zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA ආයතනයේ ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් ප්ලූටෝ හට ග්‍රහලෝකයක් ලෙස පැවති තත්ත්වය සහ පිළිගැනීම නැවතත් ලබා දිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී NASA ප්‍රධානියා ලෙස පත් වූ බිලියනපති තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ ගගනගාමියෙකු ද වන අයිසැක්මන්, මෙසේ ප්‍රකාශ කළේ පසුගිය අප්‍රේල් 28 වන දා පැවති ඇමරිකානු සෙනෙට් සභික මඩුල්ලේ අනුකමිටු රැස්වීමක දීයි. 2027 වසර සඳහා වන NASA අයවැය ඉල්ලීම් සම්බන්ධයෙන් පැවති මෙම සාකච්ඡාව අවසානයේ දී, සෙනෙට් සභික ජෙරී මොරාන් විසින් ප්ලූටෝ පිළිබඳව විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ තමන් ප්ලූටෝ යළිත් ග්‍රහලෝකයක් කළ යුතු යන මතයේ දැඩි ව සිටින බවයි.

1930 වසරේ දී අමෙරිකානු ජාතික ක්ලයිඩ් ටොම්බෝ විසින් සොයා ගන්නා ලද ප්ලූටෝ, ඇමරිකානුවන්ගේ විශේෂ ආදරයට පාත්‍ර වූ ග්‍රහලෝකයක්. කෙසේ වෙතත්, 2006 වසරේ දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) විසින් ප්ලූටෝ හට ග්‍රහලෝකයක් ලෙස පැවති තත්ත්වය ඉවත් කර, එය වාමන ග්‍රහලෝකයක් ලෙස වර්ගීකරණය කරනු ලැබුවා. ඔවුන් හඳුන්වා දුන් නව නිර්ණායකයන්ට අනුව ග්‍රහලෝකයක් සූර්යයා වටා ගමන් කළ යුතු අතර, ගෝලාකාර වීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් තිබිය යුතු වනවා. එසේ ම, එය තම කක්ෂය අවට ඇති සුන්බුන් ඉවත් කර තිබිය යුතු වුවත්, ප්ලූටෝ කයිපර් පටියේ තවත් බොහෝ වාමන ග්‍රහලෝක සමඟ අවකාශය බෙදා ගන්නා බැවින් එම තෙවන නිර්ණායකය සපුරාලීමට අපොහොසත් වුණා.

මෙම තීරණය එවක දැඩි මතභේදයට තුඩු දුන් අතර, අදටත් ඇතැම් තර්ක නැඟෙන්නේ එම නිර්ණායකයන් විද්‍යාත්මක නො වන බව සහ ඒවා අසමාන ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි. පෘථිවිය සහ බ්‍රහස්පති වැනි ප්‍රධාන ග්‍රහලෝක ද ග්‍රහක රැසක් සමඟ තම කක්ෂීය අවකාශය බෙදා ගන්නා බව පෙන්වා දෙන ප්ලූටෝ හිතවාදීන්, ප්ලූටෝව පමණක් මෙලෙස ‘කොන් කිරීම’ ගැන ප්‍රශ්න මතු කරනවා. 2015 වසරේ දී NASA ආයතනයේ New Horizons යානය ප්ලූටෝ අසලින් ගමන් කරමින් ලබාගත් ඡායාරූප මඟින් ප්ලූටෝ යනු නයිට්‍රජන් අයිස් ග්ලැසියර, උස් කඳු පන්ති සහ විවිධ භූගෝලීය ලක්ෂණවලින් පිරි ඉතා සංකීර්ණ ලෝකයක් බව අනාවරණය වුණා.

ප්ලූටෝ සොයාගත් ක්ලයිඩ් ටොම්බෝ හට හිමිවිය යුතු ගෞරවය යළිත් ලබා දීම සඳහා මෙම සංවාදය නැවත විද්‍යාත්මක ප්‍රජාව තුළට ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බව NASA ප්‍රධානී අයිසැක්මන් මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළා. ඒ සඳහා පර්යේෂණ පත්‍රිකා කිහිපයක් සකස් වෙමින් පවතින බවත්, එමඟින් මෙම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට NASA ආයතනය කටයුතු කරන බවත් ඔහු අනාවරණය කළා. කෙසේ වෙතත්, ප්ලූටෝගේ තත්ත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය පවතින්නේ ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) සතු ව බැවින්, NASA ප්‍රධානියාගේ මෙම ප්‍රයත්නය කොතෙක් දුරට සාර්ථක වේ ද යන්න දැනට අවිනිශ්චිතයි.



from Vidusara Science Magazine https://ift.tt/epZg6EU
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!