zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇත් රැජිණියනි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

ඇත් රැජිණියනි❤️🥺

August 5, 2022





***__***__***__***__***__***__***__***__***


ලේත් කිරට හරවන ප්‍රේමයේ උත්තරීතර ඇය අම්මා නම්විය....

***__***__***__***__***__***__***__***__***




           මන්දාරම් අඳුරින් පරිසරය වැසී ඇත. පරිසරය පුරා ඇත්තේ පාළු මූසල පෙනුමකි. මල හිරු බැස යන අහස දෙස බලාගෙන කල්පනා කරන්නට වූයේ මගේ ලෝකයේ හිරු ගැනය.



       ඇය අම්මා විය. ජීවිතේ අප වෙනුවෙන්ම කැප කර ඇත් රැජිණිය ඇය වෙයි. නමුත් ඇය දැන් සිටින්නේ මහ රෝහලේය.


ඒ ගැන සිහිවෙත්ම දෑස් අගින් කඳුළු රූටා ගලන්නට වූයේ ගඟක් පිටාර දැමුවා සේය.රස්නෙ කඳුළු කම්මුල් සිපගන්නට විය.


" සුදු නෝනා තේ කහට ඩිංගිත්තක් වක්කරලා ගනින්කෝ"


   මිදුලේ බංකුව මතට වී වාඩිවී සිටි මම අප්පච්චීගේ හඬත් සමඟ වැටෙමින් තිබූ කඳුළු ගවුම් කරින් පිසදාගෙන නැගිට්ටෙමි.



" අප්පච්චි අම්මා බලන්න යන්න ඕනේ මට "  නිවස දෙසට යාමට සැරසී මම කීවෙමි.



" කී සැරයක් කියන්නද සුදු නෝනා. මෙන්න මෙහෙට වෙලා ඉඳින්" තාත්තටත් අම්මා නැති අඩුව තදින් දැනෙන්නට විය.



***__***__***__***__***__***__***__***__***


          වතුර කේතලය මත තබා මම කල්පනා කරන්නට වූයේ ඇය ගැනය. මම නදීය. වයස අවුරුදු 16 ක දැරියකි. මගේ ලෝකයම වී සිටි මගේ අම්මා අද මහ රෝහලේ ඇඳක් මතය.


        හර්නියා අමාරුව නිසා ඇය කලින් දිනකද රෝහල් ගත කර ඇත. මමත් අක්කාත් පමණි පවුලේ ඇත්තේ. අක්කා ලැබෙන්න ඉන්නකොට ගර්භාෂේ සැත්කමක් කිරීමට තිබුනද අක්කා ලැබෙන්නට සිටි නිසා ඇය එය නොකරේය.



    අවුරුදු විස්සක් පමණ ගර්භාෂ ඇතුළේ වර්ධනය වෙමින් ගෙඩිය පිටට පෙනෙන තරමටම විශාල වී ඇත.අමාරුවෙන් වේදනාවෙන් එක කඳුළක් ඒ දෙනෙතින් නොවැටුණි.



       ඒ දවස ජීවිතේ කවමදාවත් මට අමතක නොවෙයි.අක්කා ලෙඩ වී සිටි නිසා අම්මාගේ සාත්තුවට සිටියේ මම ය. එය ජීවිතේ මම වඩාත් දුක් විඳි දවස විය. දියණියක් වශයෙන් එවැනි දිනක් එලෙස පැමිණීමට තරම් මම අවාසනාවන්ත විය.



        ඇය ඉතා දරදඬු ගැහැණියකි. මම මෙලොව දැක ඇති ශක්තිමත්ම කාන්තාව ඇය විය. ඇය මාගේ ඇත් රැජිණියයි.ඇයට තිබෙන හිතේ හයිය ඇත් රජෙකුටවත් නැතැයි මම සිතමි.



        දිනක් මමත් අක්කාත් නැන්දලගේ ගෙදර ගිහිං එනකොට හවස් වී තිබුණි. මිදුලෙන් ගෙට ඇතුල්වෙත්ම ඇයගෙන් ලැබෙනේ දඬුවම් පහරවල්‍ ය. ඒ ඇයිදැයි එම මොහොතේ මට නොහැඟුණි. එවිට සිතුනේ ගහන්නට තරම් එය වරදක්දැයි පමණි.



     නමුත් ඇය එසේ කරේ ගැහැණු ළමයි දෙදෙනෙක් තනියම හවස් වී පාරේ ගමන් කිරීම ආරක්ෂාවට තර්ජනයක් නිසා ය. ඇය එසේ ය. නපුරුය.... ලෝභය... ඔව් ඇය අපි දෙදෙනාට ලෝභය...



