zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අවුරුද්දේ මාස 12ට නම් හැදුනු කතන්දරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

🔴 ජනවාරි



ජානුස් දෙවියන්
📅 ජනවාරි මාසයට නම හැදුනේ ජානුස් නම් වූ රෝම දෙවියන් නිසාය. ඔහුට මුහුණු දෙකක් තිබුණි. එකක් ගෙවි ගිය වසර දෙසටත්, අනෙක ඵළඹෙන වසර දෙසටත් මුහුණ දීගෙනය.

🔴 පෙබරවාරි


පෙබ්රුවා සැණකෙළිය
📅 පුරාණ රෝම උත්සවයක් වූ ''පෙබ්රුවා'' සැණකෙළිය මුල් කරගෙන වසරේ දෙවන මාසය වූ පෙබරවාරි නම ඇතිවිය. වරදකරුවන්ට සමාව දීම ද සිදුවන්නේ මේ මාසයේදී ය.


🔴 මාර්තු


මාර්ස් දෙවියන්
📅 පුරාණ රෝම දින දර්ශනය අනුව මාර්තු මාසය වසරේ පළමුවන මාසය විය. එකල වසරකට මාස 10ක් විය. යුද්ධයට අධිපති අඟහරු ''මාර්ස්'' දෙවියන් මුල් කරගෙන මාර්තු මාසයට නම යොදනු ලැබීය.


🔴 අප්‍රේල්


ඇප්‍රොදිත් දෙව් දුව
📅 ආදරයට අධිපති රෝම දෙව් දුවගේ නාමය වූ 'ඇප්‍රොදිත්' මුල්කරගෙන අප්‍රේල් යන නාමය සෑදුනු බව කියැවේ. ඇප්‍රිරේ රෝම වචනය (වෘත්ත කරන්නට) යනුවෙනද , පොළව කෙටීම යනුවෙනද යෙදේ. රෝමවරු වගාවට එළඹෙන කාලය නම් මාසය යැයි සිතිය හැකිය.


🔴 මැයි


මේයා
📅 ජුපිටර් දෙවියාගේ බිරිඳ වූ මේයාගේ නම මුල්කරගෙන මැයි මාසයට නම සෑදුනු බවත්,පුරාණ රෝම කවුන්සලයේ සහිකයන් වූ මාලෝවරුන් වෙනුවෙන් ඒ නම යෙදුණු බව කියවේ.


🔴 ජුනි


ජුනෝ දෙව් දුව
📅 දෙව් ලොව අධිපතිනිය ලෙස පැරණි රෝමවරුන් විසින් සලකන ජුනෝ දෙව් දුවගේ නාමය මුල් කරගෙන ජුනි මාසය සෑදී ඇත. ජුනි මාසයේ විවාහයට එළඹන අයට මේ දෙව් දුවගේ ආශීර්වාදය ලැබෙන බවට විශ්වාසයක් තිබුණි.

🔴 ජුලි


ජූලියස් සීසර්
📅 රෝම අධිරාජ්‍යයකු වූ ජූලියස් සීසර්ගේ නමේ මුල් කොටස ගෙන ජූලි මාසය නම් කර ඇත.


🔴 අගෝස්තු


ඔගස්ටස් සීසර්
📅 රෝම අධිරාජ්‍යයාගෙන් පසු ඔගස්ටස්ටත් ඔහු වෙනුවෙන් මාසයක් නම් කිරීමට අවශ්‍ය විය.ජූලියස් සීසර් මාසයේ දින 31ට සමානව ඔහු ද අගෝස්තු මාසයට දින 31ක් යොදා ගත්තේය. කලින් තිබුණේ අගෝස්තු මාසයේ දින 30කි.


🔴 සැප්තැම්බර්


රෝම කැලැන්ඩරය
📅 සැප්තැම්බර් මාසය පුරාණ රෝම කැලැන්ඩරයේ හත්වන මාසය විය. ලතින් භාෂාවෙන් හතට කියන නම අනුව සැප්තැම්බර් නම් විය.


🔴 ඔක්තෝබර්


රෝම කැලැන්ඩරය
📅 ලතින් බසින් 'ඔක්තෝ' යනු 'අට' යන්නය. පැරණි රෝම කැලැන්ඩරයේ අටවෙනි මාසය ඔක්තෝබර්ය.


🔴 නොවැම්බර්


රෝම නවය
📅 පැරණි රෝම දින දර්ශනයේ නව වැනි මාසය නොවැම්බර් විය.'නොවෙම්' ලතින් බසින් '9' හඳුන්වයි.


🔴 දෙසැම්බර්


රෝම දහය
📅 දෙසැම්බර් මාසය පැරණි රෝම දින දර්ශනයේ දසවැන්නයි. දහය හැඳින්වීමට යෙදුන ලතින් වචනයකි.

ඔයාලගෙ යාලුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා

Join our group

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!