zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් අද නිවේදනය කළේ මෙම තහනම 2027 වසරේ මුල් භාගයේ දී බලාත්මක වීමට නියමිත බවයි.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, දරුවන් සමාජ මාධ්‍යවලින් ඈත් කර තැබීම ‘බ්‍රිතාන්‍යය ගත් නිවැරැදි ම පියවරක්’ වන අතර, එය අන්තර්ජාලය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ හොඳම ක්‍රමය බවයි. මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිරීති එළඹෙන නත්තලට පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට රඑට රජය සැලසුම් කර තිබෙනවා.

මෙම නව නීති යටතේ වයස 16ට අඩු දරුවන්ට Snapchat, TikTok, YouTube, Instagram, Facebook සහ X වැනි ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය වේදිකාවලට ප්‍රවේශ වීම තහනම් වනු ඇති.

එමෙන් ම, පරිගණක ක්‍රීඩා වේදිකා (gaming platforms) ඇතුළුව අනෙකුත් යෙදුම් හරහා ළමුන්ට සජීවී විකාශන සිදුකිරීමට ඇති හැකියාව වැළැක්වීම ද මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් කර තිබෙනවා. ඊට අමතර ව, නාඳුනන පුද්ගලයින්ට වයස අවුරුදු 16ට අඩු ළමුන් සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසන ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම අවහිර කෙරෙනවා. 16 සහ 17 හැවිරිදි යෞවනයින් රාත්‍රී කාලයේ සමාජ මාධ්‍යවල රැඳී සිටීම පාලනය කිරීමට විශේෂ කාල සීමාවන් හඳුන්වා දීමට ද එරට රජයේ අවධානය යොමු ව තිබෙනවා.

එසේ ම නව නීති මඟින් ලිංගික හෝ ආදර සබඳතා අනුකරණය කරන කෘත්‍රිම බුද්ධි චැට්බොට්ස් භාවිත කිරීමේ අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නංවා තිබෙනවා. කෙසේ වෙතත්, WhatsApp සහ Signal වැනි පෞද්ගලික පණිවිඩ හුවමාරු සේවා මෙම සමාජ මාධ්‍ය තහනමට ඇතුළත් නො කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා.

බ්‍රිතාන්‍යයේ මෙම තීරණය, ලොව පුරා සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ගනු ලබන දැඩි තීරණවල තවත් එක් පියවරක් ලෙස හඳුනාගත හැකියි. ඕස්ට්‍රේලියාව මේ වන විටත් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා ලොව ප්‍රථම පූර්ණ සමාජ මාධ්‍ය තහනම පනවා තිබෙනවා. මීට අමතරව චීනය, වියට්නාමය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, ප්‍රංශය සහ මැලේසියාව වැනි රටවල් ද දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි සීමාවන් සහ නීති සම්පාදනය කරමින් සිටිනවා.



from Vidusara Science Magazine https://ift.tt/1KuOoXs
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!