zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අලුත උපන් දරුවන්ට වැළඳෙන නව දියවැඩියා රෝගයක් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මෙතෙක් හඳුනා නො ගත්, ප්‍රවේණියෙන් උරුම වන නවතම දියවැඩියා විශේෂයක් හඳුනාගන්නට පර්යේෂකයන් සමත් ව තිබෙනවා. මෙය දරුවෙකු උපත ලබා ගත වන මුල් මාස කිහිපය තුළ මතු වන අතර, පසුකාලීන ව මොළයේ රෝගී තත්ත්වයන් ඉස්මතු කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

​එක්සෙටර් වෛද්‍ය විද්‍යාලය සහ බ්‍රසල්ස් ලිබ්රේ විශ්වවිද්‍යාලය ප්‍රමුඛ ජාත්‍යන්තර කණ්ඩායමක් විසින්, මුල් අවධියේ දියවැඩියාව සහ අපස්මාරය මෙන් ම අසාමාන්‍ය ලෙස කුඩා හිසක් උරුම වීම (microcephaly) වැනි ස්නායු රෝගවලින් පෙළෙන බිළිඳුන් හය දෙනෙකු අධ්‍යයනය කර ඇති අතර, එහි දී මෙම රෝගී තත්ත්වයට හේතුව TMEM167A නැමැති තනි ජානයක සිදුවන හානිකර වෙනස්කම් බව සොයාගෙන තිබෙනවා.

​මෙම ජානය ඉන්සියුලින් නිපදවන අග්න්‍යාශයේ බීටා සෛලවල සහ නියුරෝනවල ක්‍රියාකාරීව පවතින අතර, එය විකෘති වූ විට, රුධිරයේ සීනි පාලනය අඩාල වනවා පමණක් නොව මොළයට ද බලපෑම් එල්ල කරනවා. පර්යේෂකයන් පවසන්⁣නේ මෙම බිළිඳුන්ට පරිවෘත්තීය සහ ස්නායු රෝග යන ලක්ෂණ දෙක ම එකවර වර්ධනය වන්නේ මන්දැ යි ඉන් පැහැදිලි වන බවයි.

​TMEM167A ජානය ශරීරයට බාධා කරන්නේ කෙසේ දැ යි සොයා බැලීම සඳහා, පර්යේෂකයන් ප්‍රාථමික සෛල (stem cells) සහ ජාන සංස්කරණ මෙවලම් භාවිතා කරමින්, රෝගී දරුවන්ගේ පවතින විකෘතිතා අඩංගු කෘත්‍රිම බීටා සෛල රසායනාගාර තුළ නිපදවන ලදී. එම අත්හදා බැලීම්වලින් පෙනී ගියේ දෝෂ සහිත TMEM167A ජානය බීටා සෛල තුළ දැඩි අභ්‍යන්තර ආතතියක් ඇති කරන බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්සියුලින් නිපදවීමට සහ මුදා හැරීමට ඇති හැකියාව දුර්වල වී අවසානයේ සෛල මිය යාමට හේතු වනවා.

​බීටා සෛල සහ නියුරෝන යන දෙවර්ගයට ම TMEM167A ජානය එක ලෙස වැදගත් වන බැවින්, මෙම සොයාගැනීම් ඉන්සියුලින් නිෂ්පාදනය සහ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මූලික ජීව විද්‍යාව පිළිබඳ නව අවබෝධයක් ලබා දෙනවා. මෙම රෝගී තත්ත්වය දුර්ලභ වුව ද, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින වඩාත් පොදු දියවැඩියා වර්ග වර්ධනය වන ආකාරය පිළිබඳව කෙරෙන පර්යේෂණ වෙත ආලෝකයක් ලබා දීමට මෙම පර්යේෂණය සමත් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/RFkmw0Y
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!