    අප දෙදෙනාට යම් තරමකින් කරදරයක සේයාවක්වත් වැටුණහොත් මහපොළව දවා අළු කරවන ශක්තියක් ඇය සතුය. මමද මෙලොව වඩාත් ලෝභ ඇයගේ ආදරයට ය...


" අම්මා මගේ විතරයි..." දිනක් මම අක්කාට එසේ පැවසුවෙමි.

" සුදු නෝනා ඉස්සෙල්ලා ඉපදුණේ මම ඉතිං අම්මා අයිති මට " එවිට එදා අක්කා එසේ පැවසුවාය.


" හා එහෙනම් අම්මගෙන් අහමුද..."මමත් අක්කාත් එදා කුස්සියේ වූ අම්මා ළඟට ගියාය.


"  අම්මේ... අම්මා වැඩිපුර ආදරේ කාටද..." අක්කා එදා අම්මට තුරුල් වෙමින් ඇසුවාය.

" උඹල දෙන්නා මට මොකට ලැබුණද දන්නේ නෑ . බොලා දෙන්නා හැදුවට වඩා හොදයි මම එළපට්ටියක් දාගත්තනම්" අම්මා ඇඟට පතට නොදැනී කීවාය.


" අම්මගේ වාසනාවට තමයි අපි වගේ ළමයි දෙන්නෙක් ලැබුණේ.... නැත්ද අක්කේ ..."


" ඒක තමයි "


    හිත්වල නෝක්කාඩුව පුරවාගෙන මමත් අක්කාත් එදා කීවත් අම්මා අපට ලැබීම අපේ වාසනාවය.මම කවදත් සතුටු වන්නේ ඒ නිසාය.


" සුදු නෝනා මේ රෙදි ටික හෝදන්නේ නැත්ද . හැබැයි මම මේ ටික දානවා කුණු ගොඩට...."


" කුමාරිහාමිලා දෙන්නගේ අත් ගෙවෙනවයි කාපු බීපු කෝප්ප හේදුවම"


" උඹලා දෙන්නා ඔය අටමගලේ ඔබන එක නතර කරලා පොතක් ගන්නවද ...? මම ඔතනට එන්නද...."


" වැස්ස කියලා ඉස්කෝලේ හොරු ගෙනියන්නේ නැ නේ ...රත් වෙන්න හොද පාරක් කන්නේ නැතුව ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න "


" මොකද තොපි දෙන්නගේ සද්දේ ඔය... මාව ඔතෙන්ට ගෙන්න ගන්න එපා හොඳේ"


" අනේ ඇත්තමයි මොකට මට උඹලා දෙන්න වගේ යස්ස පැටවු ලැබුනද කියලා ...කරුමේ තමයි "


" මට කෑගහන්න බෑ කිව්වම කිව්ව දේ එකපාර කරනවා..."

" ඔය මකබාව ඔබ ඔබ ඉන්නේ මේ ගේ අතුගාල අස් කරන්න බැරිද..."


" උඹලා බැඳලා ගිහිල්ලත් ඒ මනුස්සයොන්ගෙන් අපිට බන්නන්නද හදන්නේ "



       ඒ ඇයයි.නපුරු ආදරණීය චරිතය ඇයයි. ආදරේ හංගලා අපිට දෙන සොඳුරු සඳවතිය ඇයයි.  එදා ජීවිතේ මම ජීවිතේ ගොඩාක් සතුටු වූ දවසක් වූවෙමි.



    අක්කා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූ අතර මමද ශිෂ්‍ය නායිකාවක් විය.මමත් අක්කාත් දෙදෙනාම ස්ටේජ් එක උඩ ඉන්න විට අම්මා ඇවිත් අප බදාගත් අයුරු මට සිහි වෙයි.


     ඒ ඇස් කඳුළින් පෙඟී ඇත.නමුත් මම සතුටු වුනෙමි. ඒ ඇස් කඳුළු අස්සෙන් හරි දීප්තිමත්ව පෙනුණි. මම ඒ ඇස් සතුටු කඳුළින් පුරවන්න සමත් වූවා නේදැයි දැනෙන විට මට මහත් සතුටක් දැනේ.


