zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇය අහිමිද

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



 

🖤ඇය (අ)හිමිද...🖤
September 9, 2022 by 🖤sarani liyanage.🖤


  _____🖤_____

Short story...

______🖤______

   " විහාරගම සෙන්ට්‍රල් එකේ සර්ට අද ඉන්විටේෂන් එකක් තියෙනවා උදේ දහයට. සර් එකට යන්න දැන්ම පිටත් වෙන්න ඕනි."
  රිචඩ්ගේ සේකට්‍රි රිචඩ්ට එහෙම කියද්දි එයාගේ මූණ අඳුරු උනා. නගරේ සල්ලිකාර ලොකු මහත්තයා කැමති නෑ ඒ වගේ පොඩි තැන්වලට යන්න.

  " ඒක කැන්සල් කරන්න."

" බට් සර් ඒක."

" කිව්ව දේ කරනවා මිනිහෝ. මොකක් හරි බොරුවක් කියනවා. නැත්නම් කම්පැනි එකේ මොකෙක්ව හරි යවනවා."

" ඕකෙ සර්."

" අහ් තව දෙයක්. අම්මා මොකද්ද දානයක් ගැන කිව්වා. මේ මේ මොකද්ද..."

  " සර්. සර්ගේ සීයාගේ තුන්මාසේ දානේ ගැන."

" අහ් ඔව් ඒක. අන්න ඒක ගැනත් පොඩ්ඩක් බලනවා. මට එන්න වෙන්නේ නෑ එකට."

" සර් ඒ සර්ගෙ සියානේ. ඉතින් සර් ඒකට නෑවිත් ඉන්න එක.."

  " අනේ මේ අයිසේ. මැරුණ මනුස්සයා මැරුණා. එහෙමයි කියලා ජීවත් වෙලා ඉන්න අපි වැඩ පාඩු කරගන්න ඕනි නෑ. අනික මන් නැති උනාට අම්මලා ඉන්නේ."
" ඕකෙ සර්."

  තමා ඉදිරියෙන් පියනගන තරුණයා දෙස සේකට්‍රි බලා සිටියේ කලකිරීමකින්.
" බොසා මොකෝ අවුල." මේ ගෝරනාඩුව දෙස බලා සිටි තවත් සේවකයෙක් ඒ.

" දන්නවනේ ඉතින්.."

" පුදුම මනුස්සයෙක් තමයි."

" එයා හරි එයාගේ පැත්තෙන්. උබත් දන්නවා මාත් දන්නවා නේ ඇත්ත. පොඩි කාලේ ඉඳන් කවුරුත් එයා වෙනුවෙන් වේලාව වෙන් කළේ නෑනේ හම්බ කලා මිසක්. එයත් ඒක බලන් ඒ  ආරෙටම යනවා."

" හරිම තැනදි හරිම කෙනා ගාවදී හැමදේම වෙනස් වෙයි කියල අපි හිතමු."

ආයතනයේ පරණම සේවකයෝ පමණක් දන්න ඇත්ත.

_____🖤_____

    රිචඩ් ෆනෑන්ඩු...

  තලෙළු උසම උස සද්ධන්ත කුලයේ කොල්ලෙක්.
  නපුරු, හිතුවක්කාර, මහන්තත්ත, ලොකුකම ඉහ මුදුනේ තියෙන කොල්ලෙක්.
  හැගීම් ගැන නොහිතන. අඩුම අම්මා තාත්තා ගැනවත් නොහිතන හිත මැරුණයි කියන කොල්ලෙක්.
  සේරම සල්ලි බලේට කරන හැමෝම යටත් කර ගෙන ඉන්න බලන කොල්ලෙක්.
 
  එහෙම කොල්ලෙක් උනත් නැවෙයි නේද කොතැනක හරි.
  ඒ නැවෙන තැන කවදාහරි ඒ කොල්ලගේ හොදම තේරීම වෙයි.
   මෑරුණයි කියන හිතට යස අගේට පන ලැබෙයි එදාට.

______🖤______


   " මට එක වතාවක් විතරක් mr. රිචඩ් ව හම්බවෙන්න දෙන්න. මිනිත්තු කීපයකට විතරක්."
 
