Loading..

​​තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමාපියන් අහම්බෙන් දුටුවහොත් කුමක් කළ යුතුද?


 ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි. නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි. කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව. ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව. මේව ඇත්තටම වැරදි මත.


තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බනින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලූ‍ මෙන්ම චර්යාත්මක ගැටලූ‍ත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්ඛෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු.

මේ ගැන නොදන්නා සමහරක් දෙමාපියන් විසින් ගන්නා වැරදි තීරණ යම් කිසි කාලේකදි දරුවන්ට ප්‍රශ්නයක් විය හැක  💔🫡


              
Join our group   
                

Previous Next

Top Post Ad


නවතම ලිපි...