      එලෙස අපට ආදරය කරන ඇය එදාද රෝහලේ ඇඳක් මතය.මමද ඇද අසලින් සිටියෙමි.රෝහල් කාමරයේ වූ පාළු බිත්ති හතර මට මහම මහ මූසල හැඟීමක් එක් කළෙමි


      වේදනාවෙන් ඇඹරෙන ඒ ඇස් දෙස බලාගෙන මම හැඬුවෙමි.ජීවිතේ කවමදාවත් නොහැඬූ තරමින් මම හැඬුවෙමි.ඒ ඇස්වල වේදනාව සියැසින් දැකීමට තරම් මගේ ඇස් පව් කර ඇත.



     නමුත් ඒ දෑසින් එකම එක කඳුළු බිඳුවක් හෝ නොවැටේ. මාසික ඔසප් වේදනාව දරාගැනීමට නොහැකි අප අතරේ ඇය වසර විස්සක් පමණ තිස්සේ වර්ධනය වී තිබූ හර්නියා අමාරුව දරාගනී.ඉඳින් ඇය ඇත් රැජිණියක් නොවන්නේද.



       අම්මා සැත්කම සඳහා ශල්‍යාගාරය ගත් වෙලේ සිට සිත මහත් තනිකමකින් පෙලෙයි.වචනයෙන් මේසායැයි විස්තර කළ නොහැකි තරමටම මහත් පාළුවක් මට දැනුණි.



      මගේ සිතට මහත් බියක් දැනුනෙ ඇය මට නැතිවේයැයි කියාය . මගේ හදවත එදා හැඬු හැටි, එදා දැනුණු පාළු මූසල හැඟීම් මතක් කිරීමටද අද මට බියක් දැනේ.



    මගේ ඇත් රැජිණිය එදා සුව වී නිවසට ගියේ මම සිතින් මේ ලොව වෙසෙන තිස්තුන් කෝටියක් දෙවියන්ට හිතින් පින් දෙන අතරේය.



      නමුත් දිනක් මාස් පතා පැවති සායනයට ගොස් පැමිණෙන දිනක ඇයගේ සුදු හැට්ටය බඩ ලඟින් ලේ තැවරී තිබුණා ය. බස් එකේ ගොස් පැමිණෙන විට ඇයගේ තුවාලය පෑරී ඇත. නමුත් ඒ දෙඇස්වලින් එකම එක කඳුළු බිඳුවක් හෝ නොවැටුණි.



      ඇය අප කුඩා කළ මෙන් නොව දැන් මාගේ හොඳම මිතුරිය වී ඇත.අම්මා කෙනෙක් සිටිය යුත්තේ එසේ යැයි මට දැන් තේරෙයි.දඬුවම් කළ යුතු කාලයේ ඇය කාගෙත් විරුද්ධත්වය මැද අපට දඬුවම් කළාය. දැන් ඇය අපට මිතුරියක් වි ඇත.



    ඉරටුවක් නැවිය යුත්තේ ලපටි කාලයේය.ඇයද එසේ ය . අප දෙදෙනා බිහිකළ ඒ කුස දැනට තුන් සැරයක් කපා ඇත.අක්කාත් මමත් ඇයට ලැබුණේ සිසේරියන් සැත්කම මඟිනි



      අඹගෙඩියක් කැපීමට ගොස් අතක් කැපුන විට,ඉදිකටුවක් ඇනුණු විට අප හඬනගා හඬනවා නොවේද ? ඒත් ඇයගේ නෙතින් එක කඳුළු බිඳුවක් හෝ නොවැටුණි.



***__***__***__***__***__***__***__***__***



    මම වර්තමානයට පැමිණියේ කේතලයේ හඬත් සමඟිනි. ඇය දැන් නැවත එම සැත්කම සඳහාම රෝහල් ගත කර ඇත.

    මම අප්පච්චිට තේ එක ගෙන ගොස් දෙනවිට සුදු අම්මාද පැමිණ ඇත.ඇය මගේ මිත්තණියයි.


" අනේ ලොකු දූගෙ බඩේ කැලලවත් මැකිල නැතුව ඇති.....හතර පාරක්ම බඩ කැපුවා .....ඒකි කොහොම ඉවසන් ඉන්නවද දන්නැහැ....🥺💔"


   සුදු අම්මාගේ කතාව මගේ හදවතට කුළුගෙඩි පහරක් වැදුනා හා සමාන විය.



     අක්කා ලැබෙන්නට සිටි නිසා කල් දැමූ සැත්කම නිසා ඇය දැන් විඳවයි.ඒ අක්කාට ඇති ආදරය නිසාය.තම දරුවා වෙනුවෙන් ඇය මාරයාට ජීවිතය උකස් කළාය.