  රිචඩ් ව හම්බවෙන්න මොහොතක් ඉල්ලන පුංචි තරුණියක්.
  පෙනුමෙන්නම් ගොඩක් හුරුබුහුටි ලස්සන කෙල්ලෙක්.
   සේරටම වඩා කැපිලා පේන්නේ කෙල්ලගේ කොන්ඩේ. කඹයක් තරං මහත කොන්ඩේ විළුබත් පහු වෙනකං දිග ඇති.
  හරි ලස්සනට ගොතලා ලස්සන චාම් සාරියක් ඇදලා.
  කෙල්ල ගාව කාගේ හරි ඇහැ නැවතුනේ නැත්නම් තමා පුදුම.

  " සොරි මිස්. වෙලාවක් වෙන්කරන් නැත්නම් සර්ව මිට් වෙන්න බෑ. ඕනිනම් මිස්ට පුළුවන් ලබන සතියට වගේ විනාඩි කීපයකට වෙලාවක් වෙන් කර ගන්න."

" අද බැරිද."

" බෑ මිස්.."

" හ්ම්ම් හරි. මන් එහෙනම් යන්නම්. මේක දෙන්න පුලුවන්ද ඔයාලගේ සර්ට. "
  පොඩි ලියුම් කවරයක් රිසේප්ශන් ගර්ල් අතට දෙමින් ඇ කියන්නේ.

" ඕකෙ මිස්."
ඒ කෙල්ලනම් එය අතට ගන්නේ උනන්දුවෙන් නෙවෙයි.
  මොකද ඒ සේවකයා දන්නවා තමන්ගේ බෝස්ගේ හැටි.
  ඒ උද්දාචච තරුණයා කෙල්ලෙක් දුන්න ලියුමක් බලාවිද.
  ඒක හැබෑ නොවෙන හීනයක් කිව්වොත් හරි.

   " මිස් මිස්ගේ නම මොකද්ද."

" ඕහ් මන් අහිංසා."

  සුහද හිනාවකින් ප්‍රථිචාර දැක්වූ අහිංසා බලාපොරොත්තු කඩවු සිතින් ආපසු යන්න සූදානම් උනා.

  ආ කාරණය ඉටු නොවීම ගැන නොසතුටින් සිටි ඇ කල්පානවෙන්ම ඇවිත් කාගේ හෝ  අැඟක වැදුන. පහරේ සැරට අෑ වැටෙන්න ගියා.
නමුත් ඇ තමා හැප්පුන පුද්ගලයාගේ කමිසෙන් තදින් අල්ලාගෙන දෑස් පියා ගත්තා.
තමා නොවැටුණු නිසා දෑස් ඇරි ඇ තමා ඉදිරියේ සිටි දේහදරියා දෙස බැලුවා. ඔහුනම් ඉන්නේ කේන්තියෙන් බව ඔහුගේ මුහුණින් හොඳටම පැහැදිලි.
ඉතින් ඇ ඉක්මනින්ම ඔහුගෙන් ඇත් උනා.

" අනේ මට සමාවෙන්න. මගෙයි වැරැද්ද. මන් ඔයාව දැක්කේ නෑ."
දෑස් බිමට බරකරගෙන ඇ කියන්නේ සැමගේ අවධානය ඒ නිහතමානීකම ට යොමු කරවමින්.

" සිහියෙන් යනවා යද්දී." ඒ ගෝරනාඩුව ඔහුගෙන්.

" අනේ ඇත්තටම මට සමාවෙන්න. මන් ඔයාව දැක්කේ නෑ."

" ඕකෙ එකට කමක් නැ."


   හිසනමා ඔහුට ස්තුති කරමින් ඇ පිටව යන දෙස ඔහු නැත්නම් රිචඩ් බල සිටියා. එසේනම් ඇ ඔහුව දැක නැ මින්පෙර.
   ඔහු දුටුවමයි එවන් නිහතමානි කමක් කාන්තාවකගේ.
   අන් සැමගේ වගේම ඔහුගෙන් දෑස් ඇදී ගියේ අෑගෙ කොණ්ඩයට. එවිටනම් ඔහුගේ දෑස් විසල් වෙන්න ඇති පුදුමයට.

  " සර්.. සර් ඒ ගියපු මිස් මේක සර්ට දෙන්න කිව්වා."
  අර සේවිකාව ලියුම් කවරය රිචඩ් වෙත දිගු කරමින් පැවසුවේ ඔහුගෙන් බැනුමක් බලාපොරොත්තුවෙන්.
නමුත් ඔහු ඒ ලියුම් කවරය රැගෙන කිසිත් නොවූ ආකාරයට ඔහුගේ කාර්යාලය වෙත ගිය.
  සේවකයන් සියල්ල එදෙස බලා සිටියේ පුදුමයන්. මේ ඔවුන් දන්නා ඔවුනගේ ප්‍රධානියා නොවේ. ඔහු සියල්ලටම ඇගට කඩා පනින අයෙක්.
 
