zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ශ්‍රී ලංකාවේ කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


  ‘වයිට් වෝටර් රාෆ්ටින් යනු ක්‍රීඩාවක්. රාෆ්ටින් යනු ගංඟාවක ඉහළ සිට පහළට ස්වභාවික බැස්මවල් ඔස්සේ ආරක්ෂිත මෙවලම් පැළඳ පුහුණුව ලත් මඟ පෙන්වන්නන් යටතේ අභියෝගාත්මක ගමනක නිරතවීමයි. සුදු පෙණ සහිත දිය මත ලිස්සා යෑම වයිට් වෝටර් රාෆ්ලින් ලෙස හඳුන්වයි. සංචාරක ආකර්ෂණය දිනාගත් අභියෝගාත්මක ක්‍රීඩා අතුරින් උපරිම විනෝදයක් ලද හැකි ක්‍රීඩාවක් ලෙස වයිට් වෝටර් රාෆ්ටින් හැඳින්විය හැකියි. කිතුල්ගලත් රාෆ්ටින් ක්‍රීඩාව සිදු කළ හැකි කදිම ස්ථානයක් වෙනවා.


 කිතුල්ගල සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමක්. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර කඳු පන්තිවලින් වටවී තිබෙනවා. කොළඹ හැටන් ඒ 7 මාර්ගය දිවෙන්නේ කිතුල් ගල හරහායි. එමෙන්ම කැලණි ගඟ ගලා යන්නේ ද කිතුල්ගල හරහායි. වෝටර් රාෆ්ටින් ක්‍රීඩාවේ නිරත විය හැකි ශ්‍රී ලංකාවේ එකම ස්ථානයද කිතුල්ගලයි.

මෙහි ඇති සුවිශේෂත්වය නම් ලෝකයේ මෙවැනි ස්වභාවික පිහිටීම් ඉතා විරල වීමයි. කි.මි. පහ හමාරක් පමණ පුරා රාෆ්ටින් ක්‍රීඩාවේ නිරත විය හැකි ආකාරයට කැලණි ගගේ මෙම කොටස නිර්මිත වෙනවා. මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් නම් සෑම ගංඟා බැස්මක්(Rapid)අවසානයේදීම ජලය නිසලව ගමන්කරන(Flat)ස්ථානයක් පැවතීමයි. මෙම ස්ථානයේ කිලෝමීටර් පහ හමාරක් ඇතුළත රැපිඩ් හෙවත් බැස්මවල් (සුදු පෙණ වීසි වන කුඩා ඇලි)7 ක් පවතියි. මෙය රාෆ්ටින් ක්‍රීඩාව සඳහා සුදුසුම පිහිටීමක්. විනාඩි 45 ක සිට පැය එක හමාරක් පමණ කාලයක් තුළ සංචාරකයන්ට මෙම අත්දැකීම විඳගන්න කාලය හිමිවෙනවා. රාෆ්ටින් ක්‍රීඩාවේ නිරතවන්නට සුදුසුම කාලය වන්නේ මැයි මාසයේ ඉඳලා දෙසැම්බර් දක්වා.

1990 දී බ්‍රිතාන්‍ය ජාතික පීටර් ස්ටුවර්ට් මහතා විසින් විනෝදයත්, ත්‍රාසයත්, ආරක්ෂාවත් සහිතව වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව සඳහා ලොව සුදුසුම ස්ථානයක් යැයි කිතුල්ගල නිර්දේශ කර ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. ඔබ පිහිනීමට කිසිසේත්ම නොදන්නෙක් වූවද, කිතුල්ගලදී ඔබට කිසිදු අනතුරකින් හානියකින් තොරව ඔබේ කණ්ඩායම සමග බෝට්ටුවකින් රැපිඩ් 7 ක් පසුකර කිලෝමීටර් පහ හමාරක් කැලණි ගඟ පහළට සුදු පෙණ කැටි අතරින් යාත්‍රා කළ හැකියි. ආරක්ෂක හිස් වැසුම් හා වෙනත් ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටින ඔබ සමඟ වෝටර් රාෆ්ටින් උපදේශකවරු හෙවත් මග පෙන්වන්නෝ ඔබේ ආරක්ෂාවට බෝට්ටුවේ ගමන් කරනු ඇත.

1970 දශකයේ අග භාගයේදී අමෙරිකාව විසින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. දැනට ලොව පුරා ගංඟා 374 ක් ආශ්‍රිතව රාෆ්ටින් ක්‍රීඩාව පවත්වනු ලබනවා. රාෆ්ටින් ඔලිම්පික් ක්‍රීඩාවක්ද වෙනවා. ලෝකය පුරා රටවල් සිය සංචාරක ආකර්ෂණය පවත්වාගෙන යෑමට මෙම ක්‍රීඩාව ප්‍රබලව යොදා ගන්නා අතර, මැලේසියාව සහ ඩුබායි යන රටවල් කෘත්‍රිම ගංග නිර්මාණය කර රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යනවා.

    පේනවනේ ශ්‍රී ලංකාවේ කෙතරම් සුන්දර දෙවල් තිබෙනවාද ? ඩුබායි වගේ රටවල් මේ සදහා කෘතිම ගංගා නිර්මාණය කරනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ මේ සදහා ස්වභාවික ගංගා පිහිටා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාව ලස්සන රටක් නෙවෙයිද?

ඔයාලගෙ යාලුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා,


( උපුටා ගැනීමකි )

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!