zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

SpaceX කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට සැරසෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මෑත කාලය වන තෙක් ම අභ්‍යවකාශ ගවේෂණයේ සහ රොකට් තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ලෙස පමණක් සැලකුණු SpaceX සමාගම, මේ වන විට කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය වෙත සිය දැඩි අවධානය යොමු කරමින් සිටිනවා. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් පසුගිය දා සිය සේවක මණ්ඩලය අමතා කළ ප්‍රකාශ කළේ, ඉදිරි වසර කිහිපය තුළ සමාගමේ සමස්ත වටිනාකමින් සියයට අනූ නවයක් ම කෘත්‍රිම බුද්ධි මෙහෙයුම් මත රඳා පවතිනු ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2028 වසර වන විට SpaceX සමාගමේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 300ත් 500ත් අතර දැවැන්ත අගයක් දක්වා වර්ධනය වනු ඇතැ යි ඔහු පුරෝකථනය කරනවා.

SpaceX සමාගම මෙතෙක් Falcon 9, Falcon Heavy මෙන් ම Crew Dragon කැප්සියුල අභ්‍යවකාශයට යැවීමෙන් ලැබූ ආදායමට වඩා වැඩි ආදායමක් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයෙන් උපයා ගැනීමට අපේක්ෂා කරනගෙන සිටිනවා. මේ වන විට ඔවුන් ගිගාවොට් 1.4ක AI පරිගණක බලයක් (AI compute) සතු කරගෙන සිටින අතර, 2027 වසරේ අවසානය වන විට එය ගිගාවොට් 10 දක්වා ඉහළ නැංවීම ප්‍රධාන අරමුණයි. මෙම දැවැන්ත පරිගණක බලය තාක්ෂණික සමාගම් වෙත ලබාදීම හරහා වොට් එකකට ඩොලර් 30 ත් 50 ත් අතර ආදායමක් ඉපයීමට සමාගම සැලසුම් කරගෙන සිටිනවා.

මෙම තාක්ෂණික විප්ලවයේ ඊළඟ පියවර ලෙස Starmind නමින් හඳුන්වන කෘත්‍රිම බුද්ධි චන්ද්‍රිකා දස ලක්ෂයක් පමණ පහළ පෘථිවි කක්ෂය වෙත යැවීමට SpaceX සමාගම සැලසුම් කරමින් සිටින අතර, තවමත් සංවර්ධන මට්ටමේ පවතින, සම්පූර්ණයෙන් ම නැවත භාවිත කළ හැකි දැවැන්ත Starship රොකට්ටුව මෙම විශාල චන්ද්‍රිකා ජාලය අභ්‍යවකාශගත කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරගෙන සිටිනවා. සමාගම පවසන්නේ මෙය අනාගත කෘත්‍රිම බුද්ධි මෙහෙයුම්වල සන්නිවේදන ජාලය ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.

මෙම ව්‍යාපෘතියේ දීර්ඝකාලීන සැලසුම් පෘථිවියෙන් ඔබ්බට ද විහිදෙනවා. අනාගතයේ දී සඳ මත කර්මාන්තශාලා ස්ථාපිත කරමින් පෘථිවියෙන් පිටත දත්ත මධ්‍යස්ථාන ගොඩනැගීමට ද SpaceX අපේක්ෂා කරනවා. මෙම චන්ද්‍රිකා සහ දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපාංග සඳ මත සිට විද්‍යුත් චුම්බක ප්‍රවේගකාරක (electromagnetic mass drivers) භාවිතයෙන් අභ්‍යවකාශයට මුදා හැරීම ඔවුන්ගේ උපායමාර්ගයයි. මානව වර්ගයාගේ දියුණුවට සහ අනාගත අභ්‍යවකාශ ගවේෂණ සඳහා මනුෂ්‍යත්වයට හිතකාමී කෘත්‍රිම බුද්ධි පද්ධතියක් නිර්මාණය කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඉලෝන් මස්ක්, අනාගතයේ දී අඟහරු හෝ සඳ වෙත යාමට කැමති SpaceX ආයතනයේ ඕනෑ ම සේවකයෙකුට අනාගතයේ දී ඒ සඳහා අවස්ථාව හිමිවන බවට ද සහතික වී තිබෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/iNyUGFH
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!