  රිචඩ් ඒ උන සියල්ල අමතක කර ලියමන මේසය මත තබා ඔහුගේ කාර්යාලීය කටයුතු සදහා පූර්ණ අවදානය යොමුකල.
   හවස සියලු වැඩ නිමවී යළි නිවසට යාමට සැරසෙද්දි අහම්බෙන් ලියුම දැක්කා.
  පෙර සිදුවීම යළිත් සිහි කරමින් ඔහු එහි ඌ ලියුම කියවන්න ගත්තා.

####
 
  Mr. රිචඩ් මන් විහාරගම සෙන්ට්‍රල් එකේ සංගීත ගුරුවරිය. ඔබතුමාට මේ ගැන මතකයක්වත් නැතුව ඇති. නමුත් , එදා ඔබතුමාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන තිබ්බ උත්සවය අපිට ගොඩක් ලොකු දෙයක්.
  ඒ පොඩි දරුවෝ මාස ගානක ඉදලා මහන්සි උනා කොළඹ ලොකු මහත්තයෙක් එයාලගේ පුංචි ස්කෝලෙ උත්සවෙකට එනවා කිව්වම.
  උගුර ලේ රහ වෙනකම් ඔබතුමාව පිළිගන්න සින්දු පුරුදු උනා හරි කැමැත්තෙන් ඒ දරුවෝ. යටිපතුල් නොදැනෙන තරම් නැටුම් පුරුදු උනා.
වැස්සේ තෙමිගෙන ස්කෝලෙ ඉස්සරහ පුංචියට ලස්සනට ස්කෝලෙ ලොකු කොල්ලො ටික තොරණක් ගැහුවා.
එයාලා හරි ආසාවෙන් ඒ දේට ලෑස්ති උනා. දන්නවද ඒ පොඩි උන් කිව්වා අපි ගැනත් සල්ලි තියෙන මහත්තුරු හිතනවා නේ කියලා.
  ඒ පුංචි හිත් හරි සතුටින් ඒ දවස එනකම් මගබලන් හිටියේ.
  ඒත් ඔබතුමා ආවේ නැ. ඔබතුමාගෙ සුළු සේවකයෙක් විතරක් ආවා. දන්නවද ඔබතුමා ඒ පොඩි දරුවෝ කොච්චර එකට දුක් උණද කියලා.
ටීච අපි දුප්පත් නිසාද එය අපේ ස්කොළෙට ආවේ නැත්තේ කියලා අහනවා ඒ දරුවෝ අපෙන්.
  ඔබතුමාට එක ගානක් නැතුව ඇති ඒත් ඔබතුමා එනවා කියපු නිසා ඒකට දවස් ගානක් මහන්සි උන පොඩි උන්ටිකගේ මුණු බලන්න බෑ මට.
  උන් හරි ආශාවෙන් හිටියේ ඒ දවස් එනකම්. ඔබතුමා එන්නේ නැත්නම් නැ කියලා කලින් කියන්න තිබ්බ මේ වගේ වැඩක් නොකර.
ටයි කෝට් දාලා හොඳ වහනෙකින් ගියා කියලා මහත්මයෙක් වෙන්නේ නෑ.
මට ඒ ගැන ඔබතුමාට කියන්න ඕනි නෑ. කොහොමත් ඒ ගැන අහන්නත් ඔබතුමාට ඕනි කමක් නැ කියලා මන් දන්නවා.
බොහොම ස්තුති ඔබතුමාට ඒ  අහිංසක පුංචි හිත් රිද්දපු එකට.
  ආයිත් කිසිම දරුවෙක්ට මෙහෙම කරන්න එපා. එයාලගේ පුංචි හිත් හරි ඉක්මනට රිදෙනවා.

  මන් වීහාරගම ස්කෝලෙ සංගීත මිස්.