   අක්කාගේන් දුරකතන ඇමතිමක් ලැබුණි.


" අම්මට කොහොමද අක්කේ "



" අඩුයි නංගි .හෙට හවස ටිකට් කපන කතාවක් කිව්වා."



" අම්මට දෙන්න පොඩ්ඩක් .අම්මේ අමාරුයි ද ගොඩාක් "



"  නෑ සුදුනෝනා...දැන් අමාරුවක් නෑ ...කෑවද ... ඉස්කෝලේ ගියාද..."



   ඉතිං මට නොහඬා සිටිය හැකිද.ඇය අර තරම් වේදනාවක් දරාගෙනද මාගැන සිතයි.මගේ අනාගතය ගැන සිතයි . ඇය නොවේද අම්මා යැයි කියන්නේ .



" ඔව් අම්මේ..." මට කතා කරගැනීමට නොහැක හදවත ගොළු වී ඇත.


" හෙට හවස එන්න පුලුවන් වෙයි.සුදුනෝනා හෙට ඉස්කෝලේ යන්න හොඳේ"


" හා අම්මේ" දුරකතනය පසෙක තැබූ මම කාමරයට ගියෙමි.

***__***__***__***__***__***__***__***__***



     කොට්ටය බදාගෙන මම හැඬුවෙමි.දුක සතුට මිශ්‍ර හැඟීමකින් මම හැඬුවෙමි.ඇය මගේ අම්මා වීම මම මෙලොව ලැබූ වටිනාම ත්‍යාගය නොවේද.


    මේ තරම් වේදනාවක් දරාගෙන සිටින ඇය ඇත් රැජිණියක් නොවන්නේද.



    වේදනාව මේ තරම් දැනෙත්දීත් නොහඬන ඇය එදා හැඬුවේ අප ගැන වූ සතුට නිසාය.ඉඳින් මම අදිටන් කරගමි ඒ දෙඇස කඳුළින් සරසන බවට. ඇයගේ ඇස්වලින් කඳුළු ගලනුයේ අප ගැන ඇයට දැනෙන සතුට ආඩම්බරය නිසාය.මම ජිවිතේ පුලුවන් හැම අවස්ථාවකම ඒ දෙඇසට කඳුළු ගෙනෙමි


   ඒ ඇත් රැජිණිය අප වෙනුවෙන් කර දෙයට ප්‍රති උපකාරයක් නොවේ.ඒ මගේ හිත සැනසුම තකා පමණි. අම්මාගේ ගුණ කුමකට උපමා කරම්ද මම ..... ඇයයි.... මේ ලොව උපමාවක් කිරීමට නොහැකි කත..



   ඇත් රැජිණියකි ඇය මට සැමදා මේ ජීවිතයට හයියක් වෙන🥺❤️


***__***__***__***__***__***__***__***__***



මේක ඇත්ත කතාවක් හැබැයි මගේ අම්මා ගැන නෙමෙයි 🥺❤️
සචී නංගියගේ( පුංචි නයිටිංගේල්ගේ ) අම්මාට ඉක්මනටම සනීප වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🥺❤️


මේ කතාව ජීවිතේ මාරයාට උකස් කරපු හැම අම්ම කෙනෙක් නමටම උපහාරයකි 🥺❤️
***__***__***__***__***__***__***__***__***


අදහසක් කියන්න . මම ඇත්තටම දන්නේ නෑ ඔයාලට මේක දැනුනද කියලා . ඒ නිසා  කතාව ගැන අදහසක් දක්වන්න තමයි කාරුණික වෙන්න 🥺❤️


පුලුවන්නම් අම්මගේ ඇස් දෙකට සතුටු කඳුළු විතරක් දෙන්න .ඔයාට හිතන්න බැරි තරම් පිනක් ඔයා කරගන්නේ.🥺❤️

මොකද ඒ ඇස්වල එක කඳුළු බිඳුවක් ඔයා නිසා දුකින් වැටෙනවා කියන්නේ ඔයාට ගෙවන්න බැරි තරම් පවක්. 🥺❤️


***__***__***__***__***__***__***__***__***

මගේ අනිත් කතා , නිසදැස් කියවන්න ආස අය ඉන්නවනම් සිත්තම් දැහැන ☘️☘️☘️ tellegram channel එකට ඇඩ් වෙන්න .


පරිස්සමින් ඉන්න

මම ,

SeNu CraZy wRiter 🍃❤️🥰



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!