෙක් ක්‍රීඩකයන් රැඳී සිටි මහල් නිවාසයේ දොරකඩ අසලට ලඟා විය. ඔවුන් දොර විවර කිරීමට උත්සාහ කිරීමේදී නැගුණු ශබ්දය නිසා මෝෂේ වෙයින්බර්ග් ඒ අසලට පැමිණෙන ලදී. එහිදී ඔහු දුටුවේ ආයුධ සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු තම කාමරයට ඇතුළු වන අයුරුය. එහිදී වහා ක්‍රියාත්මක වූ ඔහු දොර අවහිර කර ගනිමින් ඔවුන් ඇතුළු වීම වළක්වන ලදි. ඔහුගේ ශබ්දයට තවත් බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් ද එහි පැමිණි අතර ඔහුද දොර අවහිර කිරීමට එක් විය. එහෙත් අවසානයේ ත්‍රස්තයන් දොර විවර කර ගැනීමට සමත් විය. ඔවුන් දොර අවහිර කර ගැනීමෙන් ලද කාලයෙන් කිහිප දෙනෙකු පැන යාමට තරම් වාසනාවන්ත විය. එහෙත් අවාසනාවන්ත ලෙස මෙම පුහුණුකරු සහ ක්‍රීඩකයා මිය යන ලදී.

තමුන් “බ්ලැක් සැප්තැම්බර්” ලෙස හදුන්වන ලද ත්‍රස්තවාදී කණ්ඩායාමේ කොටසක් ලෙස හදුන්වා දුන් මේ ත්‍රස්තයන් ඊශ්‍රායල් ක්‍රීඩකයන් නව දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නා ලදී. ඔවුන්ගේ ඉල්ලීම් වූයේ ඊශ්‍රායලයේ රඳවා සිටින අරාබි සිරකරුවන් 200 කට වැඩි පිරිසක් නිදහස් කරන ලෙසත් සහ ජර්මනියෙන් ආරක්ෂිතව පිටවී යාමට ගුවන් යානයක් ලබා දෙන ලෙසත්ය. මේ ඉල්ලීම් ලබා දුන්හොත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බව ඔවුන් ප්‍රකාශ කරන ලදී.

පැය ගණනක් පැවති සාකච්ඡා වලින් පසු ත්‍රස්තවාදීන් හෙලිකොප්ටරයකින් නේටෝ ගුවන් කඳවුරකට ගෙන යාමට එකඟ විය. අවසානයේ ත්‍රස්තයන් සහ ක්‍රීඩකයන් බස් රියකින් ගුවන් කදවුර වෙත රැගෙන යන ලදී. නමුත් එහිදී සියල්ල වෙනස් වන ලදී.

අවාසනාවකට මෙන් එහිදී ගලවා ගැනීමේ උත්සාහයක් අතරතුර වෙඩි තැබීමක් ආරම්භ විය. සමහර ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද අත් බෝම්බයකින් මිය යන ලදී. ඉන් දිවි ගලවා ගත් ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තබා ඝාතනය කරන ලදී. පසුව ඇති වූ සටන්වලදී ජර්මානු පොලිස් නිලධාරියෙකු සහ ත්‍රස්තවාදීන් පස් දෙනෙකු ඝාතනය විය. ඉතිරි ත්‍රස්තයන් තිදෙනා අල්ලා ගන්නා ලදී.
එයත් සමග පැය 21ක් පුරා පැවති මේ බිහිසුණු සිදු වීම නිමා විය. ඉතිහාසයේ පළමු වතාවට ලොව පුරා ජනයා රූපවාහිනිය ඔස්සේ ත්‍රස්ත ප්‍රහාරයක් සජීවීව නරඹන ලදී. මිලියන 900 ක් පමණ ජනතාව මෙය සජිවීව බලා සිටි අතර ලෝකය බියෙන් හා ශෝකයෙන් පිරී ගියේය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල දිනකට කල් දැමූ අතර ඔලිම්පික් ක්‍රීඩාංගනය තුළදී මිය ගිය ක්‍රීඩකයන් සිහිකර අනුස්මරණ උත්සවය පැවැත්විණි. බොහෝ සාකච්ඡා කිරීම් වලින් පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ඇවරි බ්‍රුන්ඩේජ් විසින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දිගටම පවත්වාගෙන යාමට තීරණය කළේ එමගින් ත්‍රස්තවාදීන් ජයග්‍රහණය නොකළ බව පෙන්නුම් කරන බව පවසමිනි. එකල එය ඉතා මතභේදාත්මක තීරණයක් වුවද ක්‍රීඩා උළෙල දිගටම පැවතුනි.

ඊශ්‍රායල් සහ පලස්තීනුවන් අතර තිබූ ඉරිතැලී ගිය සම්බන්ධතාවය මෙම සිද්ධියෙන් පසු තවත් උග්‍ර වූ අතර එහි ප්‍රතිඵල අදටත් දැකිය හැකිය. ඊශ්‍රායල් රජය මෙම සිදුවීමත් සමග වහාම මෙයට සම්බන්ධ පුද්ගලයන් සොයා ඝාතනය කිරීම සදහා කණ්ඩායමක් නිර්මාණය කළ අතර ඔවුන් ඉන් පසු වසර වලදී මෙයට සම්බන්ධ සියලුම දෙනා පාහේ ඝාතනය කරන ලදී. මෙම අද්විතීය මෙහෙයුම පාදක කොට ගෙන සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ග් විසින් "මියුනිච්" නම් සිනමා පටයක් නිර්මාණය කරන ලදී. එම සිනමා පටයෙන් මෙම සිදු වීම පිළිබඳව මනා ලෙස දැක ගත හැක.
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!