####

   ඒ ලියුම රිචඩ්ගේ අතීතේ එයට මතක් කළ. එයත් පොඩි කාලේ හරියට හිත රිද්ද ගත්තා එයාගේ දෙමාපියන් නිසා.
  රිචඩ් ස්කොලෙන් සම්මාන ගන්න කිසිම වෙලාවක එයාගේ දෙමාපියෝ එය ළග හිටියේ නෑ. දරුවෙකුට එයාගේ දෙමාපියෝ ඕන කිසිම වෙලාවක එයාගේ දෙමාපියෝ එයා එක්ක හිටියේ නෑ.
  මට කිව්වහැකි රිචඩ් මෙහෙම උනේ ඒ නිසා කියල.

  තමන්ගේ අැගෙ හැප්පුන පුංචි කෙල්ලගේ රූපේ ඇස් ඉස්සරහ ඇදී මැකී යද්දි එය සේකට්‍රිට කතා කළ.

" ඇයි සර්."

" විහරගම ස්කෝලෙ ගැන සේරම විස්තර මට ඕනි විනාඩි තිහකින්."

" ඕකෙ සර්."

  කාර්යාලයේ විසල් වීදුරුවෙන් පිට කාර්යබහුල කොළඹ නගරය දෙස ඔහු බලා සිටියේ හිස් හැඟීමෙන්.

  මිනිත්තු තිහක් ගතවෙද්දී ඔහුට ඕනි දේ ඔහුගේ දැන් මතට ලැබුණා.

  ඔහු විහාරගම පාසල ගැන සියල්ල හොදින් අධ්‍යනය කලා.
   දුෂ්කර පැත්තක්. පොඩි ස්කොලයක්. ළමයි තුන්සියක් ඇති ඕනනම්.
  තමන්ගේ ආයතනයෙන් උපකාර ලබා දෙන පාසල් අතරින් තවත් එක පාසලක්.

  " සර්."

" හෙට උදේම විහාරගම සෙන්ට්‍රල් එකට යන්න රෙඩි කරන්න. ඒක ස්කෝලෙ කාටවත් දන්වන්න ඕනි නෑ."

" අහ් ඕකෙ සර්.."
  _______🖤_______

  රිචඩ්, ඔහු මේ වසර ගණනකට පසු ගම්බද පලාතකට යන්නේ. හැමතැනම කොළ පාටයි.
  ලා ගොයම් ගස්. පුංචි පුංචි ගෙවල්. වෙල මැද්දේ ඇලක්. සාමාන්‍ය වැවක්. තාර පාරක්. ගොන් කරත්ත. වලාකුළු නැති නිල් අහස. ගම හරි සුවදයී.
  මනසට සැහැල්ලුයි. ඒ නිදහස කියල නිම කරන්න බැරි තරම්.

  ගම්මු එබි එබී බලනවා ලොකු වාහන කීපයක් ගමට ආව නිසා. රිචඩ් මේ සේරම බලාගෙන. ගමනාන්තය විහාරගම ස්කෝලෙ. පොඩි ස්කොළයක්. පිට්ටනියේ නැවැත්තුවා වාහන.

  විදුහල්පති දුවන් ආවා. වයසක මනුස්සයෙක්. රිචඩ් වාහනෙන් එළියට බැස්සා. මොහොතක් ගෙවුන.
ඒ ඇස් එක රූපයක් බලාපොරොත්තු උනා. ඒත් ඒ රූපේ නැ.
  කොණකින් ඇහෙනවා වයලින් එකක් ප්ලේ කරන සද්දෙ. හරිම ලස්සනයි භාවනාවක් වගේ.
  ඔහුටත් නොදැනීම ඔහුගේ පා ඒ දෙසට යොමු උනා.
ඔහු හෙව්ව රූපේ ඉන්නවා. එදා වගේම. ඔහුට පිටුපාලා ඉන්න ඇය තාමත් දන්නේ නෑ ඔහුගේ පැමිණීම. ඉතින් ඇය ඇයගේ වාදනයේ.
  වාදනය නතර උන වෙලාවෙ ඔහු අත්පුඩි ගැසුවා එහි ලස්සන නිසා. ඒ පරණ රිචඩ් කලාවට ආදරය කරපු ස්කෝලෙ කළේ හිටිය දඩබ්බර කොල්ලා.
  ඇ ගැස්සිලා ගිහින් පසුපස බැලුවේ. ඉබේම නැගිට්ටුන. අැඟෙ මතකේ ඔහු ඉන්නාව් එදා අගේ හැප්පුන කෙනා විදියට.

  " ඊයේ මේ මිස්ටර් නේද.."

" ඔව්."

" මෙහෙ ඇයි දන්නේ නෑ."

" පරණ වැරැද්දක් හරි ගස්සන්න හිතුනා. "

" මට තේරුනේ නෑ."

" මන් රිචඩ් ෆනෑන්ඩු.."
  කෙල්ලගේ ඇස් ලොකු උනා. අත කට ළඟට ගියා. කීයටවත් හිතන්නේ නැතුව ඇති.
  කොල්ලාට තේරුණා එක.
" අපි වැඩේ පටන් ගත්තොත් නරකද."


" මන් දැක්කා තාම ඉස්සරහ ගහපු තොරණ ගලවලා නැ කියලා."

   ඇය හිනා උනා. අහින්සකයි ඇය. ඔහුට හිතුනේ එහෙම. උත්සවේ පැවැත්තුන. එකපාරටම කරපු නිසා ඒ තරම් හොදට නොවුනත් රිචඩ් ඒ හැමදේකටම අසා කලා.
  ඔහු කාලේකට පස්සේ නිදහසක් ලැබුවා. ඇත්ත ළමයි කියන්නේ හිතේ ප්‍රශ්න අමතක කරන මායාවක්. ඔහු එදා සතුටින් ගත කළා.

  ඔහුගේ අනික් බලාපොරොත්තුවත් ඔහු ඉටු කර ගත්තා. ස්කෝලෙ විදුහල්පතිගේ දුව වෙච්ච අහිංසා එක්ක හොඳ මිතුරුකමක් ගොඩනගා ගත්තා.
 
______🖤______
   අහිංසා....
අහිංසා තමා අර අහංකාර රිචඩ්ගේ හැරවුම උනේ.
  ඔහුට බැඳීම් ගැන කියල දුන්නේ.
  ඔහුට නොලැබුන ගොඩක් දේවල් ලාගාකරගන්න උදව් කළේ.
  ඒ ගල් හදවත දියාරු කළේ.
අවසනේදි සීයාගේ තුන්මාසෙ දානේටත් රිචඩ් ගියා.

  ඒත් හිඩැසක්. පුරවන්න බැරි ලොකු හිඩැසක්.
රිචඩ් පරක්කුයි. මොකද අහිංසා ඒ වෙද්දිත් තව කෙනෙක් පෙම්වතියක්.
  ඔහුට එය කොහොම දැනෙන්න ඇතිද.
   හිත ගත් කෙනා ඔහුට අයිති නැහයි කියලා දැන ගත්තම.
පපුව පිච්චෙනව වගේ දැනෙන්න ඇති.
තමන්ට ආදරේ උරුම නැද්ද කියලා හිතෙන්න ඇති.
යන්තම් ගොඩනගද්දී ආයිත් මුලටම වැටුණා කියල හිතෙන්න ඇති.
ඒ වැටුණ තැනින් ආයිම ගොඩ ඒමක් නැ කියලා හිතන්න ඇති.
ඒ මොන දේ උනත් අහිංසාව අහිමි උනත් අහිංසා දියාරු කරපු ගල් හදවත ඔහුට ඉතුරු උනා.
ඉතින් ඔහු එයින් ප්‍රයෝජනයක් ගනීවි.
  සේරම කාලයට බාර කරාවි.
_____ 🖤_____

" මන් හිතුවා ඔයා ඇත්තේ බීච් එකේ කියල."

" අහිංසා.. කොයි වෙළේද කොළඹ ආවේ."

" දැන් අනේ ආවේ. ඔයාට මෙන්න මේක දෙන්න. ඔයාට තමා පලවෙනි කාඩ් ඒක." ඇස් වලිනුත් ඇ සිනාසෙනවා. ඔහුට හිතුනේ එහෙම.
  අනේ ඇ මගේ උනානම්. ඔහුට එහෙම නොහිතුන වෙලාවක් නැ.

" මොකද්ද මේ"

" ඔයාම බලන්නකෝ මන් යනවා එහෙනම්.. " සිනහවෙන්ම ඔහුට සමුදි ඇ යන දෙස බලාසිටි ඔහු  ඇ ඇත රැඳී කවරය විවර කළා.


  අහිංසා ගේ වෙඩින් ඉන්විටේශන් එක.
රිචඩ් කට කොනට සමච්චලේට හිනා උනා ඔහුටම.
  ආදරේ කියන ඒක ඔහුට කවදාවත් උරුම නැතැයි කියලා හිතලා....

    
                  ______නිමි______

______🖤______

        කතාව ගැන අදහසක් කියන්න. කමෙන්ට් කරන්න 🙃😊
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!